(හිරාන් ප්‍රියකර ජයසිංහ)
මීගමුව පොරුතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර අද (5) සවස ඇතිවු ගැටුමකින් පසු තත්වය පාලනය කිරීමට පොලිස් ඇඳිරි නීතිය මීගමුව ප්‍රදේශයට යෙදූ බව පොලිස් මුලස්ථානය කියයි.
මෙම ගැටුම මීගමුව කොච්චිකඩේ පොරුතොට ප්‍රදේශයේ අද සවස සිදුව ඇත්තේ එක් පාර්ශවයක තරුණයින් දෙදෙනෙකුට, අනෙක් පාර්ශවයේ පිරිසක් පහරදී කැපුම් තුවාල සිදු කිරීමත් සමග බව කියයි.
පසුව පහර කෑමට ලක්වු පිරිසේ විශාල පිරිසක් පොරුතොට ප්‍රදේශයට කඩා වැදී ප්රකෝපකාරි අයුරින් හැසිරී ඇති බවත් එහිදි වාහන කීපයකට හා වෙළඳසැල් ගණනාවකටත් හානි සිදුව ඇති බවත් ඒ සමගම ආගමික ස්ථානයකටත් හානි සිදුව ඇති බවද කියයි.
පසුව පොලිසිය හා යුද හමුදාව එක්ව තත්වය පාලනය කරමින් පවතින බවද වාර්තා වෙයි. මෙම තත්වය පාලනය කිරීමට වහාම අදාල ගැටුම ඇතිවු ප්‍රදේශය ඇතුළු මිගමුව පොලිස් කොට්ඨාශයටම ඇඳිරි නීතිය හෙට උදෑසන 7 දක්වා ක්‍රියාත්මක කිරීමට පොලිස් මුලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.

පොරුතොට වාහනයක් ගිනි තබා ඇති අයුරු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර සන්සුන් වන්න, පොලිසිය, හමුදාව පැසසුම් සහගතව කරගෙන යන පරීක්ෂණ වලට සහය දෙන්න. සතුරාට අනවශ්‍ය මානසික ආයුධ නොසපයන්න
සිංහල ත්රස්තවාදීන් එල්ලකළ පහර කියා කිව්වා නම් හරිනේ..
මමත් මීගමුවේ කෙනෙක්. මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම ප්‍රදේශයේ අඩු වැඩි වශයෙන් නම ගිය අය තමයි. 83 වුණා වගේ... මීගමුවේ නිලා කඩේ ගිනිතිබ්බා වගේ ජාතිවාදී වැඩක්... බහුතරයක් සිංහලයින් මේ වගේ අමන වැඩවලට දායක නොවන බවත් හොඳින්ම මතක තියාගන්න.
නියමයි කොල්ලනේ
මෙම සිද්ධිය ත්‍රී වීලර් නවතා තබන තැනක දෙදෙනෙකු අතර සිදුවූ බහින් බස්වීමක් දුරදිග යාම නිසා සිදුවූවක් බවයි අපට දැනගන්නට ඇත්තේ.
යහපාලනය සමග සියලුම දෙනා එකතු උනා.
මම මේ ගැන පරීක්ෂණයක් කරන්න ජනාධිපති කොමිසමක් ලබන මාසේ විතර පත්කරන්න බලාපොරොත්තුවෙනවා. වැරදි කරුවන්ට තරාතිරම නොබලා දැඩි දඬුවම් , සමහරවිට මට හිතුනොත් මිට සම්බන්ධ දෙපැත්තේම අයට මරණ දණ්ඩනය නියම කරනවා. මේ ගැන පත්තර කාරයින්ට කියපු අයව හම ගහනවා.
මේ අය දර්ගා නගරය මැදින් ගිය හාමුදුරුවන්ට නිකරුනේ ගහල විශාල ප්‍රස්නයක් ඇති කාල. ගම්පොල පෙරහරට ගල් ගහල ලොකු කෝල හලයක් ඔවුන් මුල පිරුවත් එය අසාර්ථක උණා. දිගන බීමත් පුද්ගලයෙක් මරල ලොකු විනාශයක් රටට කලා. රටේ අහල පහල ගම්වල සමග අවුරුදු 10 ක පමණ සිට ගැටුම් ,මොකද මේ ?
මට අර්නස්ට් පෝරුතෝටව මතක් වෙනවා. අනේ වාසේ...!
මෙතන මොනවා වුණාද කියලා අපි හරියටම දන්නේ නැති වුනත් මේ රටේ ඉන්න සමහර "උදවිය " හිතන් ඉන්නේ ඒ ගොල්ල "පොර" වල් කියලා.. රටේ නීතිය ගණන් ගන්නේ නැහැ. හෙල්මට් නැතුව පාරේ යනවා අල්ලගත්තම පොලිසියට විරුද්ධව පාරට බහිනවා. මේ උදවිය ඉන්න හැමපත්තකම ඇත්ත තත්වය ඕකයි. කලබලයක් හදාගෙන ඉල්ලන් කනවා.
කරුණාකර පාසල් ආරම්භ කර සිවිල් සමාජය යථා තත්වයට පත් කරන්න සූදානම් වන මේ වෙලාවේ පොලීසිය, හමුදාවට මිනිසුන් ලෙස සහය වන්න. සත්තු ලෙස නොහැසිරෙන්න. එක එක බළල් අත් දික්වෙයි. එ්ත් මේ අවස්ථාවේ මනුස්සයින් වගේ ඉන්න. සත්තු වගේ හපා කන්න එපා.
ඉවසීම හා මනුස්සකම නිවට කමක් ලෙස හිතනවා වෙන්න පුළුවන්
කලබල වෙන්න එපා.. මුස්ලිම් ගොඩක් අය හොඳ අය.. පොඩ්ඩ දෙනෙක් කරන වැරදි නිසා හැමෝටම දොස් කියන එක වැරදියි.. සිංහල පොඩ්ඩ දෙනෙකුත් බලාගෙන ඉන්නවා ජාතිවාදය අවුස්සන්න. අපි හැමෝම ශ්‍රී ලංකන්.. බෙදෙන්නේ නැතුව එකතු වෙමු.
මේ හම්බයන් හිතන් ඉන්නේ මේක අරාබිය කියලයි. මොවුන් එක්කෝ හදන්න ඕනේ... නැත්නම් පන්නන්න ඕනේ...
මුස්ලිම් ජන සමාජය පාලනයකට යටත් කළයුතු බව දැන් තේරනවා හැමෝටම...