IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


මසුන් මැරීමට පුපුරණ ද්‍රව්‍ය යොදා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

අමදෝරු අමරජීව
 
මසුන් මැරිම සඳහා යොදා ගැනීමට “වෝටර් ජෙල්“නැමැති පුපුරණ ද්‍රව්‍ය කරල් 170ක් සන්තකයේ තබාගත් දෙදෙනෙකු ලබන 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මුතුර් මහේස්ත්‍රාත් මොහොමඩ් සම්සුදීන් මහතා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට නියම කළේය.
 
මෙසේ බන්ධනාගාර ගත වුයේ මුතුර් කඩකඩචේනෙයි පදිංචි  පරමේෂ්වරන් යුවරාසා හා ත්‍රිකුණාමලය, ජමාලියා පදිංචි අමිර්දීන් අන්වර් යන අයයි. සාම්පුර් වෙරලේ බෝට්ටුවක දමා සඟවා තිබියදී මෙම වෝටර් ජෙල් සමඟ රෙගු ලේටර් තුනක්, ජි.පි.එස්.උපකරණ දෙකක්, ජංගම දුරකථන දෙකක්,ඔක්සිජන් ටැංකි පහක්, කිමිදුම් උපකරණ, යතුරු පැදියක්, එන්ජිමක් සහිත බෝට්ටුවක් ශ්‍රී ලංකා නාවික හමුදා මැරින් බළකාය විසින් අත්අඩංගුවට ගෙන තම දෙපාර්තමේන්තුවට වැඩිදුර පරික්ෂණ සඳහා බාරදුන් බව ධීවර පරික්ෂක  සංජිව රුවන් බණ්ඩාර මහතා මහේස්ත්‍රාත් හමුවේ පැවසීය.
 
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත් ලබන 10 වැනි දා සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනුකර ඉදිරිපත් කරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට නියම කළේය.


එය දෙපාර්තමේන්තුවේ සහාකර අධ්‍යක්ෂ ඊ.එම්.සී.බෝයගොඩ  ප්‍රාදේශීය ධීවර පරීක්ෂක  තිලක් බණ්ඩාර සෙනරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වේ.



අදහස් (0)

මසුන් මැරීමට පුපුරණ ද්‍රව්‍ය යොදා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31687 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14153 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11122 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 195 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 310 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site