IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අ’පුර මහාධිකරණයේ ත්‍රස්තවාදී ප්‍රහාර නඩු විභාග කිරිම පළාත් බද මහාධිකරණයට

(උපාලි ආනන්ද)


අනුරාධපුර අංක දෙක මහාධිකරණය තුළ මෙතෙක් කලක් විභාග වෙමින් තිබූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර වලට සම්බන්ධ සියළු නඩු විභාග කිරීම වහාම ක‍්‍රියාත්මක වන පරිදි උතුරු මැද පළාත් බද මහාධිකරණයට යොමු කර තිබේ. 


අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙප් මහතාගේ නියෝගයනට අනුව ප‍්‍රහාර  වලට සම්බන්ධ නඩු මෙලෙස අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ සිට උතුරු මැද පළාත් බද මහාධිකරණයට යොමු කරන ලැබ ඇත.


එල්ටීටීඊ සංවිධානය විසින් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගුවනින් හා ගොඩ බිමින් ප‍්‍රහාර එල්ලකර රුපියල් කෝටි 400 ක් පමණ වටිනා ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානා දහයක් සම්පූර්ණයෙන්ම විනාශ කර තවත් ගුවන් යානා හයක් අර්ධ වශයෙන් විනාශ කර ආරක්ෂක අංශ සාමාජිකයින් 14 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව පලාලි සිට රත්මලාන දක්වා පියාසර කරමින් තිබූ ඇන්ටෙනෝ 32 වර්ගයේ ගුවන් යානයකට විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ඉහල අහසේදී මිසයිල ප‍්‍රහාරයක් එල්ල කර ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයින් එම ගුවන් යානය පදවමින් සිටි රුසියානු ගුවන් නියමුවා  සහ කාර්ය මණ්ඩලය ඇතුළු 37 දෙනෙකු මරණයට පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුව විල්පත්තුව  ජාතික වනෝද්‍යානයේ ආරක්ෂක තත්වය පරික්ෂා කිරීමට යමින් සිටි ශ‍්‍රි ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට  දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව මෙලෙස වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ සිට උතුරු මැද පළාත් බද මහාධිකරණයට යොමු කර තිබේ. 


උතුරු මැද පළාත් බද මහාධිකරණයේ වත්මන් විනිසුරුවරයා ලෙස කටයුතු කරන්නේ මහේෂ් වීරමන් මහතායි මේ අතර මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 30 දෙනෙකු මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රාහාරයකින් මරණයට පත් කිරීමේ සිද්ධියට අදාළ නඩුව තවදුරටත් විභාගයට ගැනෙන්නේ අනුරාධපුර අංක දෙක මහාධිකරණය තුළය. ඒ එම නඩුව විභාග කිරීම සඳහාම  ගම්පහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා විසින් පත්කර තිබීමයි.  



අදහස් (0)

අ’පුර මහාධිකරණයේ ත්‍රස්තවාදී ප්‍රහාර නඩු විභාග කිරිම පළාත් බද මහාධිකරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 441 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 246 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site