(වසන්ත චන්ද්‍රපාල)
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායකයා විසින් පවත්වාගෙන ගිය පුහුණු කඳවුරක් ලෙසට සැලකෙන ස්ථානයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලීසිය විසින් සොයා ගෙන තිබේ.
කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේ සිදු කරන ලද මෙහෙයුමකදි පුහුණු කඳවුරක් ලෙස සකස් කළ මෙම නිවස සොයා ගැනිම සමත්වි ඇත.
සිව් මහලකින් යුත් මෙම නිවස උඩ වතුර ටැංකියක් තබා ඇති අතර එම ස්ථානයේ සිට අවට ප්‍රදේශ හොදින් නිරීක්ෂණය කිරිමට හැකියාව තිබේ.
අවට ගම්වැසියන් නොමග යැවිම සදහා මෙම ස්ථානය ගොවිපලක් පවත්වා ගෙන යන ලෙසට සකස් කර තිබේ. සහරාන්ගේ සහෝදරයා වන රිල්වාන් ගේ අතේ ඇගිලි සහ ඇසක් තුවාල වි ඇත්තේ මෙම ස්ථානයේ බෝම්බයක් හදන විට පුපුරා යෑමෙන් බව ආරක්ෂක අංශ විශ්වාස කරයි.
මෙම ස්ථානයේ තිබී බෝම්බ සකස් කිරිමට ගත් එස්ලොන් බට තුනක් ද සොයා ගැනිමට හැකි වී ඇති අතර, තාප්ප පිපිරවීමට මෙම එස්ලොන් බට යොදා බෝම්බ සකස් කරන බවද ආරක්ෂක අංශ සදහන් කරයි.
පසුගිය දිනෙක කටුනායක ගුවන් තොටුපලේ ආරක්ෂිත වැටක් අසළ තිබි මෙවැනි බෝම්බයක් හමුවී තිබේ.
මෙම ඉඩමේ සිටි පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ පිළිබඳව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලධාරීන් මේවා මින් පෙර නොදැන සිටියා වෙන්න බැහැ.
මුළු කාත්තන්කුඩි ප්‍රදේශයම ආවරණය වන පරිදි ස්ථීර හමුදා විශේෂ කාර්යය බලකා කඳවුරක් වහාම ස්ථාපනය කළ යුතුයි...
මේ පැත්තේ ඉන්න මිනිස්සුන්ගේ සහයෝගයක් නැතුව මේ වගේ දෙයක් කරගෙන යන්න අමාරුයි.. පේනවා නේද සහජීවනය කිය කිය මේ ගුණමකු අය ලෑස්ති වුනේ මොකටද කියලා පැහැදිලියි නේද ??
ආයුබෝවන්ඩ! මේ වර්ගවාදය අවුස්සන්ටවත්, අන්‍යාගමිකයින්ට පීඩා කරන්ටවත් ලියන දෙයක් නොවේ... දර කෑල්ලක් කඩා ගන්නට කැලයට රිංගුව, තමන්ට කියා හේනක් කොටාගන්ට තැනක් නැතිකමින් රජයේ බිම් කොටහක දවස පුරා හැප්පෙන දුප්පත් සිංහල මිනිහට රජයේ නිලධාරීන්ගෙන් අරියාදු බොහොම බව ආයේ රහසක් නොවෙයි. නැගෙනහිර, වයඹ පුරා පැතිර ඇති අමු කැලෑ මැද්දේ තවම පුරාවිද්‍යාවෙන් අතවත් තබා නොමැති බෞද්ධ පුරා විදුබිම්, නෂ්ඨාවශේෂ අපමණයි. එ්වා දිනෙන් දින විනාශ වෙන බව රහසක් නොවෙයි. මෙලෙසින් තම දේශපාලන සහ ආගමික හිතවතුන්ට රජයේ ඉඩම් ලබා දෙන්නේ බොහෝ විට පුරාවිද්‍යාවේ, මහවැලියේ නියෝග තඹ දොයිතුවකටවත් මායිම් නොකරයි. ඊට විරුද්ධව ඒ පළාත්වල උසාවිවලට කිව්වටත් ඵලක් නෑ. ඇතැම් සිංහල දේශපාලකයන්, ඇතැම් සිංහල පරිපාලන නිලධාරීන් දුප්පත් සිංහල මිනිහා දිහා බලන්නේ රවමින් ගොරවමින්... ඒකටත් එක්ක, අන්‍යාගමික මිනිස්සු තමන්ගේ මිනිහා උදව්වක් ඉල්ලන් ආවොත්, ආව වේගයට වැඩිය වේගයෙන් ඒ වැඩේ කරලා දෙනවා. එහෙම ගත්තු ඉඩම් තමා මෙව්වා. මේවා වහාම රජය සතු කරගන්නම ඕනෑ.
අපේ ආරක්ෂක අංශ අපට දෙමව්පියන් වගේ විශ්වාසයි. මේ ත්‍රස්තවාදීන් නීතිය ඉදිරියට පැමිණවූ පසු කුමක් සිදුවේද? ආරක්ෂක අංශවල මහන්සිය, කැපවීම වතුරේ යාවිද? එතැනයි ගැටළුව...
රජින්ද සහතික ඇත්ත රට පුරා හමුදා කදවුරු ඉදිකළ යුතුයි. රටට අනවශ්‍ය බරක් වන ඇමති මණ්ඩලය 10කට අඩුකොට, රටට අත්‍යවශ්‍ය ආරක්ෂාව ස්ථාපිත කල යුතුයි රටට ජාතියට ආදරයක් තියේනම්
ආරක්ෂක අංශ විසින් යම්කිසි විමර්ශනයක යෙදෙන ස්ථානයක වටා අනවශ්‍ය පුද්ගලයන්ට රොක්වෙන්නේ ඒවාට ඇඟිලි ගසන්න ඉඩ නොදෙන්න වගබලා ගත යුතුයි .
මේවට බට දීපු කෙනාවත් අල්ලන්න ඕනේ . පේන විදිහටනම් කුකුල් කෑම දාන්න හදලා වගේ .
එස්ලෝන් බට? වෙළඳ නාමය භාවිතා කරන්නේ ඇයි? PVC බට කියලා කියන්නේ නැතුව...