(ජේ.කේ.එල් චාමින්ද)
වල් ඌරකු මරා ඌරු මස් ප්‍රදර්ශනය කරමින් මුදලට විකුණමින් සිටි පුද්ගලයකු කොට්ටව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.
මරා දැමු වල් ඌරාගේ හිස හා මස් කිලෝ දෙකක් පමණ මොහු ළඟ තිබි පොලිසිය මගින් සොයා ගනු ලැබීය.
මෙකී පුද්ගලයා වල් ඌරු මස් කොට්ටව ප්‍රදේශයේ තේ වත්තකට යන මාර්ගයේ දී විකුණමින් සිට ඇති බව පොලිසිය පවසයි.
වල් ඌරුමස් මුදලට විකිණිම තහනම් වන අතර අත්අඩංගුවට ගත් පුද්ගලයා 42 හැවිරිදි වියේ පසුවන කොට්ටව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මොහු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර හෙට (10) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd