( ඞී.කේ.රත්න සහ විජේරත්න රත්නායක)
ඌව පළාත් කෘෂිකර්ම ඇමති උපාලි සමරවීර මහතා අද (06) තමාට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පහර දුන්නේ යයි ඇල්ල මල් සංගමයේ සභාපතිවරයා බදුල්ල පොලීසියට පැමිණිලි කර තිබේ.
ඇල්ල සුපිපි සුවහස් මල් සංගමයේ සභාපති අතුල බංඩාර විජේකෝන් මහතා මෙම පැමිණිල්ල බදුල්ල පොලීසියට සිදු කර ඇත.
මෙම මල් සංගමයේ සභාපතිවරයා උමාඔය ව්‍යාපෘතිය නිසා තමාට හා තම ප්‍රදේශයේ මල් වගාවලට විශාල විනාශයක් සිදුවූ බවට කෘෂිකර්ම අමාත්‍යවරයාට ලිපියක් බාරදීමට ගිය අවස්ථාවේදී මෙම පහරදීම සිදු කර ඇතයි පොලීසියට පැමිණිලි කර තිබේ.
බදුල්ල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසියම් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම ආරම්භක අවස්ථාවේ විවිධ ගැටලු ඇතිවෙනවා පාඩු සිදුවෙනවා. ව්‍යාපෘතිය අවසන්ව ක්‍රියාත්මක වනවිට සියලු ගැටලු විසඳනවා. කලබලයෙන් කොරොස්කටේත් අතදාන්න බැරිබව නොදන්නා මෙවැනි අයට පහරදීම නම් අනුමත කරන්න බැහැ.
පළාත් ඇමැතිතුමා මල් කාරයෙක් නෙවේ වෙන්න ඇති...
ඌව පළාතේ ගොවියාට තියෙන ප්‍රශ්න දෙවියන්ටවත් නෑ
පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රශ්න විසඳන්නේ මිරිස්කුඩු ගහලා පුටු වලින් ගහගෙන, පළාත්සභා වලත් වාද විවාද කරන්නේ ගහගෙන ප්‍රාදේශීය සභා වලත් ප්‍රශ්න විසඳන්නේ ගහ මරාගෙන. අපි හිතන්න ඕනේ ඇයි එහෙම වෙන්නේ කියලා. ඒකට හේතුව තමයි බුද්ධියෙන් හා සංවාදයෙන් ප්‍රශ්න විසඳන්න තරම් උගත් අය නෙවෙයි ජනතාව ඒ ආයතන වලට පත් කරලා තියෙන්නේ. මේ ප්‍රශ්නෙදි අපි අපිටමයි ගහගන්න ඕනේ.
ප්‍රධානම දේ අනිත් අයට ඒ අයගේ අදහස් වලට ගරු නොකරන එක සහ ,මහජනයා මස් රාත්තලම ඉල්ලීම.මේ වනවිට උමා ඔය ගැටළු ගොඩක් විසඳිලා වගේ පෙනෙන්නේ.කොහොමත් මේ වගේ අතින් පයින් රට හදන්න යන බෝක්කු ළඟ ඉඳල පළාත් සභාවට / ප්‍රාදේශීය සභාවට ආපු චන්ඩි රටට ඕනේ නැත. අවශ්‍ය හික්මීමක් ඇති ,රටේ දියුණුවට අවශ්‍ය ඉදිරිය පෙනෙන අය මිසක් ගමේ හැමෝටම හිනාවෙලා ,බෝක්කුවක් දෙකක් හදල ජනප්‍රිය වෙන චරිත නෙවි
ඇමතිතුමාට මල පනින්න ඇති.