(කාංචන කුමාර ආරියදාස)
ඉතිහාසයේ පළමු වතාවට පාසල් දරුවන් ඒකරාශි කර සීගිරි කැටපත් පවුරේ ලියැවී ඇති ගීත හා කවි තනු නිර්මාණය කර වාදන භාණ්ඩ සහිතව ගායනා කිරීමේ තරගාවලියක් පුරාවිද්‍යා සතිය වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව 07 දින පස්වරුවේ සීගිරියේදී පැවැත්විණි.
සීගිරිය ජල උද්යානදී කැටපත් පවුර පිටු පසින් පෙනෙන ආකාරයට මෙම ගීත ගායනා තරගවලිය පැවැත්වීම විශේෂත්වයකි.
සිගිරි කලාපයේ පාසල් වල සංගීත අංශ අතර පැවති මෙම කුරුටු ගීත ගායනා තරගාවලියෙන් දඹුල්ල වෑවලවැව මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම ප්‍රථම ස්ථානය හිමි කරගත්තේය.
එම කණ්ඩායම විසින් සීගිරි කැටපත් පවුරේ ලියැවී තිබූ
කොමුල් අමඩ් ලෙඩ් ලිනසී., ඒ බොන්ද මියුර් යහ බැ සී.
එ කපල් දල වන් දිගැ සී ,මන ජල්වයි සිත් නොමුසී,.
යන ගීතය ඉතා අලංකාරව ගායනා කළහ.
‘එම ගීයේ තේරුම බවට පත්ව තිබුණේ ඇය දැක්වූ කෝමල සිනහව කොමඩු ගෙඩියක බීජ පන්තියයි. ඇයගේ පිය තෙපල එහි මියුරු මදයයි. දිගු ඇස කොමඩු ගෙඩියේ පිට පොත්ත වැනියි , එවන් ලද මා හදවත දල්වයි සිත ඈ කෙරෙන් නොමුදෙයි.‘ යන්නය.
මෙහිදී තවත් පාසල් 10 ක දු දරුවන් සඳහා ඔබ දුටු සීගිරිය මැයෙන් චිත්‍ර ඇඳීමේ වැඩසටහනක් මෙන්ම දින දෙකක පුරාවස්තු ප්‍රදර්ශනයක් ද පැවැත්විණි .මියගිය පුරාවිද්‍යා නිලධාරින් සිහිකර පුෂ්පෝපාහාර දැක්වීමද සිදුකෙරිණි .



2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සීගිරි කැටපත් පවුරේ ගීත ගායන කිරීමේ තරගාවලිය