(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 8 ට ආසන්න හොරොයින් මත්කුඩු තොගයක් සමග රත්මලාන අංජු නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙක් අද (6) පස්වරුවේ රත්මලාන කල්දෙමුල්ල හංදියේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
සැකකරුවන් දෙදෙනා මෙම මත්කුඩු තොගය ති‍්‍රරෝද රථයකින් ප‍්‍රවාහනය කරමින් සිටියදී විශේෂ කාර්ය බලකායේ රාජගිරිය කඳවුරේ බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව හෙරොයින් ග‍්‍රෑම් 98 ක ප‍්‍රමාණයක් තිබී ඇත.
මේවා රත්මලාන අංජු නැමැති මහපරිමාණ මත්කුඩු ජාවාරම්කරුට අයත් හෙරොයින් බවද පැවසේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන දුම්රිය හි පදිංචි දුමින්ද කුමාර (33) සහ ඇල්පිටිය ඇත්කදුර පදිංචි එරංග හර්ෂ (26) නැමැති සැකකරුවන් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සදහා ගල්කිස්ස පොලිසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාල කුඩුකාරයෝ කිහිප දෙනෙක් එමිරේට් රටේ ටෙලිෆෝන් කරන්න බැරි හිරගෙදරකට දැම්ම ගමන් පාතාලේ කුඩු බෙදාහැරීමේ ජාලය අවුල් වෙලා පසුගිය කාලේ දිගට හරහට් කුඩු තොග පිටින් අහුවෙන්න පටන් අරන් තිබෙන්නේ හරියට ශ්රී ලන්කන් ටීම් එකේ පසුපෙළ පිතිකරුවන් දැවී යනවා වගේ, තවදුරටත් වෙලේ සුදා ඇතුළු ලංකාවේ හිරේ ඉන්න කුඩු නායකයන්ගේ හිරේ ඉඳන් ගෝලයන්ට තිබෙන දුරකථන සම්බන්ධතාවය ඒ අය එල්ලලා හෝ මොනයම් ක්රමයකට සති 2-3 වත් කඩලා දමන්නන පුලුවන්නම් තව ටොන් කියක් අහුවේවිද ?