(නිමල කොඩිතුවක්කු)
මෙවර අයවැය මගින් ගුරු හා විදුහල්පති සේවාවල පවතින ගැටලු විසඳීමට රජය කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධ කරමින් ලබන 13 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ලංකාදිපයට පැවැසීය.
ගුරු හා විදුහල්පති සේවාවන්ට රාජ්‍ය සේවය තුළ පවතින බරපතල වැටුප් විෂමතාව විසදීම, අහිමිකළ මාස 30 ක හිග වැටුප හා අහිමිකළ විශ්‍රාම වැටුප නැවත ලබාදීමත්, අධ්‍යාපනයට දල දේශීය නශ්පාදිතයෙන් 6% වෙන්කිරීමත්, ඇතුළු ගැටළු සම්බන්ධව රජය කිසිදු අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.
එමෙන්ම 2016.01.01 දින සිට රාජ්‍ය සේවයේ පත්වීම් ලබන්නන්ට අහිමිකළ විශ්‍රාම වැටුප මෙවර ද ලබාදීමට කටයුතු කර නොමැති බවත් මේ මගින් රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම දිවිය සම්පුර්ණයෙන් අනාරක්ෂිත කර සමස්ථ රාජ්‍ය සේවය ගුණාත්මකව පිරිහිමට ඉඩහැර ඇති බවද ජයසිංහ මහතා පැවැසීය.
මෙවර අයවැය මගින් ප්‍රමාද වී හෝ මෙම ගැටළු විසඳීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට වහා පියවර ගන්නා ලෙස බලකර සිටින බවද මහින්ද ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයසිංහ මහත්තයෝ තමුන්ලා පුවත්පත් කියවන්නේ නැද්ද? අද දින පුවත්පත්වල තිබුණා ගුරුවරුන්ගේ වැටුප දෙගුණයක් වෙනවා කියලා. ළිදේ ඉන්නා ගෙම්බාවගේ නොඉඳ පක්ෂ දේශපාලන කණ්නාඩිය ඉවත්කර රටේ තොටේ ඇත්තටම සිදුවන්නේ කුමක්ද බලන්න දැන්වත් ඉගෙනගන්න.
වතු කම්කරුවන්ගේ දවසක වැටුප 1000 කරන්න කියලා කරපු උද්ගෝෂණය සාධාරණයි. ගුරුවරයෙක් දිනක වැටුප දැනට තියෙන්නේ රුපියල් 650 වගේ අගයක්. අවුරුදු 3ක් හෝ 4ක් උපාධිය කරලා, තවත් විභාගයකින් සමත්වෙලා පුහුණුවකිනුත් පස්සේ ගන්න ගුරුවුර්තියේ දිනක වැටුප 650- 850 අතර වෙන්නේ. ගෙදර ඉන්න ළමයි දෙන්නා බලාගන්න බැරුව අම්මලා කොච්චර වද වෙනවද. එත් එක ගුරුවරෙක් ළමයි 50 විතර බලාගන්නවා. අවම පහසුකම් ඇති පන්ති කාමර තුල. කිසිම ඇගයීමක් අද වෙනකම් කරලා නැහැ. අධ්‍යාපන සේවයේ ඉන්න කම්කරුවෙක් 20 000 විතර ගන්නකොට ගුරුවයෙක්ට ලැබෙන්නේ 22 000 විතර වැටුපක්. ඒ මදිවට, කිසිම සැලකීමක් නැතුව දුර පළාත්වලට මාරුවීම් දෙනවා. ඒ සදහා වියදම එකතු කලොත් මේ වැටුපට දැන් පොල් කඩන්නේත් නැහැ. මේක තම රටේ අධ්‍යාපනයට දීලා තියෙන සැලකිල්ල..
චමින්ද මහත්තයා දන්නවද ලංකාවේ අඩුම රාජ්‍ය සේවක වැටුප ලැබෙන්නේ ගුරුවරුන්ට බව.. දන්නැති දේවල් කතා කරන්නේ ඔබනේ. බැංකුවකින් ණයක්වත් ගන්න අමාරුයි අඩු පඩිය හින්දා..
ගෙම්බා මහතානෙනි මමත් රජයේ මාණ්ඩලික නිළධාරියෙකු සේ වැඩකර විශ්‍රාම ගත්ත අයෙක්. දැනුත් සමහර ආයතනවල වැඩකරන අය මගේ උපදෙස් ඉල්ලනවා. රජයේ සේවක වැටුප් චක්‍රලේඛ නිකුත්කල අවස්ථාවල වැටුල් චක්‍රලේඛ හොඳට කියවලා තියෙනවා. මගේ බිරිදත් ගුරුවරියක් ඒ නිසා ගුරු වැටුප් ගැනත් හොදටම දන්නවා නොදන්නා දේ ගැන නොකියා ඉන්නවද