(අජන්ත කුමාර අගලකඩ)
පොලිස් නිලධාරීන් 250ක් පසුගිය වසරේ සේවයේ යෙදී සිටියදී අසනීප හේතුවෙන් මියගොස් ඇතැයිද පොලිසිය අභ්‍යන්තරයේ කතාව ඛේදවාචකයක් බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොටුව ජනාධිපති මන්දිරයේදී අද(06) පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
පුවත් පත් කතුවරුන් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේදී පැවැති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්නවලට විසඳුම් ලැබී නැති බව කීවේය.
අසනීප, විවිධ මානසික ප්‍රශ්න ආදිය ඊට බලපා ඇතැයිද ජනාධිපතිවරයා පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති එම සාකච්ඡාවේදී පැවසීය.
ගෙවුණු වසර 20ක 25ක කාලය තුළ පොලිසිය බාරව සිටි ඇමැතිවරුන්, තමන් පොලිසිය බාර ඇමැති යැයි පෙන්වමින් ඔටුන්නක් දමාගෙන සැලියුට් ගස්සවා ගැනීම පමණක් කර ඇති බවද ඔවුන් පොලිසියේ දියුණුවට කිසිවක් කර නැති බවද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
පොලිස් නිලධාරිනියන් 2500ක් බඳවාගැනීමට ළඟදීම ගැසට් කරන බව කී ජනාධිපතිවරය උතුරු හා නැගෙනහිර පළාත්වලින් දෙමළ හා මුස්ලිම් තරුණයන්ද වැඩි වශයෙන් පොලිසියට බඳවාගැනීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මපා ඒත් ඇත්තයි. පොලිසිය ඔය කියන තත්වයට ඇද දැමුවේ කවුද කියලා ආපස්සට හැරිලා බැලුවා නම් තේරෙයි වරද කොතැනද කියලා. බැල මෙහෙවර කළොත් ඔක්කොම හරියි කියන උදවිය ලොකු පුටුවල ඉන්නකම් කොයි ආයාතනයටත් ඔයි ටික තමයි. පොලිසිය සුද්ධ කරන්න ඉස්සෙල්ලා දියවන්නාව සුද්ධ කරන්න. අනිකුත් ආයතන නිකම්ම සුද්ධ වෙයි.
පොලිසිය භාරගත්ත හොදම ඇමතිවරයා - මම නම් කියන්නේ ඊලග ආණ්ඩුවටත් ජාතික ලැයිස්තුවෙන් හරි අරගෙන පොලිස් ඇමති කම දිය යුතුයි.
40 අවුරුද්දක් දේශපාලනය කරාලු.. එකෙන් 30ක් විතර මන්ත්‍රී, ඈමති වෙලා හිටියලු. දෑන් අවුරුදු 3ක් ජනපති.. දෑන් තමයි තේරෙන්නෙ පොලිසියෙ අයගේ ගෑටලු ගැන. පොලිසිය ගැන දෑන ගන්න මෙච්චර කල් ගියානම්, අපි වගේ ජනතාවගේ ප්‍රශ්න ගැන තේරෙන්න තව අවුරුදු 50 - 60 යයි වගේ... හරි හරි 2050 පත් කරන්නම්කො ඔයාව
එතුමා වැඩක් කරගෙන යනවනේ... ඒ ගැන ස්තුති කරමු.
මෙතුමාගේ කතාවේ සත්‍යතාවක් තියෙනවා. පොලීසිය කොපමණ හොඳ කලත් බොහෝ මිනිසුන් එය අගය කරන්නේ නැහැ. වරද මහා ඉහළින් සොයනවා. සත්‍ය වශයෙන්ම ඔවුන්ට ප්‍රශ්න තියෙනවා. මට නම් ඒ නිල ඇඳුම් කට්ටලය පැයක් ඇඟේ දමාගෙන ඉන්න බැහැ. පොඩි නිලධාරීනට නිල ඇඳුමේ උඩ කොටස උඩින් දමාගෙන සිටීමට පොලිස් විනය අනුව බැහැ. ඇතැම් විට ඉහළ අයත් උඩ කොටස යටකර සිටින අවස්ථා තියෙනවා. තදින් උණුසුම තියන රටකට මේ ක්‍රමය ගැලපෙන්නේ නැහැ. ඉහින් කනින් දහදිය පෙරාගෙන සිටින ඔවුන්ගේ මානසික මට්ටම එතරම් හොඳ තත්වයේ පවතී යයි සිතීමට බැහැ. මේවා කාලීනව වෙනස් විය යුතු දේවල්. ජනපති තුමා පොලීසිය භාරව සිටින කාලයේ හොඳ ප්‍රගතියක් තිබෙනවා. ඒත් එතුමාට පෙර අය මොකුත්ම නොකෙරුවා කියා පවසන්නට බැහැ. කෙසේ හෝ පොලිස් සේවය රටට වැඩදායක අයුරින් සකස් කිරීම වගකිවයුතු සැමගේ යුතුකමක්.
පසුගියකාලේ පොලිසිය සම්බන්ධ ගොඩක් ප්‍රශ්න පත්තරේ තිබුණ නිසා එතුමා පත්තරේ බලනකොට එ්ක දකින්න ඇති.., දැන් එතුමා මේ පොලිසිය සම්බන්ධ ප්‍රශ්න ඔක්කොම විසඳාවි. එතුමා දෙයක් පොරොන්දු වුනොත් ඉටු කරලම තමයි පස්ස බලන්නේ.. නැහැ බැහැ වැනි වචන එතුමා පාවිච්චි කරන්නේ නැහැ..
අද බොහෝ ප්‍රදේශවල පොලිස් නිලධාරීන්ගේ නිල නිවාස පැරණි, අබලන් තත්වයේ පවතී. ඒවා මනුෂ්‍ය වාසයට යෝග්‍ය වන පරිදි සකසා දීම සඳහා ජනාධිපතිවරයාගේ අවදානය යොමුවේ යයි සිතමි. අද පොලිස් සේවයේ සිටින බොහෝ දෙනා අතීතයේ මෙන් අට වසර පමණක් සමත් වූ අය නොවන අතර, බොහෝ දෙනෙක් උසස් පෙළ හෝ උපාධිය සමත් අයවලුන් බැවින්, වර්තමානයේ වෘත්තීමය පොලිසියක් සැදීමට ඇති ඉඩකඩ වැඩි බවයි මගේ මතය.... ක්ෂේත්‍ර රාජකාරියේ නියැලෙන නිලධාරීන් සඳහා ස්තරවලින් අඩු, තුනී රෙදි වලින් නිමවූ, අත් කොට නිල ඇඳුම් ලබා දීම ලංකාව වැනි උණුසුම් කාලගුණයක් ඇති රටකට වඩා යෝග්‍ය යයි සිතමි.
ප්‍රශ්නයක් නෑ ඒකෙ පීඩනයනේ ත්රිරී වීල් මොටෝ බයික් වලින් පිරි මහන්නේ