IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


යුද සමයේ දේවස්ථානයකට එල්ල වු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකෙරේ


 
රොමේෂ් මධුෂංඛ        

                          
යාපනය,නවාලි ශාන්ත පීටර් දේවස්ථානය වෙත යුද සමයේදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් ජිවිතක්ෂයට හා තුවාල ලැබූ සාමාන්‍ය වැසියන් පිරිසක් සිහිකරමින් 23 වැනි සැමරුම් වැඩසටහනක් ඊයේ (9) රාත්‍රීයේ යාපනය නවාලි ශාන්ත පීටර් දේවස්ථානයේ දී පැවැත්විණි.


1995 ජූලි 9 වැනි දා නවාලි හාන්ත පීටර් දේවස්ථානය වෙතට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති අතර එම ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින් 147 දෙනෙකු හා තුවාල ලැබූ 200 ක් පමණ දෙනා සිහි කරමින් මෙම සැමරුම් වැඩසටහන සංවිධානය කර තිබිණි.


යුද්ධය හේතුවෙන් ශාන්ත පීටර් දේවස්ථානයේ රැඳී සිටි අවතැන් වූ සාමාන්‍ය වැසියන් වෙතට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර ශාන්ත පීටර් දේවස්ථානයේ වත්මන් ප්‍රධානී රෝයි බෙනඩික් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් 23 වැනි සැමරුම් අවස්ථාව විශේෂ දේව මෙහෙයක්ද සිදු කරමින් පැවත්වීය.


දේව මෙහෙයෙන් පසුව මිය ගිය වැසියන් වෙනුවෙන් මල් පූජා කර පහන් දැල්වීමක්ද සිදු කළ අතර එම අවස්ථාවට ප්‍රහාරයෙන් මියගිය පිරිසගේ ඥාතීන් හා උතුරු පළාත් සභාවේ කාන්තා කටයුතු අමාත්‍ය ආනන්දි ශෂිධරන් හා එම්.කේ. සිවාජිලිංගම් යන අයද සහභාගී වුහ.



අදහස් (0)

යුද සමයේ දේවස්ථානයකට එල්ල වු ප්‍රහාරයෙන් මියගිය අය සිහිකෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site