(මනෝජ් හර්ෂික)
ජාතික හෝ ජාත්‍යන්තර වශයෙන් ත්රස්ත්රවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සියලු දෙනාට මරණ දඩුවම ලබා දිය යුතු බවත් ඒ සඳහා ලංකාවේ පවතින නිතී කඩිනමින් සංශෝධන කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ ගම්පෙරළිය ජාතික වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 300ක ප්රතිපදනයකින් කොලොන්නාව ආසනයේ සංවර්ධනය කර ඇති අතුරු මාර්ග 20ක් ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
තමන් ශ්‍රී ලාංකීක මන්ත්‍රීවරයකු බවත් එල්ල වූ ත්‍රස්ත්‍ර ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් මෙම සිදු වීමට ආධාර, අනුබල ලබා දුන් සියලුදෙනාට තරාතිරම නොබලා දඬුවම් දිය යුතුබව ද මරික්කාර් මහතා සඳහන් කළේය.
ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට අධිකරණය මඟින් වරද තහවුරු වූ පසු දඬුවම්දීමට ගැටලුවක් තිබේ නම් නිතී සංශෝධන කර මරණ දඬුවම ලබාදීමට කඩිනමින් කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඇති වී තිබෙන කළබලකාරී වාතාවරණය හමුවේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සිදු කරන මෙහෙය අගය කරන බවත් සියලු ම ආගමික නායකයින් මේ අවස්ථාවේ රටේ සියලුම ජනයාගේ මනස නිවැරදි කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් මරික්කාර් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම කළයුතු දෙයක්..., ඔය කතාව විවෘත කිරීමේ උත්සවයට පමණක් සීමා නොකර ඔබතුමාට පුළුවන් නම් මේ සම්බන්ධයෙන් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න.
මරණ දඬුවම දිය යුත්තේ අපිද? කියව කියවා ඉන්නේ... කරන්නකෝ...!!!
අල්ල ගත්තම බේරා ගන්න කෝල් කරන්නෙත් මේ අයම තමා
අනාගතයේ සම්බන්ද වෙයි කියලා හිතන අයටත් මරණීය දණ්ඩනය දෙන්නයි අපේ යෝජනාව. කැමතිද? ඒගොල්ලෝ තමයි කඩු, කිනිසි, තුවක්කු ළඟ තබාගෙන ඉන්නේ.
මුස්ලිම් දේශපාලකයන්, ව්‍යාපාරිකයන් සහ ආගමික නායකයන් මුස්ලිම් අන්තවාදීන්ට මුලධර්මවාදින් නැවත මෙවැනි ක්‍රියා ඇති නොවීමට වගවිමටත් එයට විරුද්දව ක්‍රියාකිරීමෙන් සහ ප්‍රබල හඩක් රට තුල ගොඩනැගීමෙන් මුස්ලිම් ජාතිකයන් කෙරෙහි ඇති වි තිබෙන තිබෙන අවිස්වාශය අවම කිරීමට හැකියාව පවතී.
ඔව් මම ඒගැන සලකලා බලනවා.
බොහොම හොඳ ප්‍රකාශයක්, අවුරුදු කීපයකට පෙර මොහු ජීවත් වන දෙහිවල ප්‍රදේශයේ, ඔහුගේ ගේ ඉදිරිපිට ප්‍රදේශ වාසීන් අවුරුදු උත්සවයක් අවසානයේ.. සංගීත ප්‍රසංගයක් පැවැත් වූ අතර. මොහු ගෙදරට පැමිණි විගසම සංගීත ප්‍රසංගය නවතා දමන ලෙස අණ කරන ලදී. අසල්වැසියන් ට සැලකූ අයුරු කොලොන්නාව නොදනී
වෙලදාම, ව්‍යාපාර කරන බහුතරය මුස්ලිම්වරුන් . හෝටලේ මියගිය ස්ටාෆ් එකේ බහුතරය මුස්ලිම්වරුන්. ආර්ථිකය කඩාවැටීමෙන් රිදෙන්නෙ මුස්ලිම්වරුන්ට. ඉතින් මේ විශබීජ රටින් තුරන් කරන්න ඒ අය ප්‍රමුඛත්වය දෙන්නම වෙනවා.