‘ජනබලය නිදහස් සංවාදශිලි විරෝධතා ව්‍යාපාරයක්’
ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ ජනබල මෙහෙයුම නිදහස් සංවාදශීලී විරෝධතා ව්‍යාපාරයක් ලෙස තමා දකින බවත්, ඔවුන්ට විපක්ෂය නියෝජනය කිරීමේ අනුමැතිය ලබාදුන්නේ ජනාධිපතිතුමා බැවින් එම පිරිසට විරුද්ධව හදිසි ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවයක් නැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය.