(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සාකච්ඡා කිරීමට නියමිත 22 සහ 23 සැසිවාරයට තමාගේ නියෝජිතයන් තිදෙනෙකු සහභාගී කරවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(06) ප්‍රකාශ කළේය.
ඒ අනුව ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේෂ් රාඝවන් සහ මහත්වරුන් ඊට සහභාගී වන බවද ජනාධිපතිවරයා කොටුව ජනාධිපති මන්දිරයේ අද(06) උදෑසන පැවති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සාකච්ඡාවේදී පැවැසීය.
යුද්ධය අවසන් වී වසර 10ක් ගතව තිබෙන මොහොතේ පරණ දේවල් අවුස්සමින් තුවාලය පාරන්නට කටයුතු නොකර අපේ ප්‍රශ්න අපට විසඳාගැනීමට ඉඩදෙන්නැයි එම නියෝජිතයන් එහිදී ඉල්ලීමක් කර ඇතැයි ජනාධිපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවාඩුවක් ගත කරන්න නෙවේනේ? කලින් ඔය විධිහට යවපු එක්කෙනෙක් ගමන් බලපත්‍රයත් නැති කරගෙන අලි අමාරුවක වැටුනා කියලා පත්තරේ තිබුනා.