අයියා - මලෝ ගැටුමෙන් අයියා මරුට ගෝවින්න දිවබෙරලිකන්ද එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මල්ලී අයියාට යකඩ පොල්ලකින් පහර දී ඝාතනය කර ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි. 27 November 2018
රාජ්‍ය අංශයේ ඒකාබද්ධ වැඩ වර්ජනයක් රාජ්‍ය අංශයේ ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත. 27 November 2018
අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් 235 ක් අත්අඩංගුවට අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් 235 දෙනෙකු කාම්බෝජියාවේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 27 November 2018
‘බහුතරය ඇති නායකයා අගමැති නොකිරීමෙන් ජනපතිගේ ඒකාධිපති භාවය පේනවා’ පාර්ලිමේන්තුවේ බහුතරය දිනා සිටින පක්ෂයේ නායකයා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරිම ප්‍රතික්ෂේප කිරීමෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියම ඒකාධිපති ස්වරූපය පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද (27) පැවැසීය. 27 November 2018
‘නාමල්ට - අමිත්ට පොහොට්ටුවෙන් නාම යෝජනා දෙන්නේ නෑ’ නාමල් කුමාරට හෝ අමිත් වීරසිංහට කිසිසේත්ම තම පක්ෂයෙන් නාම යෝජනා දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා අද (27) පැවසීය. 27 November 2018
'මෛත්‍රී - මහින්ද ආණ්ඩුවට ජාත්‍යන්තරය පාඩමක් උගන්වාවි' ප්රජාතන්ත්රවාදය ගරු නොකර පාර්ලිමේන්තුව විසින් සම්මත යෝජනා පිළිනොගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන මෛත්‍රී මහින්ද ආණ්ඩුවට ජාත්‍යන්තරය විසින් පාඩමක් උගන්වනු ඇති බවත් ඒ සදහා කාලයද පැමිණ තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා පැවසීය. 27 November 2018
‘ව්‍යවස්ථාව ගැන මම කිව්වේ මගේ මතයයි’ ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීම සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කළේ නීතිඥ සංගමයේ මතය නොව තමාගේ පෞද්ගලික මතය යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා සඳහන් කරයි. 27 November 2018
අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ සරසවි සංගමයේ සමුළුව ඇරඹේ අන්තර්ජාතික ථෙරවාදී බෞද්ධ විශ්ව විද්‍යාල සංගමයේ පස්වැනි ජාත්‍යන්තර සමුළුවේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) කොළඹ දී පැවැත්විණි. 27 November 2018
අධිකරණයෙන් තහනම් වූ කොටි කොඩියක් හොරෙන්ම ඔසවයි මුලතිව් පුදුකුඩිඉරිප්පු මහා විද්‍යාලය ආසන්නයේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කොඩියට සමාන කොඩියක් කිසියම් පිරිසක් විසින් අද (27) අලුයම රහසිගතව ඔසවා ඇති බවට මුලතිව් ආරක්ෂක අංශ පැවසීය. 27 November 2018
සමෘද්ධි නිලධාරීන් 7000 කට පත්වීම් 30 වැනි දා වසර තුනක් තිස්සේ පමා කරමින් තිබූ සමෘද්ධි නිලධාරීන් 7000කට අධික පිරිසකට පත්විම් ලිපි ලබාදීම මෙම මස 30 වැනිදාට සිදු කරන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (27) පැවසීය. 27 November 2018
ලුතිනන් කමාන්ඩර්ගේ පැමිණිල්ල ගැන විමර්ශනයක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයා නාවික හමුදා මූලස්ථානයේදී ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ මහතාට පහරදීමට උත්සාහ කළේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු ඇතුළු පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් සී.සී.ටී.වී කැමරා පට පරීක්ෂා කර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’ යට කීය. 27 November 2018
කෝටි තුන හමාරේ මුදල් වංචාවට හය දෙනාම රිමාන්ඩ් අනුරාධපුර මහ නගර සභාවේ සිදුව ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂයේ මුදල් වංචා සිද්ධියට අත්අඩංගුවට රිමාන්ඩ් බාරයේ සිටි ආදායම් පාලක, ඇගේ සැමියා, සහෝදරයා ඇතුළු සැකකරුවන් හය දෙනා ඇප මත මුදාහැරීම යළි තරයේ ප්‍රතික්ෂේප කර ඔවුන්ව දෙසැම්බර් 10 වැනිදා දක්වා රිමාන්ඩ් කිරිමට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හේමන්ත පුෂ්ප කුමාර මහතා අද (27) නියෝග කළේය. 27 November 2018
මිනිස් ජාවාරම නතර කිරීමට ඇමතිගෙන් උපදෙස් නීතී විරෝධි මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා අරඹා ඇති වැඩ කටයුතු තව දුරටත් උසස් තත්ත්වයෙන් ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා උපදෙස් ලබා දී තිබේ. 27 November 2018
පොලිසිය හා හමුදා ආරක්ෂාව මැද සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි යාපනය කෝපායි 51 වැනි යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේ දී අදට (27 ) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුළු පිරිසක් විසින් පූර්ණ ආරක්ෂක අංශ නිරීක්ෂණයන් මැද මහවිරු සැමරීම සිදු කරනු ලැබීය. 27 November 2018
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු රැස්වීම වර්ජනය කරති අද (27) දහවල් පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. 27 November 2018
‘සීඅයිඩීට එන්න කියා මට දැනුම් දීමක් කර නෑ’ තමන්ට අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට කිසිදු දැනුම් දීමක් කර නොමැති බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පැවසීය. 27 November 2018
පාර්ලිමේන්තුව 29 වැනි දා තෙක් කල් තබයි දහවල් 1.00 සිට සවස 6.30 වන තෙක් පැය හතරක කාලයක් පුරා පැවැත්වුණු අද පාර්ලිමේන්තු සැසිවාරය සවස ලබන 29 වැනි දා තෙක් කල් තැබිණි. 27 November 2018
දකුණු සබේ අතුරු සම්මත ගිණුම සම්මතයි දකුණු පළාත් සභාව අද (27) රැස්වු අවස්ථාවේ ප්‍රධාන අමාත්‍ය ශාන් විජය ලාල්ද සිල්වා මහතා විසින් ලබන වසරේ ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා මාස හතරක කාලය සඳහා ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රිවරුන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ සම්මත විය. 27 November 2018
අද්මිරාල් රවීන්ද්‍ර තවම රහස් පොලිසියට ඇවිත් නෑ කප්පම් ලබා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත් හට රැකවරණය දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අද (27) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ හිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මේ වන තෙක් පැමිණ නැතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 27 November 2018
මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් යළි අරඹයි මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් පසුව එම ස්ථානයේ කැනීම් කටයුතු නැවත අද (27) ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා පැවසීය. 27 November 2018
ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරු වර්ජනය අවසන් ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරන් විසින් ආරම්භ කර තිබූ වර්ජනය අද(27) පෙ. ව. 10 පමණ සිට අත්හිටවූ බව දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටිං ඉන්ජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 27 November 2018
අධිකරණ සේවයේ නිලධාරීන් 70 කට ස්ථාන මාරු වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අනුව දිසා විනිසුරුවරුන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළු අධිකරණ සේවා නිලධාරීන් 70 ට අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. 27 November 2018
අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අද රහස් පොලිසියට කප්පම් ලබා ගැනීම සඳහා කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයක් 11 දෙනකු පැහැරගොන ගොස් අතුරුදන් කළ සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත් හට රැකවරණය දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු නාවික හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ. 27 November 2018
එකිනෙකා හඳුනාගැනීම වැදගත් දේශපාලන ක්ෂේත්රය ඇතුළුව ඕනෑම ක්ෂේත්රයක රාජකාරී කටයුතු කිරීමේ දී එකිනෙකා හඳුනාගැනීම, එකිනෙකාගේ අදහස්, දැනුම, අත්දැකීම් හඳුනාගැනීම ඉතා වැදගත් යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) ප්‍රකාශ කළේය. 27 November 2018
මහින්ද අගමැති කළේ හොඳින් හිතා බලලයි රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත් කර නව ආණ්ඩුවක් පිහිටුවීමට ගත් තීන්දුව තමා හොඳින් හිතා බලා ගත් තීන්දුවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව හමුවේ අද (26) ප්‍රකාශ කර ඇත. 27 November 2018
ග්‍රාමීය පාලම් 250ක් ඉදිකිරීම නෙදර්ලන්තයෙන් ආධාර රටපුරා ග්‍රාමීය පාලම් 250ක් ඉදිකිරීම සඳහා යුරෝ මිලියන 52.1ක මූල්‍ය ආධාරයක් ලබාදීමට නෙදර්ලන්ත රජය පියවර ගෙන තිබේ. 26 November 2018
හබරකඩ වසන්ත-මීගොඩ උපුල් වෙඩි හුවමාරුවකදි මරුට ප්‍රසිද්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු බව කියන හබරකඩ වසන්ත සහ මීගොඩ සුනිල් පොලිස් විශේෂ කාර්ය බළකායේ වෙඩි තැබීමකින් මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 26 November 2018
වසන්ත සේනානායක පාක්ෂිකයන්ගෙන් සමාව අයදී එක්සත් ජාතික පෙරමුණ පැත්තේ සිට මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට එක්වීම නිසා හෝ එම ආණ්ඩුවේ සිට යළිත් එක්සත් ජාතික පෙරමුණට පැමිණීම නිසා හෝ කිසිවකුගේ හිත් රිදීමක් වූවා නම් ඊට සමාව ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා පැවසීය. 26 November 2018
ශ්‍රීලනිපයේ විශේෂ සම්මේලනයක් 04 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ සම්මේලනයක් ලබන මස 04 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. 26 November 2018
ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරෝ වැඩ වරති ඉන්ධන ප්‍රවාහන දුම්රියක රියදුරෙකුට සහ රියදුරු සහයකවරයෙකුට කිසියම් පිරිසක් විසින් කොලොන්නාව ප්‍රදේශයේදී පහරදීමකට විරෝධය දක්වා ඉන්ධන ප්‍රවාහන දුම්රිය රියදුරන් අද (26) පස්වරු 4 සිට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. 26 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026