( තිළිණි ද සිල්වා )
බි‍්‍රතාන්‍යය ඇතුළු තවත් රටවල් කිහිපයක් එක්ව ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නව යෝජනාවේ කෙටුම්පතක් හෙට (05) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය හමුවට ඉදිරිපත් කෙරෙන බව ජිනීවා හි තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය ,වගවීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන එම යෝජනාව කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් සමඟ එක්ව ඉදිරිපත් කිරීමට බි‍්‍රතාන්‍යට කටයුතු කරනු ඇතැයි එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
2015 වසරේදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සම්මත කර ගත් යෝජනාව ඉදිරිපත් කිරීමටද බි‍්‍රතාන්‍ය ඇතුළු එම රටවල් මුල් විණි.
ලංකාව සම්බන්ධයෙන් වන මෙම නව යෝජනාවේ කෙටුම්පත හෙට (05) දින මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල නියෝජිතයින්ට නොනිල වශයෙන් ඉදිරිපත් කෙරෙන අතර එම නියෝජිතයින් අදහස් ලබා ගැනීම් වලින් අනතුරුව අවසන් යෝජනාව සකසා එය කවුන්සිලය හමුවේ සභාගත කිරීම ඉදිරි දිනවලදී සිදුවනු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
කෙසේ වෙතත් මෙලෙස ඉදිරිපත් කෙරෙන ලංකාව සම්බන්ධයෙන් වන නව යෝජනාවලියට ශ්‍රී ලංකා රජයට එරෙහිව කරුණු දැක්වීමට කැනඩාව කටයුතු කරනු ඇතැයි පැවසේ.
විශේෂයෙන් ඉකුත් අවසන් යුද අදියරේදී සිදු වූවායැයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් යුක්තිය පසඳලීමේ ඇති පමාව සම්බන්ධයෙන් කැනඩාව විවේචනාත්මකව ශ්‍රී ලංකාව ගැන කවුන්සිලය හමුවේ කරුණු දක්වනු ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග කියා සිටී.
මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන මෙම නව යෝජනාව හුදෙක් 2015 වසරේ සම්මත වූ යෝජනාවේ ඇතුළත් වගකීම් ක‍්‍රියාවට නැංවීම අවධාරණය කිරීම පමණක් ඉදිරිපත් කරන බවත් , ඒ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද බි‍්‍රතාන්‍ය රජය කටයුතු කරමින් සිටින බවද ජිනීවා තානාපති ආංරංචි මාර්ග වලින් පැවසේ.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් තත්ත්වය සලකා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි මහසභා සැසිවාරය මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 25 වැනිදා ස්විට්ස්ර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ කෙරුණි.
එම කවුන්සිලයේදී 2015 වසරේ සම්මත වූ ශ්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය ,වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය සම්බන්ධයෙන් වන යෝජනාවේ ප‍්‍රගතිය ගැන මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය විසින් සැකසූ සම්පූර්ණ ලිඛිත වාර්තාව කවුන්සිලය හමුවේ සභාගත කිරීම මෙවර සැසියේ සිදුවන බව ජිනීවා ආරංචි මාර්ග සඳහන් කර සීටී.
එම වාර්තාව ලබන 20 වැනිදා දහවල් 12.00 මානව හිමිකම් කවුන්සිලය හමුවේ සභාගත කෙරෙනු ඇතැයිද , ඉන්පසුව ඒ සම්බන්ධයෙන් පැය තුනකට ආසන්න කාලයක් විවාදයක් පැවැත්වෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසියට සහභාගී වන විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලත් දූත කණ්ඩායම සම්බන්ධයෙන් අද (04) වනතුරුත් අවසන් තීරණයකට පැමිණ නැතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග වලින් පැවසේ.
මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි මහ සභා ලබන 22 වැනිදා තෙක් පැවැත්වෙන හෙයින් ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් එතෙකඊට සහභාගී වනු ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර අපේ කනෙන් මිරිකද්දී මොන කෙහෙල්මලකට මේ සුද්දන්ට දෙකට නැමීගෙන යනවද මන්දා? මට නම් පෙනෙන්නේ අපේ දේශපාලනඥයින් උන් ලව්වා මේ යෝජනා දම්මනවා වගේ? අන්තිමට සියලු සබ්බ සකලමනාවම උන්ට ඕනෑ විදියට වෙනස් කරලත් අපේ රටෙන් භාගයකට යන එනමන් නැහැ. උන් කියන කියන විදියට හැරිලා නැමීගෙන ඉද්දිත් තවත් ටොකු අනිනවනේ? කෙහෙල්මල් කවුන්සිලේ, ඔන්න ඕක අල්ලලා දාලා අල බතල ටිකක් වවාගෙන කාල ඉන්නේ නැතුව.... අර උතුරු කොරියාව වගේ උන්නා නම් මෙලහට ලඟට ඇවිත් සාකච්ඡා කරනවා මොනවද ඕන කියලා.
අපි වැරද්දක් කරලා නැත්නම් මොකටද උඩ පනින්නේ? මොකටද බය වෙන්නේ? මොකටද එක එක්කෙනාට නැමෙන්නේ?
කොළොඹ, මරදාන, වගේ තැන්වල මහා බැංකුවේ බෝම්බ පිපිරෙනකොට ඔය කියන රටවල ඉන්න අය කොහෙද දන්නේ නැහැ හිටියේ,
කොටි උදව්වෙන් කැනඩාවට හොරෙන් ගිය දෙමල ආර්ථික සරණාගතයින්ගේ ඡන්ද ගැන හිතලා කැනේඩියානු දේශපාලකයින් කරන නාඩගම් ජවනිකාව නැවත වරක් ඔය කියන කවුන්සිලයේදී ආරම්භ වන වගයි.
ඔය ඔබ කියන විදියට තමයි බොහෝ දෙනෙක් ජොලියේ ඉන්නේ. එත් සිද්දවෙන්නේ අපි හීනෙකින්වත් නොහිතන දේවල්. අර දරුස්මන් වාර්තාවේ තියෙන දේවල් පට්ට පල් බොරු වුනත් ඒ වාර්තා සම්මත වෙන්නේ අපුරුවට. ඒ නිසා අපි අපේ රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉතා කල්පනාවෙන් වැඩ කරන්න වෙනවා. ඔය කියන විදියට හිටියොත් සොරිම තමා.