IMG-LOGO

‘‘මම කියන දේවල් පිළිගන්න අය මේ ආණ්ඩුවේ නෑ‘‘

(හර්ෂණ තුෂාර සිල්වා)

“ මම කියන දේවල් පිළිගන්න අය යැ මේ ආණ්ඩුවේ ඉන්නේ ?” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (6) පස්වරුවේ ප්‍රකාශ කළේය.

මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගය තැනීමේදී කඳු නොකපා පරිසරය ආරක්ෂා කරමින් එය ව්‍යාපෘතිය කළ යුතු ආකාරය තමන් පැහැදිලි කළ ද මහත්වරු දෙදෙනකු එය නොපිළිගනිමින් කඳු කපමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් සිටින බව ද ජනාධිපතිවරයා කීය. 

ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඉංග්‍රීසි බසින් රචනා කළ ‘ද වයිස්රෝයි ස්පෙෂල්’ කෘතියේ සිංහල අනුවාදය වන ‘වයිස්රෝයි ස්පෙෂල්’ කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම කරුණු සඳහන් කළේය. භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් මහතා එම කෘතිය සිංහල බසට අනුවාදනය කර තිබේ.

එහිදි තවදුරටත් උත්සව සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.

      “කඳු කපලා අලුතෙන් අධිවේගී මාර්ග දාගෙන යන බව වික්ටර් අයිවන් මහත්තයා ඔහුගේ දේශනයේදී කිව්වා. මම ජනාධිපති වගේම පරිසර ඇමති කියලා තමුන්නාන්සේලා දන්නවනේ. මහනුවර අධිවේගී මාර්ගය පටන් ගන්න කලින් කොළඹ ලොකු මහත්තයටයි නුවර ලොකු මහත්තයටයි දෙන්නටම මම කිව්වා කඳු කපන්න එපා කියලා. මම ඉංජිනේරුවරයෙක් නෙමෙයි. ඒත් පරිසරයට ආදරය කරන කෙනෙක් හැටියට විශේෂයෙන්ම කඳු කපනවට විරුද්ධ නුවරට යන අධිවේගී මාර්ග හදන්න ඕනේ විදිය මම දන්න විදියට කියලා දුන්නා.

වික්ටර් අයිවන් මහත්තයා, අවුරුදු තුනකට කලින් මම කිව්වේ මෙහෙයි. කොළඹ ඉඳන් අඹේපුස්ස පැත්තෙන් කුරුණෑගලට යන්න අධිවේගී මාර්ගය හදන්න. කඳු කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කුරුණෑගල ඉඳලා නුවරට යන්න අදත් යන්නේ විනාඩි 35යි. ඒ හින්දා කඳු මුකුත් කපන්නේ නැතුව කුරුණෑගල ඉඳලා නුවරට යන පාර හොඳට ලොකු කරලා හදන්න කියලා මම කිව්වා. ඉතිං අර මං කියපු මහත්වරු දෙන්නම මම කිව්ව දේ පිළිගත්තේ නැහැ. ඉතිං තවම කරනවා. මම කියන දේවල් පිළිගන්න අය යැ මේ ආණ්ඩුවේ ඉන්නේ ? ඉතිං ඒක එහෙම තමයි”. 

ඡායාරූප - චතුර එස්. කොඩිකාර

 

 



අදහස් (14)

‘‘මම කියන දේවල් පිළිගන්න අය මේ ආණ්ඩුවේ නෑ‘‘

ලකිත් ශ්‍යාමන් Wednesday, 06 March 2019 03:03 PM

කුරුණෑගල ඉඳලා නුවරට දැනටත් විනාඩි 35න් යන්න පුලුවන් අපිට නෙමේ. ගාඩ් දාලා පාරවල් වහලා පාරවල් ක්ලියර් කරගෙන ඉගිලෙන ඔහේට නම්...

:       0       217

RaveendraWednesday, 06 March 2019 05:01 PM

මෙයා විතරක් නොවේ අනිකුත් වසු පැටව් ටිකත් ඉගිලෙන්නේ හරියට කිරිබොන දරුවන්ට කිරිදෙන්න යනවා වගේ.. පැරණි කියමනක් තියෙනවා අර මොකාටද ඇති වැඩකුත් නැහැ හිමින් ගමනකුත් නැහැ කියලා.

:       1       96

Don Wednesday, 06 March 2019 03:19 PM

පහුගිය ඔක්තෝබර් මාසේ 26දාත් කියනදේ ඇහුවේම නෑ.

:       0       109

Hafeel Wednesday, 06 March 2019 04:06 PM

ජනතාව කියන දේවලුත් ඔබ පිළිගන්නේ නැහැනේ...

:       0       108

bharatha Wednesday, 06 March 2019 04:34 PM

කුරුණෑගල ඉඳලා නුවරට යන්නට දැන් පැයකට වඩා ගතවෙනවා. මෙතුමා සඳහන් කල පරිදි දැනට පවතින මාර්ගය මන්තීරු 4කට පළල් කලොත්, ගමන් කාලය පැය භාගයකට පමණ අඩු කර ගත හැකියි. නමුත්, මේ පැරණි පාර පුළුල් කිරීම සඳහා දැනට පාර දෙපස ජීවත්වෙන උදවියට වන්දි මුදල් ගෙවන විට එය වියදම් අඩු විකල්පයක්ද යන්න සැක සහිතයි.

:       0       139

Nimal Wednesday, 06 March 2019 04:50 PM

ගරු ජනාධිපතිතුමනි ඔබ මා ඇත්තෙන්ම ගරු කරපු පුද්ගලයෙක් නොවෙයි. නමුත් මේ මෑතක සිට ඔබතුමාගේ ක්‍රියාකාරකම් විනිවිදභාවයෙන් අපි දකින්නෙමු. අපට දැන් යථාර්තය තේරුම් ගොස් තියෙන්නේ. මොකද එන්න එන්නම ඔබගේ සේවාවන්වල ගුනදායි පැත්තක් අපි දකිනවා. එය ශ්‍රී ලංකාවේ රටවැසියෙක් හැටියට මා ආඩම්බරයෙන් යුතුව පවසනවා.. එය හොඳ ලක්ෂණයක්... නමුත් මීට පෙර හිටි පාලකයන්ගෙන් මහින්ද රාජපක්ෂ හැරුණුවිට මේ රටට යම් සේවයක් කරන පුද්ගලයා ඔබයි බව අපට වැටහෙනවා.. ඔබ පවසා තියෙනවා මේ ආණ්ඩුව ඔබට කීකරු නොමැති බව, ඇත්ත එසේ ඔබගේ අනසකට යටත් නම් මීට වඩා ප්‍රගතියක් රට තුළ දැකියහැකි බව වැටහෙනවා. නමුත් ඉදිරියේදී ඔබ හොරුන් සමග අත්වැල් බැඳගතහොත්, ඒ කියන්නේ (පොහොට්ටුවත් සමග) ඒ ඔබට ඇති කීර්තිනාමයෙන් ඵලක් නැතිවෙයි. එ් නිසා ඔබ යන ගමන යන්න තනියම අයින්කරන්න මහින්ද සහ රනිල් යන දෙපල, යන්න තනියම ඉදිරිය අනිවාර්යෙන් සුබවෙයි.

:       333       175

පෙරුමාල්Thursday, 07 March 2019 03:35 AM

පොහොට්ටුවේ හොරු ඉන්නෙ මහින්ද හොරා යටතේ.

:       50       134

vipulaThursday, 07 March 2019 07:04 AM

අපි කියන විදිහට දේශපාලකයන් වැඩ කරනවානම් මොනවා කරන්න බැරිද ශාන්ත .

:       0       0

සංජය මහනුවර Thursday, 07 March 2019 04:36 AM

වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙක් වන මට මෙතුමාගේ මෙන්ම වික්ටර් අයිවන් මහතාගේ කතාව විහිළුවකි. මෙම මාර්ගය සඳහා සාක්‍යතා අධ්‍යන කලේ චන්ද්‍රිකා ජනාධිපතිතුමියගේ කාලේ. ඒ සඳහා විශාල මුදලක් වියදම් කලා. නැවතත් මහින්ද රජයෙන් එම මාර්ග වෙනස්කර කුරුණෑගලත් සම්බන්ධ කරමින් මෙම මාර්ගය ඉදි කිරීමට තීරණය කළා. පස් කඳු නොකපා මහනුවරට පාරක් සැදීමට නම් එය අඩිපාරක් මිස අදිවේගී මාර්ගයක් විය නොහැකියි. කඳු කැපීම අවම කර මාර්ගයට අවශ්‍ය ඉඩම ලබාගැනීම මාර්ග සැලසුම් කරණයේදී අනිවාර්යයෙන් කරනු ලබයි. පස්වලින් පුරවා මාර්ගයට අවශ්‍ය උස ලබාගැනීම වෙනුවට විශාල වියදමකින් කොන්ක්‍රීට් කුළුණු මත දැනටමත් මෙම මාර්ගය ඉදිකිරිම බොහෝ ස්ථානවල දැකිය හැකියි. බල්ලන්ගේ වැඩ ගැන බූරුවන් අදහස් දැක්වීම කනගාටුදායකයි.

:       40       520

sirimal Thursday, 07 March 2019 08:53 AM

දැන් ඉතින් ආණ්ඩුව කියන දේවල් ඔබතුමා පිළිගන්නෙත් නැහැනේ.

:       0       22

Sumith Friday, 08 March 2019 01:38 AM

ජනතාවනම් හරිම අසීරුවෙන් ජිවත් වෙන්නේ. ගොවියෝ කම්කරුවෝ අනාත වෙලා.

:       0       0

Batangala Friday, 08 March 2019 06:47 AM

ඔබතුමා මහින්දගේ නැට්ටේ එල්ලුණාම අපිට ඉතින් ඡන්දය දීපු එක ගැනත් දුක හිතුණා. UNP කාරයෝ කොහොමත් විශ්වාස කරලා නෙමේ අපි වගේ මිනිස්සු ඡන්දය පාවිච්චි කලේ. 2015 අනිවාර්යයෙන් වෙනසක් වුවමනා වුනේ මහින්ද මහත්තයාගේ වරදක් නිසා නෙමේ. එයාගේ පවුලේ අයගේ ආගමනය හොඳටම වැඩිවුණා. දළදා මාලිගාව වටේට කාර් රේස් පදින්න තරමට එයාලගේ වැඩ පිළිවෙල පිරිහුණා.. එයාව වැට්ටුවේ එය වටේ හිටපු පවුලේ කිහිප දෙනෙක්... මේවා අපිට වඩා ඡන්දෙදි රස කර කර කිව්වේ ඔබම නේද? දැන් ඉතින් ඔබ කියන කතා අහන කට්ටිය ආණ්ඩුවේ වගේම ලොවෙත් නැහැ. පොහොට්ටුව කවද හරි ඔබට මතක හිටින පාඩමක් උගන්වයි...

:       0       0

Chanak Los angeles Friday, 08 March 2019 07:24 AM

ලංකාවට නිදහස ලැබී අවුරුදු 30 යි කියපු , ජාතික ගීය වාදනය වෙනකොට අතපය ඔසවන කෙනෙක්ගෙන් අහලා උපදෙස් අරගෙන කලොත් නියමෙට හිටී ?

:       0       7

Perera Friday, 08 March 2019 07:27 AM

ආණ්ඩුවේ විතරක්ද, රටේ වත් නැහැ ජනාධිපති තුමෝ!!!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 401 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 964 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1347 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site