(තරංග ගුණරත්න)
තමිල්නාඩු තවුහිත් ජමාත් සංවිධානයේ දේශන සහ විවාද සහිත කැසට්පට සහ සංයුක්ත තැටි(සීඩී) තොගයක් සහිත බෑගයක් වැලිගම දෙනිපිටිය සමගි මාවතේ ගඟ අසළක තිබියදී අද (5) සොයාගත් බව කොක්මාදුව විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.
වැලිගම කොක්මාදුව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් ලද තොරතුරක් මත මෙම බෑගය සොයාගෙන ඇත.
එහි තමිල්නාඩු තහිත් ජමාත් සංවිධානයේ දේශන සහ විවාද සහිත කැසට්පට 31ක්, සහ සංයුක්ත තැටි 11ක් තිබී ඇත.
මේ සම්බන්ධයෙන් සැකකටයුතු කිසිවෙකු හමුවී නොමැත.
වැලිගම පොලිසිය සහ කොක්මාදුව විශේෂ කාර්ය බලකා කඳවුර පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd