IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මව්පියෝ උද්ඝෝෂණයක

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
විදුහලේ දැනට පවතින උග්‍ර ගුරු හිඟයට වහාම පිළියම් ලබා දෙන්නැයි ඉල්ලා තලවකැලේ සුමන ද්විතීක පාසලේ දෙමාපියන් පිරිසක් අද (10) විදුහල ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක නිරත වුහ.


සුමන ද්විතීක පාසලේ 6 වැනි ශ්‍රේණියේ සිට උසස් පෙළ  දක්වා පන්ති ඇති බවත් එහෙත් විදුහලට අවශ්‍ය තරම් ගුරුවරුන් මෙන්ම ස්ථිර විදුහල්පතිවරයකු නොමැතිවීම නිසා විදුහලේ ඉගෙනුම ලබන තම ළමුන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇතැයි  උද්ඝෝෂණයේ නිරතව සිටි දෙමාපියෝ පැවසුහ.


2012 වසරේ සිටම උසස් පෙළ වාණිජ්‍යය විෂය ඉගැන්වීමට ස්ථිර ගුරුවරයකු නොමැති බවත් මීට වසර තුනකට පෙර විදුහලට පැමිණි තාක්ෂණ විෂය හා ශිෂ්‍ය භට කාණ්ඩය භාර ගුරු මහතා ද පසුගියදා ස්ථාන මාරු ලබා විදුහලෙන් පිටව ගොස් ඇතැයි දෙමාපියෝ කියති. 


නානුඔය, රදැල්ල, පාමස්ටන්, ලිඳුල, ඩයගම, ආගරපතන, බෝපත්තලාව, මන්රාසිය, මෙරායා, ඇල්ජින්, නාගසේන, රහන්වත්ත, වටගොඩ, පතන, බෝගහවත්ත, වැනි බොහෝ ඈත ප්‍රදේශයන්ගේ සිට මෙම විදුහලට ළමුන් විශාල පිරිසක් පැමිණෙන බවත්, තලවකැලේ ආශ්‍රිත පවතින ප්‍රධාන විදුහලක් ලෙස සුමණ ද්විතීක පාසල නමක් දිනා සිටින පාසලක් බවත් දෙමාපියන් කියති.



අදහස් (0)

ගුරු හිඟයට විසඳුම් ඉල්ලා මව්පියෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 438 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site