(ලහිරු හර්ෂණ)
බලපත්‍රයක් නොමැතිව අලිපැටවකු ළඟ තබාගැනීමට අදාළ චෝදනා ලැබ සිටි උඩුවේ ධම්මාලෝක හිමි කොළඹ මහාධිකරණයෙන් නිදොස්කර නිදහස් කර තිබේ.


(ලහිරු හර්ෂණ)
බලපත්‍රයක් නොමැතිව අලිපැටවකු ළඟ තබාගැනීමට අදාළ චෝදනා ලැබ සිටි උඩුවේ ධම්මාලෝක හිමි කොළඹ මහාධිකරණයෙන් නිදොස්කර නිදහස් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දා මාලනීගේ " කුමට මෙරට අධිකරණය ....... " කියන ගීතය මතක් උනා. මේ දේ වන විත්තිය අපි හැමෝම දන්නවා.
හරිම සාදාරණයි - මිනිස්සු පන්සල ලග අලිපැටව් දාලායන එකට හාමුදුරුවෝ පලිද?
අපේ හාමුදුරුවනේ අලි පැටියාට මොකද වුනේ?
ඒ කියන්නේ ලංකාවේ අලිත් අමතකවෙලා පන්සලේ දාලා යනවා කියලා උසාවිය පිළිගත්තා කියන එකනේ...
නාට්‍යයක් රඟ දක්වූවාවත්ද?
ඇත්ත තමා, අපේ ගෙදරටත් ඊයෙ රෑ කවුරු හරි අලි පැටියෙක් ගෙනත් දාලා ගිහින් තිබ්බා. බයේ හිටියේ ඒ නිසා හිරේ යන්න වේවි කියලා... දැන් නම් බයක් නෑ... අලියව විකුණනවා. ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න...
දැන් ඉතින් හැමෝටම අලි පැටව් අමතක වෙලා යයි පන්සල් වල.
ඔක්කෝටම හොඳයි හාමුදුරුවන්ට කෙලවලා දැම්මා නම්... අනේ උඹලා බුද්ධාගමේද? අලි පැටවාට කන්න බොන්න දීලා හදාගත්ත එක වැරදිද? ඔයාලා ඉන්නකම් මේ රට ගොඩගන්න බැහැ. මහේස්ත්රාත්තුමා කරුණු සලකලා බලලා හොඳ තීන්දුවක් දුන්නා.. විනිසුරුතුමනි, අපි ඔබට සුබපතනවා.
හරි හමන් සාක්ෂි සහ ඔප්පුකරගත නොහැකි කරුණු එක්ක දේශපාලන වාසියට ගෙනාපු තවත් එක සිද්ධියක් ජොන්සන්ගේ සිද්ධිය වගේම. ඉතින් මේ වගේ අවසන් ප්‍රතිඵල ලැබීම අරුමයක් නෙවේ. මෙහි සම්පූර්ණ වරද නඩුව ගොනුකරපු අයගේ මිසක් ගරු උසාවියේ නොවෙයි.
2011 අගෝස්තු මාසයේ 22 දා රාත්‍රියේ තලවතුගොඩදී ලොරියක බලපත්‍ර නොමැතිව අලිපැටියෙකු ප්‍රවාහනය කරනු දුටු විස්තරයක් ලියා තිබුණා. ඔහු ඇසින් දුටුදේ ලෙසට සඳහන් කර ඇත්තේ එම අලිපැටවා පන්නිපිටියේ පන්සලකින් මේ නඩුවට සම්බන්ධ පන්සලට ගෙන යන බව ලොරියේ රියදුරු ප්‍රකාශ කල බවයි. එහිදී වනජීවී නිලධාරින් සහ පොලිසිය මැදිහත්වී එම අලිපැටවා පන්සලට ගෙනයාමට ඉඩදුන් බවත් එහිදී ඔහුට සහ ඔහුගේ හිතමිතුරන්හට බලවත් තර්ජනවලට මුහුණදීමට සිදුවූ බවත් එම ලිපියෙහි දක්වා තිබෙනවා. ඒ කාලයේ බලපත්‍ර නොමැතිව අලිපැටව් ළඟ තබාගත් බොහෝ දෙනෙක් පිළිබඳව කතාබහ පැතිරුණු නමුත් මේ සියලුම දෙනා වගේ දේශපාලන බලවතුන් නිසා එම කතා බහ වැඩිදුර ප්‍රචලිත වුනේ නැති බවත් අපි දන්නවා...
ඔය සිදුවීම වූ කාලේ අපේ යුද්ධය දිනපු අපේ මහින්ද මහත්මයා අපට රජෙක් වගේ... එතුමා සහ පවුලේ පුද්ගලයිනුත් හැසිරුනේ රජපවුලක් විදිහට, දුටුගැමුණුට ඇඳපු පුද්ගලයිනුත්.., මහරජාණෙනි, කියලා එතුමාට ප්රශස්ති ගීත කියපු කේවට්ටයෝත් ඒකාලේ හිටියා, ඉස්සර රජකාලේත් පන්සල්වල අලි හිටියා.., බුදුන්ට ඇප උපස්ථාන කරපු නාලාගිරි කියන ඇතෙකුත් හිටියා එහෙම සත්තු හිටිය කියලා රිමාන්ඩ් කරලා නඩු දැම්මේ නැහැනේ? අධිකරණය මේ තීන්දුව දීලා තිබෙන්නේ කරුණු කාරණා සාධාරණව හිතල බලලා, හිරේ දමන්න ඕනේ අපේ සංස්කෘතියට ගරුකරන හාමුදුරුවෝ නොවේ.. තීරුබදු රහිතව ලැබෙන ප්‍රාඩෝ එකේ සැපට ගමන් ගිහිල්ලා.. පාර්ලිමේන්තුවේ නිකන්ම වගේ ලැබෙන තරුපහේ කෑම ටික කාලා, කොහෙන් හරි ලැබෙන කොමිස් එකක් සාක්කුවේ දමාගෙන හවසට යාලුවෙක්ගෙන් නිකන් ලැබෙන කොකේන් ටිකක් ගහලා නිකන් ඉන්න බැරි රන්ජන් සහ උසාවි ගොස් දිනපතා මොකක් හරි බොරු ටිකක් කියලා දිනකට කිසිම වියදමක් නොකර ලැබෙන සල්ලි ටික මල්ලේ දමාගෙන ඉන්නේ නැතුව, උසාවියට සහ එහි ඉන්න උගත් පෙරකදෝරු මහත්වරුන්ට බොරු චෝදනා කරන පුද්ගලයන්ව නොවේ.
අනේ හාමුදුරුවනේ පන්සලේ ඕනි නම් ඔය නිකම් බල්ලෙක්, පූසෙක් ඔහේ හිටියට කමක් නැහැ. මීට පස්සේවත් ඔය එකඑකා ගේන අලි කුණුගොඩවල් පන්සල් වත්තේ දාගන්න එපා. බුදුන් වහන්සේ වදාරලා නැති දේවල් හාමුදුරු නමක් හැටියට කරන්න යන්න එපා. මොකද අන්තිමේදී ඕව යන්නේ අහක තියෙන අපේ බුද්ධාගමයි, සංස්කෘතියයි... එකඑකාට ඕනෑ විදියට හෑල්ලු කරගෙන. පාත්තරෙත් අතේ නේද? හොඳයි දැන් දානෙට වඩින වෙලාවත් පහුවේවි...!!!
භික්ෂුවක් නම් ඕනෑම වරදකට සමාව දිය යුතුය. එයට කතාකළොත් සිරිකොතේ අසුචි කන අයයි... මරු නියාය.
අපේ ගොයියෝ උසාවි තීන්දු බාර ගන්නෙත් නැත. දොස්තරලාටත් ලෙඩ ගැන කියලාදෙන්න හදන මේවගේ මිනිස්සු උසාවි තීන්දු බාරගනීද? ඒ වුණාට පොලිසියේ දෙන දඩකොලේ නම් බාර ගන්නවා. වැඩිය කතාකළොත් රාජකාරියට බාධාකළා කියලා චාජ් එකකුත් වැටෙන නිසා...
අලි පන්සල්වල හිටියේ අවුරුදු දහස් ගාණක් ඉඳලා. මෙයිට වඩා ලොකු දේවල් තියෙද්දී මේවා අල්ලගෙන දඟලන්නේ පිස්සු...!
අපේ හාමුදුරුවෝ පාත්තරෙත් අතින් අරන් බෙන්ස් එකෙන් වඩින්නේ..., ඔය මිනිස්සු ඉරිසියාවට කියන කතා ගණන් ගන්න එපා හාමුදුරුවනේ... ඔබ වහන්සේ පින් කඳක්... ඔය බෙන්ස් පහළ වෙන්නේ... අලි ඇත්තු ඔබවහන්සේ හොයාගෙන පන්සලට එන්නේ පින් බලේට. ඉස්සර බුදුන්ටත් ගල් පෙරලපු දෙව්දත්තයෝ හිටියනේ..., බුදුහාමුදුරුවන්ගේ කාලේ බෙන්ස් තිබුනේ නැහැනේ.., බුදු හාමුදුරුවොත් ඉස්සර තිබුණු අශ්ව කරත්තෙක හරි තිරික්කලේක හරි නැගලා ගමන් ගියා නම් ගල් පෙරලපු වෙලාවේ ගල්පතුර වැදිලා කකුල තුවාල වෙන්නෙත් නැහැනේ? දෙවුදත් තෙර බොරුවට පව් පුරවා ගන්නෙත් නැහැනේ...?
පන්සලට අලියෙක් නෙමේ... බල්ලෙක් හරි මොකෙක් ගෙනත් දැම්මත් කන්න දීල හදාගන්නවා. ඉන්න හිටින්න නැති ළමයි කීයක් පන්සල් වලින් රැකවරණය දෙනවද…? තායිලන්තයේ සමහර පන්සල්වල කොටියෝ, දිවියෝ වගේ සත්තුත් ඉන්නවා.. කරුණාව දයාව ඇතිව ඔවුන්ට කන්න දීලා හදනවා.. එ්ත් බැලුවද..? විල්පත්තුව මහා කැලෑව විනාශ කරලා කන්න බොන්න වතුර නැතුව මිය යන දහසක් සත්වයන් ගැන අලිඇතුන් විතරක් නෙමේ අහිංසක මුවන්, ගෝනුන් ඇතුළු සියලුම සත්තු විනාශවෙනවා.. ඒ ගැන නේද සමාජය හඬ නගන්න ඕනේ.. අධිකරණය කරන්න ඉදිරිපත්වන කරුණු සලකලා බලලා තීරණය දෙන එක මිසක් වෙන දෙයක් නෙමේ.. නමුත් අපි සමාජයක් ලෙස හඳුනාගන්න ඕනේ මහා වන සංහාරයට විරුද්ධව.. හොරෙන් වැලි අද්දල වන පරිසර විනාශයට විරුද්ධව.. ඒ වගේම ඇතුන් මරලා අලි පැටව් ගන්නවා නම් එ්කටත් විරුද්ධ වෙන්න ඕනේ.. අලි අනාථාගාරයේ ඉන්න අලි පැටවූ, අවශ්‍ය නම් පන්සල්වල පෙරහරට දෙන්න පුළුවන්නේ.. කැලේ ඉන්න සතාට නිදහසේ ජීවත් වෙන්න අයිතිය අපි දෙන්න ඕනේ.. ඒ වගේම සුද්දන්ගේ පාලන කලේ විනෝදෙට අලි ඇතුන් දහස් ගණනක් මරපු එක ගැනත් සටහනක් තියන්න ඕනේ.. සංචාරකයන්ට දැන ගන්න.. ඔය සුද්දා හිටියනම් හොඳයි කියන ඉතිහාසය නොදන්නා පරම්පරාවට දැනගන්න...
සමහරු උපන් හැටියේ බිළිදන් හදා වඩා ගන්න බැරි කමට පාර අයිනේ දාල යනවනම්, අලිපැටියා පෙරහැරට ගෙනත් පන්සල ළග දාල ගියා කියන එක පිළිගැනීම සාධාරණයි. අලින්ට සැහෙන්න කොළ අතු කන්න බොන්න දෙන්න ඕන. නාවන්න ඕන. ඒ මිනිහට අමාරුකමක් තියෙන්න ඇති. හැබැයි බුදු දහම හා සම්බන්ධය තියෙන්නේ අලි නොවෙයි නයි. දෙව්දත්තර නාලාගිරි ඇතාට රා පොවලා බුදුන් වහන්සේ ඉදිරියට එවූ කතා, මුචලින්ද නාගයා සෙවන දුන් කතා අපි අහල තියනවා.
අනේ පව් අලි පැටව් වැස්සට තෙමිතෙමී අව්වට වේලි වේලි කැලේ මදුරුවෝ කාකා ඉන්නවා. සමහර විට එකෙක් දෙන්නෙක් අපේ ගෙදරට වුනත් පාරදිගේ ඇවිද ගෙන එන්න පුළුවන්.. එහෙම අාවොත් අපිත් උන්නට කන්න බොන්න දීලා නවත්වා ගමු.. පින්සිද්ධ වෙනවනේ...
අලියා බලාගත්තු කෙක්ක උසාවියට ඉදිරිපත්කරලා නැති නිසයි පැමිණිල්ල අඩුපාඩු කියලා කියන්නේ. බලාගන්න තිබුන නිසා කෙක්ක ඉදිරිපත් කරලා නැහැ.
සඟුන් දැකීම මංගල කරුණක් ලෙසයි බුදුන් වදාලේ. ඒ පිඬු සිඟා වඩින විට, බණට පිරිතට වඩිනවිට සහ සංවරශීලීව වඩින වෙලාවල්වල අහම්බයෙන් දර්ශනය වෙනවා වගේ අවස්ථාවලයි. නමුත් මෙහෙම අවස්ථාවල දැකීම නම් එවන් කරුණක් ලෙස පිළිගැනීම කෙතරම් දුරට ගැලපේද මන්දා?
අනවසරයෙන් අලියෙක් තියාගැනීම වරදක් නම් නීතිය කාටත් පොදුයිනේ.. හැබැයි ලංකාවේ නෙමෙයි. මේ හාමුදුරුවෝ වරදක් කළා. ඒත් නීතිය නිදොස් කළේ වරදක් නොකළ නිසා නෙවෙයි... හරිහැටි ඔප්පු නොවූ නිසයි. දෙයියෝ දනී... මම නොදනී. නැහැ මේ වන්දි භට්ටයෙක් නේද? පෙහොට්ටුවේ... මන් දැක්කා රෙදි හෝදනවා ඔන්න ඔය මැදමූලන පැත්තේ.
ඉහළම එක්කෙනා හිටපු අප්පච්චිත් එක්ක අාපහු හාද වුනාට පස්සේ කැකිල්ලේ නඩු තීන්දු ලැබෙනවා. හිටු කියලා ඒ පැත්තේ කට්ටියට.., අර වත්කම් ප්‍රකාශ නොකරපු නඩු තීන්දුවයි, මේකයි එ්කට හොඳ උදාහරණ...
දැන් පන්සල ලඟ තරුණ ගෑණු ළමයෙක් දාලා ගියොත් මොකද වෙන්නේ?
මේ මොන මෝඩ කතාවක්ද? අහම්බෙන් නොවෙයි උවමනාවෙන්ම හාමුදුරුවන් දකින්න පන්සලට යන මිනිසුන් ළමයි තවමත් අප අතර ඉන්නවා. අර නාලිකාවක ඉංග්‍රීසියෙන් බණ කියන යුරෝපීය බෞද්ධ භික්ෂුව දැකීමෙන්, ධම්මාලෝක හිමියන් දැකීමෙන් පහන් සිතක් අතිනොවන්නා මිනිහෙක්ද? නරුමයෙක්ද?
අපේ මිනිස්සු නඩු තීන්දු විවේචනය කරන්නත් දන්නවා දොස්තරලාගේ වැඩ විවේචනය කරන්නත් දන්නවා. හැබැයි ඔය එක කෙනෙකුටවත් නඩු ශාලාවක ජනේලයක් ළඟ හිටගෙන ඉන්න අවසරයක් වත් නැත.
බොරු කයිවාරු වලට පක්ෂව උසාවි නියෝග නොලැබෙන බව තේරුම් ගත යුතුයි.
බුදුන් කියා තිබෙනවා භික්ෂුවට උතුම් ප්රාතිමෝක්ෂ ශීලයේ පිහිටා කටයුතු කරන්න කියා.. එහෙම නොවුනොත් භික්ෂුව ගිහි ශ්‍රාවකයන්ගේ අප්‍රසාදයට පත්වේවි කියා..