සිතුම් චතුරංග
වවුනියාව දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභීන්ගේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හත්දෙනකු අද (4) සිට සේවය අත්හිටවූ බව වවුනියාව දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය පවසයි.
වවුනියාව පුලියංකුලම සමෘද්ධි බැංකු සංගමයේ සමෘද්ධි ලාභීන්ගේ මුදල් රුපියල් ලක්ෂ හතකට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් පස්දෙනකුගේ සේවය හා වවුනියාව කැළෑ බෝගස්වැව සමෘද්ධි බැංකු සංගමයේ රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් වංචා කළ සමෘද්ධි සංවර්ධන නිලධාරියකුගේ ද සේවය අත්හිටවූ බව පැවසීය.
පසුගිය 2016 හා 2017 යන වසරවලදී පුලියන්කුලම සමෘද්ධි බැංකු සංගමයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වවුනියාව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාගේ උපදෙස් මත සමෘද්ධි අභ්‍යන්තර විගණන අංශය විසින් සිදුකළ විමර්ශනයක දී සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හයදෙනාගේ වැඩ තහනම් කළ බව වවුනියාව සමෘද්ධි කාර්යාලය පැවසීය.
සමෘද්ධි කාර්යාලය පැවසූයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ මුදල් වල මුද්දර අගය වැඩිකර හා සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අත්සන් ව්‍යාජ ලෙස භාවිතා කර මෙම පිරිස මුදල් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd