(අජන්ත කුමාර අගලකඩ)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට දැනටමත් තීරණය කර ඇති නමුත් එය දැන්ම ප්‍රකාශ නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(06) පැවසීය.
කවුරුන් විරුද්ධ වුවද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් මරණ දඬුවම ස්ථිර වශයෙන් ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිවරයා කීවේය.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව කෑගසන කිසිවකුත් මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙන යන වැඩ පිළිවෙළට කිසිදු සහායක් නොදෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොටුව ජනාධිපති මන්දිරයේ අද(06) පෙරවරුවේ පැවැති පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවේදී මරණ දඬුවම සම්බන්ධයෙන් නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විකට නළුවොවත් මෙහෙම කියන්නේ නැහැ
ඕකත් ඉතින් ඡන්ද ගුන්ඩුවක් තමයි - එකෙක් දෙන්නෙක් එල්ලයි ඡන්දෙ කිට්ටු කරලා.
තවත් සිකුරාදා සර්ප්රයිසයක් ( පුදුමයක් )
"" චීනය "" අද ලෝකයේ ප්‍රදානතම දියුණු රටක් බවට පත්වෙලා තියෙන්නේ .. ඒ ගොල්ලෝ එදා චීනයේ තිබුන ලොකුම ප්‍රශ්නයක් වූ .. ඕ.පි .එම්...( හෙරෝඉන් ) යුද්දය ජය ගත්ත නිසා ..! අනිත් දේවලුත් මම වගේම ඔයාලත් දන්නවා නේද ..?
ජනාධිපති තුමා සහයෝගය දෙන්නෙ නැහැ කියන්නෙ අපි කුඩු කාරයො අල්ලල පොලිසියට බාර දෙන්න කියන එකද? අපි කුඩු කාරයො අල්ලන්න ගියොත් අපට අයිති වෙන්නෙ මරනය තමයි. එතකොට අපේ දරුවො.......
ලජ්ජා නැතිකම මහමුදලි කමටත් වැඩිය ලොකුය , ඉස්සර එස්. බි . කරපු වැඩ කොටස කරන්න දැන් ලොකු මහත්මයාම භාර අරගෙන වගේ
ජනාදිපතිවරණයට කලින් දිනයක් නම් ගොඩක් හොඳා
අපගේ මුල් පුරවසියගෙන් මෙසේ විමසීමට කැමැත්තෙමු. කියව කියවා ඉන්නේ නැතිව අහිංසක පුරවැසියන්ගේ " වටිනා කාලය මෙන්ම බදුමුදල් ද නැති නාස්ති නොකොට " ක්‍රියාවෙන් "තමන්ගේ යුතුකම්" නිසිලෙස ඉටු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.
ඔබතුමා මේ කියන්නේ සත්භාවයෙන් සහ අවංක හිතින් නම් මම ඔබට සුබ පතනවා..
ඡන්දෙට කලින් සතියේ කෙනෙක් එල්ලයි. ඊටපස්සේ රටපුරා පෝස්ටර් ව්‍යාපාරයක් දියත්කරයි "බය නැති ජනපති" කියලා. අපේ ජනතාව සියලු ප්‍රශ්න අමතක වෙලා නැවත ඡන්දේ දෙයි.
ඔව් ඔව්... මට චීටට වඩා වේගෙන් දුවන්න පුළුවන්. වේගය කියන්නේ නැහැ.
අද නෙවේ හෙට කීවලු. එල්ලුම් ගහ ගැන ලංකාවට ඉතුරුවෙලා ඇති ලෝකයේ මිත්‍ර රටවල් සියල්ලම වාගේ අප්‍රසාදය ප්‍රකාශ කර ඇති බව මෙතුමා පත්තරේන්වත් දැක්කේ නැද්ද දන්නේ නැහැ.
ජනාධිපතිවරයා විහිලුවට ගන්න එපා....
එච්චර හයිය කොන්දක් මට නැහැ. හැම කෙනෙක්ම හැමදාම රවටන්න බැරිබව සිහියේ තබාගන්න.