රොමේෂ් මධුෂංඛ
වව්නියාව කුරුමන්කාඩු ප්‍රදේශයේ පිහිටි වෙළඳසැල් 3 ක් කොල්ල කා සැකකරුවන් පලා ගොස් ඇති බවට වව්නියාව පොලීසිය පවසයි.
කුරුමන්කාඩු ප්‍රදේශයේ එකට පිහිටි වෙළඳසැල් 3 කට ඊයේ රාත්‍රීයේ කිසියම් කොල්ල කල්ලියක් අගුලු කඩා ඇතුල් වී ඇති අතර ඇතුල් වූ කල්ලිය විසින් වෙළඳසැල්හි තිබූ මුදල් හා භාණ්ඩ සියල්ලක්ම රැගෙන ගොස් ඇති බවට මූලික පරික්ෂණ සිදු කරන වව්නියාව පොලීසිය කියා සිටියේය.
අදාළ වෙළඳසැල්හි හිමිකරුවන් රාත්‍රීයේ වෙළඳසැල් තුළ නොසිටින අතර අද (11) උදෑසන වෙළඳසල් විවෘත කිරීමේදී වෙළඳසැල්හි අගුල් කඩා භාණ්ඩ රැගෙන ගොස් තිබීම නිසාවෙන් ඒ පිළිබඳව වව්නියාව පොලීසියට දැනුම් දී ඇත.
කෙසේ වෙතත් කොල්ල කල්ලිය කව්රුන්දැයි යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කොල්ල කා ඇත්තේ දුරකතන අලෙවිසැලත් ,සිල්ලර වෙළඳසැලක් හා විසිතුරු භාණ්ඩ වෙළඳසැලක් වන අතර සිදුව ඇති පාඩුව මෙතෙක් ගණනය කර නොමැති බවත් සැකකරුවන් සොයා පරික්ෂණයක් ද ආරම්භ කර ඇති බවද වව්නියාව පොලීසිය පවසයි.


2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වවුනියාවේ සුපිරි වෙළඳසැල් 3 ක් කොල්ලකයි