(ශාන්ත චන්ද්‍රසිරි)
කඳුකර කොටි රංචුවක් තලවකැලේ, ලිඳුල, හෙන්පෝල්ඩ්, අග්‍රාකන්ද වත්තේ අද (6) සැරිසැරීම හේතුවෙන් බියට පත්ව සිටින බව වතු කම්කරුවෝ පවසති.
හොදින් වැඩුණු කොටියන් සිව් දෙනෙකු අග්‍රා ඔයේ ජලය පානය කරමින් සිටින අයුරු තමන් දුටු බවත්, පසුව එම සතුන් ඔයෙන් එගොඩ වී වත්තේ පිහිටි ලඳු කැලෑව තුළට ගිය බව වතු කම්කරුවෝ පවසති.
එම සතුන් නිදහසේ ජලයේ සිටි බවත් පැය භාගයකට ආසන්න කාලයක් එසේ සිටි කොටියන් පසුව ඔයේ වේල්ල මතට නැග ටික වේලාවක් ඒ අවට සැරිසරා පසුව ලඳු කැළෑවට රිංගා නොපෙනී ගිය බවද වතු කම්කරුවකු කීය.
තමන් හා තම පාසල් යන ළමුන් නිරන්තරයෙන් එම ප්‍රදේශයෙන් ගමන් ගන්නා බවත්, කොටියන් දැකීමෙන් තමන්ගේ හා ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි බියට පත්ව සිටින බවද අග්‍රාකන්ද වත්තේ වතු කම්කරුවෝ කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්කරුවන්ට සහ ඔවුන්ගේ දරුවන්ට අනතුරක් සිදුවන්නට පෙර, මේ දිවියන් අල්වා අභය භූමියකට මුදා හැරිය යුතුයි. එසේත් නැත්නම් ගම්වලට පැන මිනිසුන්ට හානියක් කිරීමට පෙර ඔවුන්ට වෙඩි තැබීමට අවසර දිය යුතුයි...