ඩී.ජී.සුගතපාල
ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ පළමු වසරේ සිසුවියකට අමානුෂික ලෙස නවකවදය දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටි දෙවැනි වසරේ සිසුවෙකු හා සිසුවියන් හතර දෙනාගෙන් එක් අයකු රුපියල් පහළොස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනවිය අද (3) නියෝග කළාය.
ඇප නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට දැඩි ලෙස අවවාද කරමින් ඉදිරියේදී මෙවැනි සිද්ධීන් වලට සම්බන්ධවී තිබුණොත් ඇප අවලංගු කරන බවද පැවසුවාය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ එම ආයතනයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන හෙට්ටිආරච්චිගේ උදිත නිරෝෂ, අබේගුණවර්ධන සමරසිංහ රසික දිල්ශානි, සමරක්කොඩි මලිදුව ආරච්චිගේ නදීකා ප්‍රියදර්ශණි, මොහොට්ටිගේ චන්ද්‍රිකා දර්ශනී, පහලවත්ත හෙට්ටිගේ යුරේකා ලක්රුවනී යන සිසුවා සහ සිසුවියන් සිව් දෙනාය.
බෙලිඅත්ත ප්‍රදේශයේ සිට පැමිණ ඇති පළමු වසරේ සිසුවියක් තමාට අමානුෂික ලෙස නවකවදය දෙන බව පවසා ඉකුත් 19 වැනි දා අක්මීමන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ඒ අනුව පරික්ෂණ පැවැත්වීමෙන් පසු පොලිසිය සැකකාර සිසුවා සහ සිසුවියන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන ඉකුත් 20 වැනි දා සවස අතිරේක මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ලබුදූව උසස් තාක්ෂණ ආයතනයේ 5 දෙනාට ඇප