(තලවකැලේ - ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, දිඹුල- පතන ඩෙවෝන් දිය ඇල්ල අසල පිහිටි ඩෙවෝන් රක්ෂිත කැලෑවේ අද (02) දහවල් හටගත් ගින්නකින් එහි අක්කර 10ක පමණ බිම් ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.
ගිනිගැනීමත් සමඟ ඇතිවූ අධික දුමාරයෙන් නුවරඑළිය හැටන් ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනයටද බාධාඑල්ල වී පැවැති අතර, ප්‍රදේශයේ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණික තත්වයත් අධික සුළං තත්වයත් හේතුවෙන් ගින්න සීඝ්‍ර ලෙස රක්ෂිතය පුරා පැතීරී යන්නට විය.
ඩෙවෝන් දියඇල්ල අසල පිහිටි මෙම රක්ෂිත කැලෑව පාරිසරික වශයෙන් ඉතාමත් වැදගත් රක්ෂිතයක් බවත් එහිවූ වටිනා ශාක හා සතුන් මෙන්ම ඩෙවෝන් දිය ඇල්ලේ සුන්දරත්වයටද මෙමඟින් බලපෑම් එල්ලවී ඇතැයි උඩරට පරිසර සංගම් නිලධාරීහු පවසති.
දිඹුල-පතන පොලීසියේ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එකතුව රක්ෂිතයේ පැතිරී යමින් පැවැති ගින්න නිවා දැමීමට දැඩි වෙහෙසක් ගනු ලැබූඅතර කිසියම් පුද්ගලයෙකු හෝ පිරිසක් විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලීසිය සැක කරයි.





2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙවෝන් රක්ෂිතයේ ගින්නක්