පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ මස්සිනා වන මව්ලානා රිලා සහ ඔහුගේ සගයෙකු ඉන්දීය ඔත්තු සේවාවල දැනුම්දීම මත සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත.
හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සදහන් කළ පරිදි සහරාන්ගේ මස්සිනා සෞදි අරාබියට ගොස් ඇත්තේ ෂහනවාජ් යන නමකින් පෙනී සිටිමිනි.
හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත සදහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් පිළිබදව ඉන්දීය ආරක්ෂක අංශ සෞදි බලධාරින් වෙත දැනුම්දීමක් කර ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රහාරය තම මෙහෙයුමක් බවට අයිඑස් සංවිධානය ප්‍රකාශ කළ අතර ඉන්දියාව ද තම රටේ අයි. එස්. ක්‍රියාකාරකම් ගැන දැන් විශේෂ අවධානයක් යොමුකර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් කියා සිටියේය.
(125)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න මොන ප්රතිපත්ති තිබුණත් රට ගැන මුලින් හිතන දේශපාලකයන් ඉන්න රටක්.
එතකොට මේ පුද්ගලයන් රට ගියේ ලකාවේ ගුවන්තොටපොලින් නොවේද.? අල්ලපු රට දැනගන්න කම් අපේ උන් පොල්ගෑවද.? ගුවන් තොටුපොලින් එළියට එනකොට යන්න තියෙන එකම වැසිකිලියේ තියෙන්නේ පල්ස්ටික් බාල්දි... කට කපපු ගැලුන්..විදේශිකයෝත් යන්නෙත් එකටම ....එහෙම රටේ මොන නවීන ක්රමද ?