සිසුවිය මැරූ පුතා පෝරකයට යවනවාට උසාවියට කැමැත්ත දන්වා අම්මා සසුන්ගත වෙයි
ගිරිබාව පොලිස් වසමේ සාලිය අශෝකපුර යාය දෙක ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි මධුෂාණි නමැති පාසල් සිසුවිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ තම පුතා එල්ලා මැරුවාට විරුද්ධත්වයක් නොමැති බව අධිකරණයට ප්‍රකාශ කරන බව කියා ලියුමක් ලියූ එම සැකකරුගේ මව වන ආර්.කේ. කුසුමාවතී මහත්මිය හිරියාල, පළුගොල්ල කුණ්ඩගල ආරණ්‍ය සේනාසනයේදී රාජාංගණයේ ධම්මදින්නා ලෙස ඊයේ (11) මෙහෙණි සසුනට පිවිසුණාය.