(ඩී. කේ. රත්න)
වැලිමඩ දඹවින්න ප‍්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී සිවුරු, අඳනකඩ සහ යුද හමුදා ඇඳුම් තොගයක් සමඟ මාංචු යුගළක් ළඟ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයින් දෙදෙනෙකු අද (3) අත්අඩංගුවට ගෙන ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි.
භික්ෂූන් වහන්සේලා භාවිතා කරන සිවුරු 7ක්, අඳනකඩ 8ක්, කහ පැහැති තුවා 20ක්, කහ පැහැති කොට්ටඋර 6ක් සහ ගුවන් හමුදාව භාවිතා කරන කමිසයක්, හමුදා කැළෑ ඇඳුමක් හමුදා මුහුණු ආවරණ කිහිපයක්, මාංචු යුගලක්, හමුදාව කෑලෑ තුළදී භාවිත කරන ශරීර ආලේපන තොගයක් මොවුන් දෙදෙනා සතුව තිබී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා වැලිමඩ දඹවින්න හද්දාවුල ප‍්‍රදේශයේ පදිංචි හනීපා මෙහොමඩ සාරිෆ් නැමති පුද්ගලයෙකු හා වැලිමඩ බොරලන්ද පාර දඹවින්න පදිංචි මෙහොමඩ් තාහිර් මහරුෆ් නැමත්තෙකි.
වැලිමඩ පොලීසිය හා යුධ හමුදාව ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වැලිමඩ පොලීසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවත් අර සිවුරුවල පාටට සමාන කර්ටන් රෙදියි කියාවි ද දන්නෙ නෑ..
ථෙරපුත්තාභය වීරයා වගේ රට වෙනුවෙන් සටන් කරලා පස්සෙ මහන වෙන්නයි ඉඳලා තියෙන්නෙ, හරියට අර කඩුවලින් පල්ලි වටේ තණකොළ කපනවා වගේ.
මේවා වැරදි විදිහට දකින ත්‍රස්තයොත් ඉන්නවා
හැබැයි එකක් කියුතුයි. පිරිකර වෙළඳාම කරන අහිංසක මුස්ලිම් මිනිසුන් ගොඩක් ඉන්නවා. එවැනි අයට හිරිහැරයක් නොවේවා
ඔව් ඔව් ඇපා. මේගොල්ලෝ කොළ කන්නාඩි දාගත්ත ත්‍රස්තොයෝ වෙන්නත් පුළුවන්....
අපගේ ජිවිත කාලෙටම ඇහුවාමයි කඩුවලින් තණකොළ කපන මිනිසුන්. කාවද මේ රවටන්නේ. 225 වූ රෑන රැවටුනත් කල්පනා ශක්තිය යන්තමින් හෝ තිබෙන මිනිසුන් මෙවන් මෝඩ තර්ක නිදහසට කාරනා පිලිගනිවිද ??
ඒක නම් මමත් විශ්වාස කරනවා ජයසේකර.. ඇත්ත කිව්වාම රුස්සන්නේ නැති ඒ වගේ ටිකකුත් ඉන්නවා.
සමහර හාමුදුරුවරු අටපිරිකර, සිවුරු විකුණන්නේ මුස්ලිම් කඩවලට. සිංහල කඩවලට විකුණුවාම අහුවෙන නිසා... මෙයත් ඒ වගේ කෙනෙක්ද දන්නේ නැහැ.
හැබැයි මේ වෙද්දි මොනතරම් නම් දේවල් අහු වුණාද? ඒවා තියාගෙන, හංගගෙන, සගවලා තියාගෙන හිටිය අය.., පල්ලිවල පූජකයෝ.. අනිකුත් මුස්ලිම් ඒවට සම්බන්ධ අය.. මොනතරම් හිටියත් එවුන් අහු වුනත් අපේ රටේ තියෙන නීතියේ හිල්වලින්, ඒවට උදව් කරගෙන ඉන්න මුස්ලිම් ජාතික දේශපාලකයන්ගේ නාමයෙන් මොවුන් ඔක්කොම වැඩි කාලයක් නොයාම ආපහු එළියේ.. දැනටමත් එවන් අය මුදා හැරලා, දර්ගා ටවුන් වල වගේ පැතිවල වෙන සිද්දි හරියට වාර්තාවීමක් නෑ. ඔබලා සිතා බලන්න මේවා එක දිනකින් දෙකකින් එකතු කරලා හංගලා තියන් හිටපු ඒවද.? නෑ, දැන් බොහෝ කාලයක් තිස්සේ මේ සෙල්ලම කරගෙන ගියා.., අර දේශපාලකයන් මීටින් වල එක එක කතා කියමින් අපේ එවුන් රැවැට්ටුවා. දැන් පේනවද වෙලා තියෙන දේවල්...?