සිතුම් චතුරංග
කිලිනොච්චිය පොලිස් බලප‍්‍රදේශය තුළ ගෙවල් බිඳුම් රැසක් සිදුකළ කොල්ල කල්ලියක සාමාජිකයින් හයදෙනකු තියුණු ආයුධ සමඟන් කිලිනොච්චිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
තියුණු ආයුධ රැගෙන ප‍්‍රදේශයේ හින්දු කෝවිල් හා නිවාස වලට පැන මුදල් හා දේපළ කොල්ලකෑම් සිදුකරන කණ්ඩායමක් පිළිබඳ කිලිනොච්චිය අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවටගත් සැකකරුවන් නිවාස මංකොල්ලකෑම සඳහා භාවිතා කළ මන්නා පිහි, යකඩ ඉන්නක්, නියන් සහ මිටි ඇතුළු උපකරණ තොගයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
සැකකරුවන් නිවාසවලින් සොරාගත් පරිඝණක යන්ත‍්‍ර , ටැබ්ලට් පරිගණක, රන්භාණ්ඩ හා ජංගම දුරකථන ද සොයා ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 17ත් 28 අතර වයසේ පසුවන්නෝ වෙති.
2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොල්ල කල්ලියක 6 ක් කිලිනොච්චියෙන් අල්ලයි