චාමර විමලරත්න
කුලියාපිටිය නගරයේ ඉගෙනුම ලබන පෙර පාසලට සිය මාමා සමඟ ඔහුගේ යතුරු පැදියේ නැගී යමින් සිටි සිව් හැවිරිදි සිගිති දරුවකු යතුරු පැදිය ලොරියක ගැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති අතර යතුරු පැදිකරුද බරබතල තුවාල සහිතව කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි කුලියාපිටිය පොලිසිය පවසයි.
කුලියාපිටිය - මාදම්පේ මහ මාර්ගයේ කච්චේරිය හංදිය නුදුරේදී අද (04) මෙම මාරක රිය අනතුර සිදුවී ඇත. මෙහිදි මරණයට පත්ව ඇතතේ වල්පිටිගම ප්‍රදේශයේ පදිංචි සිටි එම්.එම්. චේතික මෙත්විරු ගුණවර්ධන නැමති සිඟිති දරුවෙකි. බරපතල තුවාල ලබා රෝහල් ගතකොට ඇත්තේ ආසිරි නිරෝෂන් හේරත් (29) නැමති අයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යතුරු පැදිවල පොඩි ළමයි ගෙන යාම තහනම් කරන්න විදියක් නැද්ද. නැති බැරි අය තමයි හැකි විදියට එහෙම යන්නේ නමුත් පාරේ යන අනික් අය ඒ ගැන හිතන්නේ නැහැනේ ඒ නිසයි මම එහෙම යෝජනාවක් කලේ. මොනවා වුනත් පොඩි දරුවන්ගේ ජීවිත ගැන අපි හිතන්න ඕන නේද. අනතුරකදී පොඩි අයට එයින් ගැලවීමට තේරුමක නැහැනේ ඒ නිසා මේ දේ වෙනවානම් හොදයි නේද. අනේ පොඩි ජීවිත බේරාගමු.