( නාලක සංජීව දහනායක)
විශේෂ සාකච්ඡාවක් සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ පිරිසක් මේ වන විට කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයට පැමිණ තිබේ.
මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය ලබා ගැනීමට මෙම සාකච්ඡාව පැවැත්වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් වන සුනිල් හදුන්නෙත්ති, විජිත හේරත් යන මහත්වරුද මේ අවස්ථාවට එක්ව සිටිති.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ ඔය අලියාගේ රිදී සීනු තාලෙට නටන්න නම් ලැහැස්ති වෙන්න එපා. දැනටමත් උගුල් කීයකට අහුවෙලා ද ඉන්නෙ........
මහින්ද කැමති වෙයි ජනාධිපති ධුරය නැති කරන්න. ඒ ඔහු ප්රජාතන්ත්රවාදී නිසා නෙවෙයි ඔහුට ජනාධිපති කමට ඉල්ලන්න බැරි නිසා.
ජනාධිපති අපේක්ෂක අර්බුධයෙන් ගොඩ ඒමට මහින්දට ඇති හොඳම විසදුම 20 වෙනි සංශෝධනයට එකග වීමයි. මෛත්‍රී, රනිල් දෙදෙනාටත් තනිව තරග කර ජනාධිපතිවරණය ජයගත නොහැකි නිසා අනිවාර්යෙන් මෙයට එකග වීමට සිදු වෙනවා. 1978 සිට ඒකාධිපති විධායක ජනාධිපති ධුරයට එරෙහිව හඩනගන ජවිපෙ සුදුසුම අවස්තාව බලා මේ වටිනා සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා. ජවිපෙ ඉතාමත් පරිනත දේශපාලන දැක්මක් සහිත පක්ෂයක් බව නැවතත් ඔප්පු කරමින් සිටිනවා.
මහින්ද මහතා ජෙප්පන්ගේ ඉල්ලීමට කැමති වෙන්න එපා බැහැ කියන්නත් එපා. 2020 පහුවෙන තුරු යෝජනාව කල්මරන්න. ජනාධිපති බලතල නැතිකර ගන්නවා කියන්නේ ඝෝඨාභය මහතා ජනාධිපති වීමෙන් පලක් නැහැ කියන එකයි. ඊළඟට ජෙප්පෝ එජාපයින් හා දෙමළුන් සමග එකතුවී ඔබතුමාව නටවන්න බලයි. මම මේ කියන්නේ ඔබතුමා ඡන්දෙන් අමාරු තත්වයකට පත් වුනොත් වෙන දේ. අපි නිතරම සැලසුම් කරන්න ඕනේ හිතපු නැතිදෙයක් වුනොත් මොකද කරන්නේ කියලා. දෙමලුත් බලාගෙන ඉන්නේ ජනාධිපති ක්‍රමය නැතිකරන තුරු... ඔය දෙගොල්ලොම ඝෝඨාට බයයි..
මහින්ද මහත්මයට නැවත ජනාධිපති වෙන්න බැහැ ව්‍යවස්ථාමය ප්රශ්නය උඩ , ඝෝටට බැහැ ඇමරිකන් පුරවැසි ප්රශ්නය මත , මේ දෙන්න හැරුනවිට රාජපක්ෂ දිනන්න පුළුවන් වෙන කෙනෙක් නැහැ , රනිල් මෛත්‍රී දෙන්නටම දිනන්න බැහැ මිනිස්සු ඡන්දෙ දෙන්නේ නැති නිසා , තත්වය එහෙම නිසා මේ අවස්ථාවේ මේක අහෝසි කරන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා , කරුණාකර මේක අහෝසිකරනවා නම් පළාත්සභාත් අහෝසි කරන්න.
මහින්ද අයියා දැක්කෙම නැහැ කාලෙකට... කිරිපැණි අරන් අවේ අපි ඔබ බලන්නම.. 20 ත් පැණි එක්කම තිබ්බේ අස්සෙන්ම... හිතනවා හා කියයි කියල ඇත්තටම...
පාර්ලිමේන්තුවේදී ගහමරාගෙන අපේ බදු මුදල් සහ පොදු දේපල විනාශ කරගන්නේ නැතුව මේ විදිහට කතාබහ කරලා ප්‍රශ්න විසඳාගන්නවා නම් කොපමණ හොඳද?
ඉස්සෙල්ලාම කියා දෙන්න ඕනේ තැනට සුදුසු ඇඳුම තෝරා ගන්න. මොකද මේ විශ්ව විද්‍යාල කොල්ලෝ වගේ ඇඳගෙන වැදගත් වැඩවලට වැදගත් මිනිසුන්, රනිල්, මහින්ද, සිරිසේන, සම්බන්දන් හෝ අමාත්‍යංශ ලේඛම්වරයෙක් හමුවෙන්න යන්නේ. දන්නේ නැද්ද මේවා පොටෝ ගහලා පත්තරවල දාන බව. රටේ තවත් වාමාංසික නායකයින්, පීටර් කෙනමන්, කොල්වින්, එන් එම් පෙරේරා සිටියා ඔවුන්ට සංසන්දනය කරනවිට ඇඳුම් පැළදුම් වලින් අන්තිමයි