( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක ලියාපදිංචි කරන මෙන් දුන් අධිකරණ නියෝගයක් ක‍්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සම් විභාගය ලබන අපේ‍්‍රල් 04 වැනිදා සිදු කිරීමට අභියාචනාධිකරණය අද (06) නියම කළේය.
තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට අධිකරණයෙන් තීන්දුවක් දී තිබියදී එය ක‍්‍රියාත්මක නොකිරීමෙන් එම සභාව අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක වන මල්ෂානි සූරියආරච්චි විසින් ඉදිරිපත් කළ පෙත්සම අද (06) අභියාචනාධිකරණ වැඩබලන සභාපති දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
එහිදි විනිසුරු මඩුල්ල පෙත්සම විභාගය මෙදිනට දින නියම කරන ලදී.
පෙත්සම්කාරිය සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය ලබාගෙන සිටින තමන්ව ලියාපදිංචි කිරීම ප‍්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය තමන්ව ලියාපදිංචි කරන ලෙස ඉකුත් 2017 වසරේ ජනවාරි මස තිස් වැනිදා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත නියෝගයක් නිකුත් කළ බවයි.
එම නියෝගය ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ද තහවුරු කළ බව පෙත්සම්කාර සිසුවිය කියා සිටින්නීය.
ඒ අනුව තමන්ව ලියාපදිංචි කරන මෙන් නිකුත් කර ඇති අධිකරණ නියෝග ක‍්‍රියාත්මක නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් අදාළ උපාධිධාරී සිසුවිය විසින් අභියාචනාධිකරණයට මෙම පෙත්සම ගොනු කර ඇත.
පෙත්සම්කාර සයිටම් වෛද්‍ය උපාධිධාරිනිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා සමඟ නීතීඥ සුගත් කල්දේරා මහතා පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව හොර දොස්තරලා ලියාපදිංචි කරන්න රට විනාසයි
කුහක රජයේ වෛද්‍ය නිලදාරීන් සහ ඔවුන්ගේ පදයට නටන වෛද්‍ය සභාව නිසා අසරණ ළමයින්ට සිදුවී ඇති විනාසය.