(රොමේෂ් මධුෂංඛ)
අධික වටිනාකමකින් යුත් වාලම්පුරියක් යාපනයට රැගෙන යාමට සූදානම් කර තිබියදී කිලිනොච්චියේදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.
කිලිනොච්චිය කනක පුරම් ප්‍රදේශයේ සිට යාපනය දක්වා මෙම වාලම්පුරිය රැගෙන යන බවට ඊයේ (09) රාත්‍රියේදී කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කනකපුරම් ප්‍රදේශයේදී වාලම්පුරිය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අද (10) දිනයෙදී කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd