සිතුම් චතුරංග
වවුනියාව දිස්ත්‍රික්කයේ සමෘද්ධි ලාභීන්ගේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හත්දෙනකු අද (4) සිට සේවය අත්හිටවූ බව වවුනියාව දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලය පවසයි.
වවුනියාව පුලියංකුලම සමෘද්ධි බැංකු සංගමයේ සමෘද්ධි ලාභීන්ගේ මුදල් රුපියල් ලක්ෂ හතකට ආසන්න මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් පස්දෙනකුගේ සේවය හා වවුනියාව කැළෑ බෝගස්වැව සමෘද්ධි බැංකු සංගමයේ රුපියල් ලක්ෂ දෙක හමාරක මුදලක් වංචා කළ සමෘද්ධි සංවර්ධන නිලධාරියකුගේ ද සේවය අත්හිටවූ බව පැවසීය.
පසුගිය 2016 හා 2017 යන වසරවලදී පුලියන්කුලම සමෘද්ධි බැංකු සංගමයේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් දිස්ත්‍රික් සමෘද්ධි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වවුනියාව දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාගේ උපදෙස් මත සමෘද්ධි අභ්‍යන්තර විගණන අංශය විසින් සිදුකළ විමර්ශනයක දී සමෘද්ධි සංවර්ධන නිලධාරීන් හයදෙනාගේ වැඩ තහනම් කළ බව වවුනියාව සමෘද්ධි කාර්යාලය පැවසීය.
සමෘද්ධි කාර්යාලය පැවසූයේ සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ මුදල් වල මුද්දර අගය වැඩිකර හා සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ අත්සන් ව්‍යාජ ලෙස භාවිතා කර මෙම පිරිස මුදල් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
441
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
246
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වවුනියාවේ සමෘද්ධි නිලධරයෝ 7 කගේ වැඩ තහනම් කරති