හර්ෂණ තුෂාර සිල්වා
බොහෝ අමාත්‍යවරුන්ට, මන්ත්‍රීවරුන්ට මෙන්ම ඇතැම් දේශපාලනඥයන්ට වර්තමානයේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳව කිසිදු අවබෝධයක් නැතැයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඩීව් ගුණසේකර මහතා අද (6) ප්‍රකාශ කළේය.
මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ආර්ථිකය සැබෑ ප්‍රශ්න සඟවමින් අයවැය ඉදිරිපත් කළ බව ද හෙතෙම කීය.
කොළඹ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඩීව් ගුණසේකර මහතා එම කරුණු සඳහන් කළේය.
එහිදි අදහස් දැක්වූ ගුණසේකර මහතා මෙසේ ද කීය.
නිදහසින් පසු රට මෙතෙක් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී තිබෙනවා. රට හොල්ලන්න බැරි වෙලා තිබෙනවා. ආණ්ඩු කරන්න බැරි වෙලා තිබෙනවා. රට ණය උගුලක හිරවෙලා. ආර්ථිකය මෙහෙයවන්න බැරි තැනකට පත්වෙලා. අයවැය ලේඛනයෙන් සහ මුදල් අමාත්‍ය කරන ලද ප්‍රකාශයෙන් ඒ බව අනාවරණය වෙනවා.
රට ගොඩගන්න නම් රාජ්‍ය ආදායම් වැඩි කළ යුතු යැයි ලෝක බැංකුව පසුගිය දිනෙක ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙනවා. එහෙත් මේ අයවැයෙන් ආදායම් වැඩි කරන්න කිසිදු යෝජනාවක් නැහැ. ආණ්ඩුවට ආදායම් වැඩි කරන්න ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ. භාණ්ඩාගාරයට මුදල් ලැබෙන ආකාරය පැහැදිලිව නැහැ. එහෙත් වියදම් නම් තිබෙනවා.
අද වනවිට අපේ රටේ විදේශ විනිමය පහත වැටිලා. විදේශ විනිමය තියෙන්නේ අපි ගත්තු ණය. ණය අරගෙන සංචිත පුරවලා. අපි හම්බ කරගත්තු විදේශ විනිමයක් නැහැ. මේ නිසා රුපියල අවප්‍රමාණය වෙලා. අපේ ආනයන අපනයන වගේ දෙගුණයක්. අපට විදේශ විනිමය ලැබෙන්නේ නැහැ. ආයෝජන එන්නේ නැහැ. රට තුළ ප්‍රාග්ධනය සම්පාදනය වෙන්නේ නැහැ. මේ තත්ත්වය නිසා අපිට ණය ගෙවන්න ණය ගන්න වෙලා. අයවැයේ ද මේ ගැන සඳහනක් නැහැ.
මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කරද්දි ගෝලීය ආර්ථික තත්ත්වය ගැන කිසිදු සඳහනක් කළේ නැහැ. රටේ ආර්ථික තත්ත්වය ගැන කිසිදු සඳහනක් කළේ නැහැ. මුදල් අමාත්‍යවරයා මේ ඉදිරිපත් කළේ මේ ආණ්ඩුවේ අවසන් අයවැයයි. පසුගිය අවුරුදු හතරක කාලයේදී අත්පත් කරගත් ප්‍රගතිය ගැන කිසිදු සඳහනක් කළේ නැහැ. අද අපේ රටේ ආර්ථික වර්ධනය සියයට 3 දක්වා පහත වැටිලා නැහැ. 88/89 කාලයේදී පමණයි එහෙම වුණේ. අද සාමාන්‍ය තත්ත්වයක් යටතේ ආර්ථිකය සියයට 3ක් දක්වා පහත වැටිලා නැහැ.
ඡායාරූප - ගයාන් අමරසේකර


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණසේකර මහත්තයෝ... ඔය කයිවාරු පැත්තකින් තියලා, ඔලුවට පොහොර ටිකක් දාගත්තා නම් හොඳයි නේද..?
ගුණසේකර මහත්තයා අයවැය කියන්නේ නැතුව ඇවිල්ලා පච කෙලිනවා.. එයා හිතාගෙන ඉන්නේ අපිත් ඒක කියවලා නැහැ කියලයි..
මහත්තයා....මොනවද මේ කියන්නේ? අපි දැක්ක පරණ රෙජීමය කාලේ කෝප් එකේ සභාපති වෙලා ඉන්න කාලේ...තඩි හොරකම් කෝප් එකේ ඔප්පු වෙලත් දත් විරිත්තාගෙන නැට්ට පස්ස පැත්තේ ගහගෙන උඩ බලන් හිටපු හැටි. දැන් එනවා මෙතන ආර්ථික අර්බුද ගැන කතාකරන්න. ලජ්ජා නැද්ද? තවමත් හොරුන් වෙනුවෙන් පෙනි හිටින්න ලජ්ජා නැද්ද?
මේ මහත්මාට ආර්ථික අර්බුදය පෙනිලා තියෙන්නේ දැන්. මේ අර්බුදය අද ඊයේ පටන් ගත එකක් නොවන බවත් මහිද ආණ්ඩුව යටතේ උග්‍ර වී වර්තමානය වනවිටත් උග්‍ර තත්වයක තිබෙන බව තේරම් ගන්න තරම් මොලයක් නැද්ද නැතිනම් අවස්ථාවාදයද?
ඉස්සර නම් ඔය කියන කොමිනියුස්ට් කාරයෝ කියපු දේවල් පිලිගත්තා. දැන් නිකම් විහිලු කාරයෝ විතරයි. රට තුල ප්‍රාග්ධන උත්පාදනය සඳහා සත පහක ආයෝජන ගේන්න පුලුවන් ද ? 1988/89 කාලේ රටේ ආර්ථික වර්ධනය 3% උනෙත් මේ පුද්ගලයන් විසින් කුහක දේශපාලනය තුලින් තරුණයන්ට කල අසාධාරන කම් තමයි. ඒ නිසා මේවා අපි බලාගන්නම්.
2000/2001, ආර්ථික වර්ධනය ඝෘණාත්මකයි.
ඔයගොල්ලොත් ආණ්ඩුවේ කාලයක් හිටියා රට හදන ක්‍රමය මොකක්ද කියලා කියන්නකෝ පාර්ලිමේන්තුවේ ඉන්න කාටද තේරුමක් තියෙන්නේ කියන්නකෝ ඔයාල ගත්තත් ඔහොම තමයි ඔය පරණ ලොක්කෝ ටික ඉන්නකම් මේ රට හදන්න බැහැ පණ්ඩිතකම් විතරයි
ආර්ථික අර්බුදය ..... ඇමති....... රට....... අට පාස් කීදෙනෙක් ඉන්නවාද ? සාමාන්‍ය පෙළ? උසස් පෙළ? ඕවා නැතිව අවභෝධ කරගත හැකි එකම දෙයනම් දුෂණය..... වංචාව...... මැරකම...... ජඩකම...... . තව මොන කතාද?
අපොයි අපොයි කලකට පස්සේ මෙහෙමත් ඉල්ලන් කෑමක්
ජනතාවට ප්‍රශ්න තිබුණාට මන්ත්‍රීලට මේ ප්‍රශ්න මොකුත්ම නැත. ඉතින් ඔවුන් මොකටද කලබල වෙන්නේ?
මේ.. බමුණුආරච්චි මහත්තයනේ. ඔයාගේ ඔලුවෙත් එක මයිල් ගහක්වත් නැහැ නේද?