ජලය බොන්න ආ මුවන් මදු තියා ඝාතනය කළ අයෙක් අල්ලයි මදු තබා මුවන් සිව් දෙනෙකු ඝාතනය කර මස් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකායේ හම්බන්තොට කඳවුරේ නිළධාරින් හා හම්බන්තොට වනජීවි කාර්යාලයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 14 September 2018
හෙරොයින් ළඟ තබා ගත් කතට ජිවිතාන්තය දක්වා සිරදඬුවම් හෙරොයින් ග්‍රෑම් 3.85 ක් ළඟ තබාගැනීමේ චෝදනාවට වරදකරු වු ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ඒකනායක මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (14) නියම කළේය. 14 September 2018
මුතුරාජවෙල කාන්දු වු තෙල් ඉවත් කිරිම නවතයි මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන නලයක් පුපුරා යාමෙන් කාන්දු වූ තෙල් ඉවත් කිරීමේ කටයුතු නවතා දැමීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර ඇත. 14 September 2018
මිල සුත්‍රයෙන් ඉන්ධන මිල ඉහළට පමණයි - ජනපති ඉන්ධන මිල තීරණය කිරිම සඳහා මිල සුත්‍රයක් හඳුන්වාදෙනු ලැබුවද ඒය හඳුන්වා දුන් දින සිටම ඉන්ධන මිල ඉහළ යනවා මිස පහළට යන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (14) පෙරවරුවේ දී පැවසීය. 14 September 2018
අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කරයි මහ මුහුදේ ගිනි ගැනීමට ලක්වන නැව් බෝට්ටු වෙත ක්ෂණිකව ළඟා වී ගිනි ගැනීම් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් දික්ඕවිට ධීවර වරායේ දී දියත් කෙරිණි. 14 September 2018
‘විසිට් වීසා වලින් රට රැකියාවලට යන අය අල්ලන්න වැඩපිළිවෙළක් ඕනෑ’ ශ්‍රී ලාංකිකයන් නීත්‍යනුකූල නොවන අයුරින් සංචාරක වීසා මත විදේශ රැකියාවලට යැවීම නැවැත්වීම සඳහා වන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුළුවක් ගුවන්තොටුපලේ විවෘත කළ යුතු බවට බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින්ගේ සංගමය (ඇල්ෆියා) යෝජනා කරයි. 14 September 2018
ඩොලරය 164.37 නගී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් වාර්තාගත ලෙස පහළ යමින් අද (14) ඉතිහාසයේ පළමු වතාවට රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 164 සීමාව ඉක්මවා ගියේය. 14 September 2018
ශ්‍රිලනිප 67 වැනි සැමරුම වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වැනි සංවත්සරය හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපන්දිනය සැමරීම වෙනුවෙන් ලේ දන් දීමේ වැඩසටහනක් අද (14) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී පැවැත්විණි. 14 September 2018
අ’පුරේ රැඳවියෝ 8 ක් ආහාර වර්ජනය කරති සිය නඩු කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියන් අට දෙනෙකු අද (14) උදෑසන 8 සිට ආහාර වර්ජනයක නිරතව සිටිති. 14 September 2018
දකුණු ආණ්ඩුකාරවරයා ලක්ෂ 430 ක සැප රිය එපා කියයි දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් වාහනයක් ගැනීමට පළාත් සභාවෙන් වෙන්කළ රුපියල් ලක්ෂ 430 ක මුදලින් වාහනයක් ගැනීම ප්‍රතික්ෂේප කිරීමටත් එම මුදල දකුණු පළාතේ සංවර්ධන කටයුතු සදහා 14 September 2018
බාලවයස්කාර දැරිය අපයෝජනය කළ බේකරි බාස්ට දඩ අවුරුදු 13ක ඥාතී දියණිය අපයොජනය කළ බේකරි බාස්ට ලක්ෂ හතරක වන්දියක් හා දසදහසක දඩයක් ගෙවන ලෙස කෑගල්ල මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කළේය. 14 September 2018
ඉරාන ජාතිකයකු ස්පාඤ්ඤ ගමන් බලපතක් සමඟ අත්අඩංගුවට ව්‍යාජ ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව හරහා රෝමය වෙත ගුවන් ගත වීමට පැමිණි ඉරාන ජාතික ගුවන් මගියකු අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 14 September 2018
රවීට එරෙහිව සීඅයිඩිය නඩු පවරයි බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්කි ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රවී කරුණානායක මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ නඩු පැවැරීය. 14 September 2018
ත්‍රීරෝද රියේ හැපී කාන්තාවක් මරුට කතරගම සෙල්ලකතරගම පාරේ ගම්උදාව හන්දියේ දී ත්‍රී රෝද රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක මිය ගොස් ඇතැයි කතරගම පොලිසිය පවසයි. 14 September 2018
හොරණ කම්හලක ගෑස් කාන්දුවකින් 5 ක් රෝහලේ හොරණ වගවත්ත ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක ඇමෝනියා ගෑස් සිලින්ඩර 17 ක් පැටවූ ලොරියකින් ඉවත් කිරිමට යාමේ දී සිදු වු ගෑස් කාන්දුවකින් ස්වසන අපහසුතා ඇතිවූ පස් දෙනකු හොරණ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. 14 September 2018
මුලතිව්හි වෙඩිවැදුණු සරසවි සිසුවා මියයයි මුලතිව් පුදුකුඩිඉරිප්පු කොම්බාවිල් ප්‍රදේශයේදී කිසියම් පිරිසක් විසින් සිදු කළ වෙඩිතැබීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවා මිය ගොස් ඇති බව පුදුකුඩිඉරිප්පු පොලීසිය කියයි. 14 September 2018
බිරිඳ මරා සැමියා පොලිසියට බාරවෙයි තම බිරිඳට උදැල්ලකින් පහරදී ඝාතනය කළ පුද්ගලයෙකු පොලිසියට පැමිණ බාරවූ බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි. 14 September 2018
ආරක්ෂක රාජ්‍ය ඇමැති බංගලි නැවේ නිරීක්ෂණයක බංගලිදේශ නාවික හමුදාවට අයත් සොමුදා ජොයි නෞකාව මේ දිනවල කොළඹ වාරායට පැමිණ ඇත. 14 September 2018
දේශපාලන පළිගැනීම් වලට ජනතාව පාඩමක් උගන්වාවී විභාග කළ යුතු නඩු හාරලක්ෂ හැත්තෑ දහසක් තිබියදී දේශපාලන පළිගැනීම් සඳහා රජය විශේෂ අධිකරණයක් පිහිටුවා කටයුතු කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි. 14 September 2018
20 එජාපයේ කොන්ත්‍රාත්තුවක් - ලක්ෂ්මන් යාපා ජනතා විමුක්ති පෙරමුණ 20වැනි සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීම සඳහා යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි. 14 September 2018
බස්නාහිර පුටු ප්රශ්නය කෝප් කමිටුවට බස්නාහිර පළාත් සභාව මිල අධික පුටු මිලදී ගැනීමට ගෙන තිබූ තීරණය හා එහි මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා පළාත් සභාවේ ප්‍රධානීන් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇත. 13 September 2018
ලෝකය නැවත වරක් මූල්‍ය අර්බුදයකට - බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ලෝකය නැවත වරක් මූල්‍ය අර්බුදයකට යමින් සිටින බවට බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ගෝඞ්න් බ්‍රවුන් අනතුරු ඇඟවීය. 13 September 2018
ගාල්ල නගරයට ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවයි වක්වැල්ල ජල පවිත්‍රාගාරයේ සිටි ගාල්ල බීක්ක ප්‍රධාන ජල තටාකයට ජලය පොම්ප කරන නළ මාර්ගයක් පුපුරා යෑම නිසා ගාල්ල නගර සභා බලප්‍රදේශයට ජලය සැපයීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලා පවහන මණ්ඩලය පවසයි. 13 September 2018
හමුදාව මානව හිමිකම් උල්ලංඝනය කළැයි කියන චෝදනා අසත්‍යයක් මානව හිමිකම් උල්ලංඝනය කළ බවට විජයග්‍රාහී ශ්‍රී ලංකා හමුදාවට එල්ල වන චෝදනා සියල්ල අසත්‍ය යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නවදිල්ලි නුවරදී පැවැසීය. 13 September 2018
හමුදා ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම ගැන ජනපතිගේ අප්‍රසාදය ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව චෝදනා ඇත්නම් ඔවුන්ට එරෙහිව නඩු පවරනවා මිස අත්අඩංගුවට ගෙන ඔවුන් පීඩාවට පත් නොකළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) දහවල් පැවැති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 13 September 2018
සිංගප්පූරු ගිවිසුමට එරෙහිව යෝධ ප්රචාරක වැඩපිළිවෙළක් අරඹනවා සිංගප්පූරු ගිවිසුමට එරෙහිව යෝධ ප්රචාරක වැඩපිළිවෙළක් ලබන 17 වැනිදා සඳුදා අරඹන බව පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ‘‘ලංකාදීපයට‘‘ පැවැසීය. 13 September 2018
20ට එරෙහි වෙන්නැයි අභයතිස්ස හිමියෝ මන්ත්‍රීන්ගෙන් ඉල්ලති විසිවැනි සංශෝධනය සම්මත කරගන්නට උත්සාහ කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය නමැති පුහු සද්දය මැද්දේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ. 13 September 2018
දුර්ලභ ඝනයේ හම්බාවෙක් නිකවැරටියෙන් සොයා ගනී නිකවැරටිය වනජීවි කලාපයට අයත් ගෝනගම ප්‍රදේශයේ ගෙවත්තක අනතුරකට ලක්ව වැටී සිටි ’’හම්බාවෙකු’’ අද (13) නිකවැරටිය වනජීවි නිලධාරීන් විසින් බේරා ගෙන තිබේ. 13 September 2018
ළමා ආරක්ෂක අධිකාරියේ වසර 4ක වාර්තා නෑ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 2014, 2015, 2016 හා 2017 යන වසර හතරේම වාර්ෂික වාර්තා සකසා නැති බව එහි අධ්යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන මහත්මිය ‘ලංකාදීපයට‘ පැවසීය. 13 September 2018
ජනබලයේ කිරි පැකට් ගැන වෙන්නප්පුව ප්‍රා. සබේත් ගාලගෝට්ටියක් පාලක පක්ෂයේ පොදුජන පෙරමුණේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ ඇලෙක්ස් නිසාන්ත මහතා අද (13) පැවති ප්‍රාදේශීය සභා රැස්වීමේදී සභාවට නොබෝදා කොළඹ පැවති ජනබල උද්ඝෝෂණයේදී ලබාදුන් කිරි පැකට්ටුවක් ඉදිරිපත් කිරීම හේතුවෙන් සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය. 13 September 2018
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026