සිතුම් චතුරංග
කිලිනොච්චිය පොලිස් බලප‍්‍රදේශය තුළ ගෙවල් බිඳුම් රැසක් සිදුකළ කොල්ල කල්ලියක සාමාජිකයින් හයදෙනකු තියුණු ආයුධ සමඟන් කිලිනොච්චිය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
තියුණු ආයුධ රැගෙන ප‍්‍රදේශයේ හින්දු කෝවිල් හා නිවාස වලට පැන මුදල් හා දේපළ කොල්ලකෑම් සිදුකරන කණ්ඩායමක් පිළිබඳ කිලිනොච්චිය අපරාධ විමර්ශන ඒකකය විසින් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවටගත් සැකකරුවන් නිවාස මංකොල්ලකෑම සඳහා භාවිතා කළ මන්නා පිහි, යකඩ ඉන්නක්, නියන් සහ මිටි ඇතුළු උපකරණ තොගයක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
සැකකරුවන් නිවාසවලින් සොරාගත් පරිඝණක යන්ත‍්‍ර , ටැබ්ලට් පරිගණක, රන්භාණ්ඩ හා ජංගම දුරකථන ද සොයා ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිලිනොච්චිය ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 17ත් 28 අතර වයසේ පසුවන්නෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd