තලවකැලේ කඩ සාප්පු වැසේ වැටුප් වැඩිකර ගැනීම සඳහා වතුකම්කරුවන් විසින් සිදුකරනු ලබන විරෝධතාවයන්ට සහාය දැක්වීම උදෙසා තලවකැලේ නගරයේ සියලුම කඩ සාප්පු අද (26) වසා දැමීමට ව්‍යාපාරික ප්‍රජාව විසින් පියවර ගනු ලැබීය. 26 November 2018
තුන්වැනි පාසල් වාරය 30 වැනිදායින් අවසන් සියලුම රජයේ පාසල් සහ රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල්හි තුන්වැනි පාසල් වාරය මෙම මස 30 වැනිදා (සිකුරාදා) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි. 26 November 2018
පාර්ලිමේන්තුවේ මහජන-ප්‍රභූ ගැලරි හෙටත් වසා දමයි පාර්ලිමේන්තු සැසිය පැවැත්වෙන හෙට (27) මහජන ගැලරිය සහ කතානායක ආරාධිත ගැලරිය වසා දැමීමට තීරණය කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 26 November 2018
යාපනය මුහුදු වෙරළට දැවැන්ත තල්මසෙකු ගොඩ ගසයි යාපනය කන්කසන්තුරෙයි කීරිමලෙයි මුහුදු තීරයට මිය ගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීහු පවසති. 26 November 2018
උසාවි වාරණ තිබියදීත් යාපනය සරසවියේ රහසේ කොටි සැමරුම් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් පැවතියද අද (26) අලුයම කොටි නායක ප්රභාකරන්ගේ උපන්දිනය වෙනුවෙන් උපන්දින සැමරුම් වැඩසටහනක් යාපනය විශ්විද්‍යාල සිසුන් විසුන් රහසිගතව පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි යාපනය පොලීසිය පවසයි. 26 November 2018
හඳුන් දිවියකුගේ සිරුරක් හමුවෙයි වාහනයක ගැටී මිය ගිය හඳුන් දිවියකුගේ සිරුරක් අද (26) අලුයම හමු වී ඇති බව දිඹුල පොලිසිය පවසයි. 26 November 2018
වැස්සෙන් ඉරාකයේ 21ක් මරුට: දස දහස් ගණනක් අවතැන් දින දෙකක් පුරා ඉරාකයට ඇද හැලෙන වර්ෂාවෙන් ඉරාක වැසියන් 21ක් මියගොස් , දස දහස් ගණනක් අවතැන් වී ඇත. 26 November 2018
අගමැති ආරක්ෂකයන් 500කට දුන් ස්ථාන මාරු පැය 24න් අවලංගු කරයි අගමැති ආරක්ෂක කොට්ඨාසයේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් 500 දෙනකුට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග පරිදි මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්යක්ෂ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ අත්සනින් ඊයේ (24) ලබා දුන් ස්ථාන මාරු පැය 24ක් යන්නට මත්තෙන් අද (25) යළිත් අවලංගු කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි. 25 November 2018
සාක්කිකාර ලුතිනන් කමාන්ඩර්ට නාවික හමුදාව ඇතුළේදීම තර්ජනය කරලා තරුණයක් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළැයි කියන නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන නේවි සම්පත්ට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා නාවික හමුදා පරිශ්‍රයේ රැකවරණය දුන් බව කියන සිද්ධියේ සාක්කිකකරුවකු වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි නම් නිලධාරියාට පිරිසක් තර්ජනය කළ බවට පැමිණිල්ලක් ලැබුණු බව කොටුව පොලිසිය කියයි.. 25 November 2018
අප්‍රිකාවේ වික්ටෝරියා විලෙහි යාත්‍රාවක් පෙරැළී 29ක් මරුට අප්‍රිකාවේ වික්ටෝරියා විලේ ගමන් කරමින් තිබු යාත්‍රාවක් පෙරැළීමෙන් පුද්ගලයින් 29 දෙනකු මිය ගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. 25 November 2018
ස්ථිර පත්විම් නොමැති සමෘද්ධි නිලධාරීන් ස්තීර කිරීමට යයි උතුරු නැගෙනහිර පළාත ඇතුළුව දිවයින පුරා ස්ථීර පත්වීම් නොමැතිව සේවය කරනු ලබන සමෘද්ධි නිළධාරීන් 14,000 වැඩි පිරිසක් ස්ථීර කිරීමට ක්‍රියාකරන බව නිවාස හා සමාජ සුබසාධන අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. 25 November 2018
රනිල් අගමැති නොකරන බව ජනාධිපති විදෙස් මාධ්‍යවේදීන් හමුවේ කියයි රනිල් වික්‍රමසිංහ මහතා ජීවිතේට අගමැති පත් කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම අගමැති ධුරයට යෝජනා වුවහොත් ඔහුවද අගමැති ලෙස පත් නොකරන බව ද ජනාධිපතිවරයා කීවේය. 25 November 2018
රනිල්ගේ කාලේ වංචා හොයන්න ජනපති කොමිසමක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ සිදුවූ දූෂණ වංචා සෙවීමට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 25 November 2018
පැය 24 කදී වරෙන්තුකරුවෝ 192 ක් අත්අඩංගුවට ගම්පහ දිස්ත්‍රික්කයේ අද (25) කළ වැටලීම්වලින් අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවන් 192 ක් අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 25 November 2018
මව්කුස තුළදීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු බිළිදුන් 600ක් ස්කොට්ලන්තයේ 2015 වසරේ සිට මේ දක්වා මව්කුස තුළදීම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වු බිළිදුන් 600ක් ස්කොට්ලන්තයේ දී උපත ලබා ඇති බව සෞඛ්‍ය අංශය අනාවරණය කරයි. 25 November 2018
සිරගත කර සිටින රණවිරුවන් නිදහස් කරන්නැයි පාගමනක් වසර 30ක කාලයක් පැවති යුද්ධය නිමා කිරීමට කැපවී සේවය කළ රණවිරුවන් පිරිසක් මේ වන විට සිරගත කර තිබෙන බවත්, ඔවුන් වහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙසත් රජයට බල කරමින්, අබාධිත රණවිරුවන් පිරිසක් අද (25දා) අනුරාධපුර ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් අභියස සිට කතරගම කිරි වෙහෙර දක්වා පා ගමනක් ආරම්භ කළහ. 25 November 2018
විදේශයන්හි රඳවා ඇති මුදල් මෙරටට ගෙන්වා ගැනීමට බදු සහන පැකේජයක් මෙරට ව්‍යාපාරිකයන් විසින් විදේශයන්හි රඳවා තිබෙන මුදල් මෙරටට ගෙන්වා ගැනීම සඳහා ආයෝජන ප්‍රවර්ධන බදු විමුක්ති පැකේජය නමින් සහන පැකේජයක් හඳුන්වාදෙන බව ආයෝජන ප්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (25) පැවසීය. 25 November 2018
වතුකම්කරු වැටුප වැඩිකරන්නැයි උද්ඝෝෂණයක් වතු කම්කරුවන්ගේ දෛනික මුලික වැටුප රු 1000 දක්වා වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් පුස්සැල්ලාව ප්‍රදේශයේ තරුණයන් සහ තරුණියන් අද (25) පුස්සැල්ලාව නගරයේදී උද්ඝෝෂණයක් කළහ. 25 November 2018
‘පොජපෙ ගැන තීරණ ගත හැක්කේ පක්ෂයේ ප්රබලයින්ට පමණයි‘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට පක්ෂය ගන්නා තීරණ ගැන ප්‍රකාශ කළ හැක්කේ අගමැති මහින්ද රාජපක්ෂ, ජනපති මෛත්‍රීපාල සිරිසේන, එහි සභාපතිවරුන් වන ජී.ඇල් පීරීස් හෝ බැසිල් යන මහත්වරුන්ට මිස ඒපැත්තෙන් ඇවිත් දින දහතුනකට පෙර සාමාජිකත්වය ගත් ලක්ෂමන් යාපාට නොවන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා අද (25) පැවසීය. 25 November 2018
විනය භාරව කටයුතු කළ ශිෂ්‍ය නායකයා ගහලා මරලා බේරුවල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුන් දෙදෙනකු අතර ඇතිවු ගැටුමකින් රෝහල් ගතකර සිටි එක් සිසුවකු අද (25) මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි. 25 November 2018
අගමැති මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක් රට ගොඩ ගැනීමට ඇති අන්තිම අවස්ථාව මෙය බැවින් මැතිවරණ නොපවත්වා දිගටම බලයේ හිඳිමින් රට විනාශ කිරීමට වළිකන බලවේග පරාජය කිරීම සඳහා එකතු වෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (25) සියලූ රට වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය. 25 November 2018
තවත් සයිටම් සිසුන් 80 ගෙන් ලියාපදිංචිය ඉල්ලා අයදුම්පත් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ තවත් සිසුන් 80 දෙනෙකු ලියාපදිංචිය ඉල්ලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අයදුම්පත් ඉදිරිපත් කර තිබේ. 25 November 2018
දේශගුණික විපර්යාස නිසා ඇමරිකානු ආර්ථිකයට හානි දේශගුණික විපර්යාස හේතුවෙන් ශතවර්ෂය අවසානයේ ඇමරිකානු ආර්ථිකයට ඩොලර් බිලියන සිය ගණනක වාර්ෂික පාඩුවක් සිදු වනු ඇතැයි එක්සත් ජනපදය අනතුරු අඟවයි. 25 November 2018
හැකිනම් මහ මැතිවරණයකට එන්න මැතිවරණයකට නොගොස් බලයේ රැදී සිටීමට දරණ උත්සහය මේ දිනවල පාර්ලිමෙන්තුවේ සිදුවන වැඩ වලින් පෙනෙන්නට ඇතැයි පැවසු ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක රාජ්‍ය භාෂා සහ සංහිදියා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හැකිනම් මහ මැතිවරණයකට මුහුණ දී පෙන්වන්නැයි එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක්ද කළේය. 25 November 2018
පොලිස්පති පුජිත්ගෙන් පැය 4 ක් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ සහකාර පොලිස් අධිකාරීවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අද (25) පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන් පැය හතරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. 25 November 2018
නීතිඥ සංගමයේ සභාපති කොන්දේසි විරහිත සමාවක් ඉල්ලයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විධායක සභාවේ අනුමැතියකින් තොරව මාධ්‍ය හමුවක අදහස් දැක්වීම තුළින් තමා වරදක් කර ඇති බව එහි සභාපති ජනාධිපති නීතීඥ යු.ආර් ද සිල්වා මහතා පිළිගෙන ඒ සම්බන්ධයෙන් කොන්දේසි විරහිත සමාවක් ඉල්ලා ඇති බව වාර්තා වේ. 25 November 2018
‘පක්ෂවල පව් මහජනතාවගේ කරපිටින් නොයවා මැතිවරණයක් කැඳවන්න‘ දේශපාලන පක්ෂවල පව් රටේ මහජනතාවගේ කරපිටින් නොයවා ස්ථාවර රටක් වෙනුවෙන් වහාම මහමැතිවරණයක් කැඳවන ලෙසට ඇල්ලේ ගුණවංස හිමියෝ කොළඹදි අද(25) පැවැසූහ. 25 November 2018
පොලිස්පති පුජිත්ගෙන් රහස් පොලීසිය ප්‍රශ්න කරයි සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටී. 25 November 2018
යෝෂිත එෆ්සීඅයිඩියට යෝෂිත රාජපක්ෂ මහතා විසින් රුපියල් ලක්ෂ 45 ක් වටිනා රත්මලානේ නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විහාග වන නඩුවට අදාළව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අත්සන් කිරීම සඳහා අද (25) පැමිණියේය. 25 November 2018
තායිවාන ජනපතිනිය ඉල්ලා අස්වෙයි තායිවානයේ ජනාධිපති සායි ඉන් වෙන් මහත්මිය ජනපති ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි. 25 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026