කතානායකගේ තීරණය නීති විරෝධී යැයි ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම කල්යයි විසුරුවා හැර තිබූ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට කතානායකවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම ලබන 04 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) තීන්දු කළේය. 23 November 2018
වහාම ජනාධිපතිවරණයක් කැඳවන්නැයි එජාප නායකයෝ ජනපතිගෙන් ඉල්ලති මහ මැතිවරණය පැවැත්වීමෙන් පසුවත් බලයට පත් වන්නේ ජනාධිපතිවරයාට විරුද්ධ බහුතරය සහිත කණ්ඩායමක් බැවින් උද්ගතව පවතින අර්බුදය විසදීම සඳහා වහාම ජනාධිපතිවරණයක් කැඳවන ලෙස එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයෝ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිති. 23 November 2018
රටේ තත්ත්වය ගැන පැය හතක විවාදයකින් පසු පාර්ලිමේන්තුව කල් තැබේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ කතාවෙන් පසු නියෝජ්‍ය කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව ලබන 27 වැනි දා පස්වරු 1 වන තෙක් කල් තබනු ලැබීය. 23 November 2018
වනඅලි ප්‍රහාරයෙන් මිය ගිය දැරියන්ට සාධාරණය ඉල්ලා ගම්වාසීන් උද්ඝෝෂණයේ මහියංගන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පඟරගම්මන, රෝහණ හා ඒ අවට ගම්වාසීන් 500 ක පමණ පිරිසක් අද (23) උදෑසන බදුල්ල මහියංගන මාර්ගයේ 20 කණුව මාපාකඩ ප්‍රදේශයේ මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි. 23 November 2018
ඩොලරය 180 ත් පනී මෙරට ඉතිහාසයේ පළමු වරට එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (23) රුපියල් 180 සීමාව ඉක්මවා ගියේය. 23 November 2018
සල්ලිවලට මහින්දගේ ආණ්ඩුවට කතා කළ උදවිය ගැන රංගේ බණ්ඩාර මැතිසබේදී හෙළි කරයි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත් කිරීම ගැන අවසන් එකඟතාවකට නොපැමිණීම නිසා පැවැති ඡන්දයට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු බව කතානායකවරයා තීරණය කළේය. 23 November 2018
හමුදා සෙබලා දියේ ගිලී මරුට යුධ හමුදාවට අයත් චාවාකච්චේරි ප්‍රදේශයේ හමුදා කවුඳරකට අනුයුක්තව සේවය කළ හමුදා සෙබලෙකු විල්ගමුව හදුන්ගමුව ප්‍රදේශයේ දී දියේ ගිලි මිය ගොස් ඇතැයි විල්ගමුව පොලිසිය කියයි. 23 November 2018
පක්ෂ නායක රැස්වීම අවසන් පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ සාමාජිකයන් පත් කිරීම ගැන අවසන් එකඟතාවකින් තොරව පක්ෂ නායක රැස්වීම අවසන් විය. 23 November 2018
පක්ෂ නායකයන්ගේ රැස්වීම ඇරඹෙයි පක්ෂ නායකයන්ගේ රැස්වීම මීට ස්වල්ප වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී ආරම්භ විය. 23 November 2018
ඇල්ල - වැල්ල වාය මාර්ගයට පස්කඳු කඩා වැටේ මහවැසි සමඟ ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ස්ථාන කීපයකට ඊයේ (22) රාත්‍රී පස්කදු කඩාවැටීම නිසා ගමනාගමනටයට බාධා පැමිණ ඇතැයි පොලිසිය පවසයි. 23 November 2018
තේරීම් කාරක සභාවට එජාපෙන් 5 නම් කරයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙනෙකුගේ නම් යෝජනා කර යැවූ බව එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවැසීය. 22 November 2018
දුමින්දට පාර්ලිමේන්තුව එපා වෙයි පාර්ලිමේන්තුව අවසන් වරට රැස්වූ නොවැම්බර් 14, 15, 16 සහ 19 දිනවල මුලු ලංකාවේම සහ විදේශයන්ගේ අවධානය පාර්ලිමේන්තුව වෙත යොමුවී තිබිණි. එහෙත් එම පාර්ලිමේන්තු රැස්වීම්වලට දුමින්ද දිසානායක මහතා සහභාගී වී නැත. 22 November 2018
දළඹුවෝ කල්පිටියේ වගාබිම් වනසති බෝග වගාවන්ට තර්ජනයක් වී ඇති සේනා දළඹුවාට සමාන කම් ඇති දළඹු විශේෂයක් මේ වන විට කල්පිටිය වගා බිම් ආක්‍රමණය කර ඇති බව වගා කරුවෝ පවසති. 22 November 2018
අර්බුදය විසඳන්න හොඳම ක්‍රමය ජනතා කැමැත්ත බැලීමයි රටේ ඇතිවී ඇති අර්බුදය විසඳීමට ඇති හොඳම ක්‍රමය ජනතාව ඉදිරියට පැමිණ ජනතාවගේ කැමැත්ත උරගා බැලීම බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (22) බෙලිඅත්තේදී පැවැසීය. 22 November 2018
පාර්ලිමේන්තුවට හෙටත් විශේෂ ආරක්ෂාවක් පාර්ලිමේන්තුවට හෙට (23) දිනයේත් විශේෂ ආරක්ෂාවක් යොදවන බව පොලිසිය පවසයි. 22 November 2018
ලක්ෂ 121ක හෙරොයින් සමඟ පුද්ගලයෙකු පොලිස් දැලේ රුපියල් ලක්ෂ 121ක් වටිනා හෙරොයින් මත්කුඩු තොගයක් සහ ලක්ෂ 61ක මුදලක් ජිප් රථයකින් ප්රවාහණය කරමින් සිටි පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද (22) අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 22 November 2018
ප්රජාතන්ත්රවාදය යට ගැහුවොත් ජනපති කාර්යාලයත් නිල නිවසත් වටලනවා ජනාධිපති බලයට ආවරණය වී ප්රජාතන්ත්රවාදය යට ගහන්නට තවදුරටත් කටයුතු කළහොත් ලබන සතියේදී ජනාධිපති කාර්යාලය,ජනාධිපති නිල නිවස සහ ජනාධිපති මන්දිරය වටලන බව එක්සත් ජාතික පක්ෂයේ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මාධ්‍ය හමුවකදී අද (22) පැවැසීය. 22 November 2018
සේනා දළඹුවා මර්දනයට කෘමිනාශක සහනාධාරයක් බඩ ඉරිඟු ඇතුළු බෝග වර්ග සියයකට පමණ හානි කළ හැකි දරුණු දළඹු විශේෂයක් වන ‘සේනා’ නැමැති දළඹු විශේෂය මර්දනයට අවශ්‍ය කෘමිනාශක මිලදී ගැනීමට සියයට 50ක කෘමිනාශක සහනාධාරයක් තාවකාලිකව ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණයකර තිබේ. 22 November 2018
විශ්වාසභංග යෝජනාව පිළිගන්නා ලෙස ඇමරිකාවෙන් ඉල්ලීමක් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතියේ අධිපත්‍යයට අනුව පාර්ලිමේන්තුවේදී සම්මත වු විශ්වාසභංග යෝජනාව පිළිගන්නා ලෙස අමෙරිකානු සෙනෙට් සභික ක්‍රිස් වෑන් හෝලන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි. 22 November 2018
ගිනි අවි- උණ්ඩ සමඟ පාතාල සාමාජිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගිනි අවි දෙකක් සහ උණ්ඩ පහක් සමඟ පාතාල සාමාජිකයන් දෙදෙනෙකු මතුගම අලුත්ගම පාර පුස්තකාල මාවතේදී අද (22) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය පවසයි. 22 November 2018
විදෙස් ණය ගෙවීමට මහජන - ජා.ඉ.කිරීමේ බැංකුවලින් ඩොලර් මිලියන 1000 ක් ලබන වසරේදී රජයට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 1,500ක (බිලියන 1.5ක) ණය වාරිකය ගෙවිය යුත්තේ කෙසේද යන්න මේ වන විටත් සැලසුම් කර ඇතැයි ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා පැවසීය. 22 November 2018
කෘෂි-අපනයන බදු සහන රැසක් හෙට ප්‍රකාශයට කෘෂිකාර්මික හා අපනය ක්ෂේත්රයන්ට අදාළ බදු සහන රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (23) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. 22 November 2018
ඉහළ නිලධාරීන් පත්කිරීමේදී ජ්‍යෙෂ්ඨයන්ට ප්‍රමුඛත්වය දෙන්න’යි ජනපති නියෝගයක් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩලවල ඉහළ තනතුරුවලට පත්කිරීමේදී අමාත්‍යාංශයක අතිරේක ලේකම් මට්ටමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත්කරන්නැයි ජනාධිපතිවරයා සියලුම අමාත්‍යාංශවල ලේකම්වරුන්ට දැනුම් දී තිබේ. 22 November 2018
අලුත් කතානායකවරයකු සමඟ අලුත් ආණ්ඩුවේ කටයුතු ඉදිරියට ගෙන යනවා “අපි මහ ඡන්දය තියන්නේ 2020දීයි. මුලින්ම තියන්නේ පළාත් සභා ඡන්දයයි” යි මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පැවසීය. 22 November 2018
අග්නිදිග සරසවි සිසුහු විරෝධතාවක අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුහු අද (22) ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුහ. 22 November 2018
‘අධිකරණ තීන්දුව ගැන කලින් ප්‍රකාශ නිකුත් කරන රංජන්ට එරෙහිව නඩුවක් ගොනු කරනවා ‘ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ පෙත්සම් විභාගය සිදුකරන ආකාරය හා ලැබෙන තීන්දුව ගැන කල්තියා ප්‍රකාශ කරමින් අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව නඩුවක් ගොනු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (22) පැවසිය. 22 November 2018
දරුවා නළවා නොගත්තැයි 11 හැවිරිදි දැරියකට හිරමණයෙන් ගහලා හඬන දරුවා නළවා නොගත්තේ යැයි උරණ වූ ගෙහිමි කාන්තාවක් 11හැවිරිදි පාසල් දැරියකට හිරමණයකින් පහර දී තුවාල සිදු කර ඇතැයි කිරුලපන පොලිසිය පවසයි. 22 November 2018
‘කරුණු හරි හැටි නොදැන කතා කරන්න එපා‘ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අනෙකුත් අධිකරණවල විභාග වන නඩු සම්බන්ධව නිසි පරිදි කරුණු නොදැන ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටින ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට අද(22) උපදෙස් දුන්නේය. 22 November 2018
පොලිස් පරීක්ෂක ඉවත් කළේ ජනපති නොවන බව දයාසිරි කියයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා එම දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසින් නොවන දයාසිරි ජයසේකර මහතා පැවසීය. 22 November 2018
ගෝලීය උණුසුම පාලනය කරගන්න උනන්දුව මදි ගෝලීය උණුසුම පාලනය කිරීම සඳහා ලෝකය වේගයෙන් ගමන් නොකරන බව එක්සත් ජාතීන්ගේ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පැවසුවේය. 22 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026