(තිළිණි ද සිල්වා සහ ජව්ෆර් ඛාන්)
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ට මීළඟ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමිය යුතු යැයි විවිධ ජාති සහ ආගම් වලට අයත් ආගමික නායකවරු, පුද්ගලයෝ රැසක් අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ යෝජනා කරමින් සිටිති.
මෙරට බහුතරයක් දෙනා පරිශීලනය කරන ෆේස්බුක්, ට්විටර්, වැනි අන්තර්ජාල සමාජ මාධ්‍ය සේවා භාවිත කරන බෞද්ධ, ඉස්ලාම්, හින්දු ආගමික නායකයින් හා බැතිමතුන් විසින් මෙම යෝජනා ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි.
ඉකුත් පාස්කු ඉරිදා කතෝලික දේවස්ථාන ඇතුළු ස්ථාන කිහිපයක් ඉලක්ක කරගනමින් සිදුවූ ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් කතෝලික බැතිමතුන් රැසකගේ ජීවිත අහිමිවීම් වාර්තා වී තිබියදී එම සියලු අහිමිවීම් දරාගෙන රට තුළ සාමය රැකීමට කැපකිරීම් රැසක් මධ්‍යයේ කළ මඟපෙන්වීම හා කාදිනල්තුමන් මෙලෙස නොබෙල් සාම ත්‍යාගය හිමි විය යුතු යැයි ඔවූහු එම සමාජ මාධ්‍ය තුළ විවිධ වැකි සහ ඡායාරූප ඉදිරිපත් කරමින් මේ බව යෝජනා කර සිටිති.
එසේම ඉකුත් දා ඇති වූ එම ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසුව කතෝලික බැතිමතුන් ප‍්‍රධානව රටේ සියලු ජනතාව තුළ සාමය ඇති කිරීම වෙනුවෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් කළ විශේෂ කැපවීම ශුද්ධෝත්තම ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේද විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ඇගැයුමට ලක් කළහ.
මේ අතර මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ට මේ වසරේ සාමය සඳහා වන නොබෙල් ත්‍යාගය පිරිනැමිය යුතු යැයි ග‍්‍රාමීය ආර්ථික, කෘෂිකර්මාන්ත, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අමීර් අලී මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
‘‘පාස්කු ඉරුදින සිදුවූ ම්ලේච්ඡ ක‍්‍රියාවේ පිටුපස රටතුළ විශාල ජාතිවාදී කෝලාහළ ඇති වීමේ වාතාවරණයක් තිබුණා. එවැනි අර්බුදකාරී තත්ත්වයේදීත් තම ජනයාගේ ජීවිත අහිමි වීම් දරා ගෙන සාමය රැකීමට දිගින් දිගටම තම ජනතාවට කරන ලද ඉල්ලීම නිසා මේ රටේ සිදුවීමට තිබූ ජාතිවාදී කලබල නතර වුණා. නැතහොත් සිංහල ‐මුස්ලිම් හෝ දෙමළ‐මුස්ලිම් ජාතීන් අතර කලබල ඇතිවීමේ ඉඩකඩ තිබුණා.
‘‘ එවැනි අවස්ථාවක කතෝලික ජනතාව තම පාලනය යටතට රැගෙන සාමයෙන් හා සමාදානය ඇති කරලීමට කැපවූ හිමිපාණන්ට මුළු මහත් මුස්ලිම් සමාජය පමණක් නොව මුළු රටටම ගෞරව කිරීමට බැඳි සිටිනවා.
‘‘ ආගමික නායකයින් මෙසේ මාර්ගෝපදේශකත්වය ලබා දිය අයුරු ධර්මිෂ්ඨ වගකීමෙන් යුත් පණිවිඩය රටේ ජනතාවට හා ආගමික නායකයින්ට ක‍්‍රියාවෙන් පෙන්වා ඇත.
‘‘මෙම දේශයේ ඇතිවීමට තිබූ විශාල විනාශ්‍ය තමන්ගේ අධ්‍යාත්මක වචනය මඟින් නැති කර සියලූම ජාතීන්ගේ මනසත් විශේෂයෙන්ම ත‍්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක‍්‍රියාවෙන් අසරණ වී සිටින අහිංසක මුස්ලිම් ජනයාගේ හදවත් දිනාගත් අතිඋතුම් අගරදගුරු හිමිපාණන්ට සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරිනැමිය යුතු බව මුස්ලිම් සමාජය වෙනුවෙන් ඉල්ලා සිටින ලදී. ඒ සඳහා අද දින සිට ක‍්‍රියාකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සිය නිවේදනයේ සඳහන් කර සිටී.
සෑම වසරකම නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සිදුවන්නේ දෙසැම්බර් 10 වැනිදාය. ඒ, නොබෙල් කමිටුව පිහිටුවීමේ පුරෝගාමියා වූ ඇල්ෆ‍්‍රඩ් නොබෙල් අනුස්මරණය කරමිණි. සාම ත්‍යාගය පිරිනැමීම සිදුවන්නේ නොර්වේ හි ඔස්ලෝ නුවරදීය.
දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් එරෙහිව හඬ නගන ස්වීඩන ජාතික 16 හැවිරිදි මානව ක‍්‍රියාකාරිණිය ගේ‍්‍රටා තන්බර්ග්ගේ නම ද 2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කළ බව නෝර්වේ රාජ්‍යයේ සමාජවාදී ජනාධිපති ෆ්‍රෙඩී ඇන්ද්රේ වෙස්ට්ගාද් නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගරදගුරු වහන්සේ තරම් කෙනෙක් මම තවත් දැක නැත. උන්වහන්සේ අපේ රටේ නායකකමට ඉතාමත් සුදුසුයි.
ඔව්, ඔව් මුස්ලිම් මිනිස්සුම යෝජනාව ගේනඑක හොඳයි. මෙතුමා නැතිනම් කරපු වැඩේ හැටියට එයාලට අපත් නැහැ.
ඇත්තෙන්ම අතිගරු මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ඒ සඳහා ඉතාම සුදුසු මෙන්ම අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා උන්වහන්සේට එම ත්‍යාගය ලැබෙන්නේ කියා...
ඇත්තෙන්ම ප්‍රශංසනීය වගේම කාලෝචිත අදහසක්...
කිසිම බේදයකින් තොරව සියලුම ජනතාව මෙයට එකඟ වනවා පමණක් නොව එකහෙලාම අනුමත කළ යුතුයි.
මම බෞද්ධයෙක් නමුත් මම මුල සිටම පාදිලිතුමාගේ කතා අසා තිබෙනවා. මම මුලින්ම යෝජනා කරා මෙතුමාට නොබෙල් ත්‍යාගය හිමි විය යුතුමයි... අපි බලාපොරොත්තු ඉෂ්ඨ වුණා සොබාදහමට ස්තුතිවේවා..!!!
ඒ ත්‍යාගය ගැන හොඳින්ම දන්නා එතුමා එම යෝජනාව ප්‍රතික්ෂේප කරනවා නියතයි. එතුමා ඉන්නෙ නිවැරදි දැක්මක. අවබෝධයක
මම බොද්ධයෙක්මි. මෙතුමාට මෙය ලැබෙන බව අප සවන් දුන් දේශන වලින් දැන සිටියා ස්වභාවධර්මය හරි දේ කරාවි. මෙතුමා අපේ දේශපාලකයන්ට ඉතාම ආදර්ශයක්. දියමන්තියක් මෙන් ලොව බැබලේවා
ඕවට අහුවෙන්න එපා අගරදගුරු තුමෝ. එම අවස්ථාවේ ජනතාව සන්සුන් කලා වගේම නැවත එවැනි බිහිසුණු අපරාධ නොවෙන්න ඉස්ලාම් අන්තවාදය පරාජය කිරීමට රජයට බලකරන්න ඔබ වහන්සේ ජනතාව සමග එකතුවී පෙරමුණ ගන්න.