(ඉන්දිකා රාමනායක සහ රොමේෂ් මධුෂංක)
පුපුරණ ද්‍රව්‍ය සවිකළ වාහන 20 ක් දකුණේ සිට උතුරට පැමිණ ඇති බවට බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇති හෙයින් උතුරට ඇතුළුවන සහ පිටවන සියලු වාහන දැඩි පරීක්ෂාවකට ලක්කරන බව හමුදාව පවසයි.
මෙම වාහන බොහොමයක් පාස්කු දින මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කර මියගිය ත‍්‍රස්තවාදියකුගේ නමින් ලියාපදිංචි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව උසස් හමුදා නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම වාහන අතර යතුරු පැදි 12 ක්, වෑන් රථය දෙකක්, කැබ් රථය දෙකක්, ති‍්‍රරෝද රථයක්, ඩිමෝ බට්ටා ලොරියක්, මෝටර් රථ දෙකක් ඇතුළත් බව එම හමුදා නිලධාරියා කීය.
බුද්ධි අංශ තොරතුරු අනුව මෙම වාහන අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මාර්ග බාධක 4ක් ස්ථාපිත කර ඇති බවද එම උසස් හමුදා නිලධාරියා කියා සිටියේය.
වව්නියාව නගරයේ, හොරොව්පතාන මාර්ගයේ, තාන්ඩිකුලම් ප‍්‍රදේශයේ, ඉරට්ටපෙරියකුලම් යන ප‍්‍රදේශවල මෙම මාර්ග බාධක ස්ථාපිත කර ඇති බව හමුදාව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සැකසහිත වාහන 20 අංක සහිත දැන්වීම් මහජනයාට දැන ගැනීම පිණිස ඇතැම් මාර්ගවල ප‍්‍රදර්ශනය කර ඇති බවද ආරක්ෂක අංශ කියයි.



(ඡායාරූප - රොමේෂ් මධුෂංක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ සංහිදියාව නිසා රටකට කර ගත්ත විනාශයක්..විදේශ රටවලට හොද හිත පෙන්නන්න ගිහින් ලංකාවේ මිනිසුන්ට එදා වේල කන්න හොයා ගන්න බැරි තරමට රටේ ආරක්ෂාව විනාශ කරා
තත්ත්වය ඉතා බරපතලයි නේද ? පාලනයේ ඉන්න දේශපාලකයින් තම පෞද්ගලික වාසි සහ න්‍යාය පත් වෙනුවෙන් රටේ ආරක්ෂාව තව තවත් අනතුරේ නොදමයි කියා හිතනවා. තමා බලයේ සිටින එක නෙවෙයි ප්‍රශ්නය.
දැන් ඔය පාරෙන්ම ඒවි, අනේ මෙහෙමත් තොරතුරු දෙනවද බුද්ධි අංශ
අපේ රණවිරුවන් හරිම අසරණයි. ඕනෑම දෙකට මුණ දෙන්න එඩිතරයි. තමන්ගේ ආරක්ෂාවත් බලා ගන්න. සැක වාහන නතර කරලා ඒවා ඇතුලට එක පාරට ඔලුව දමලා පරීක්‍ෂා කරන්න එපා. සියලුම දෙනාට වාහනයෙන් බහින්න කියන්න. අත් දෙක උඩට ඔසවා ඔවුන්ව පළමුව පරික්ෂ කර පසුව වාහනය සෝදිසි කරන්න. පාස්කු ඉරිදා සිට කරන.මෙහෙයුමේදී කිසිම ප්‍රභූ කෙනෙක් දැක්කේ නැහැ රවිරුවන් සමග යනවා මෙහෙයුම් වලට. නමුත් කතාව දෝලාවේන් ,මේ සටන ඉවරවූ බව දැනගත්තම් මහපොළොව ඉඹලා මමයි මෙය නතර කෙරුවේ කියල කියන කෙනා බලමු.
තුර්කියේ ෆ්ට්තුල්ලා සංවිධානයේ ත්‍රස්තවාදීන් 50 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කොළඹ තුර්කි තානාපති කාර්යාලය මඟින් රජයට දන්වා ඇති බව අද දැනගන්නට ලැබුනා.
අන්තවාදීන් සහ පුපුරන ද්‍රව්‍ය සඟවා ඇති ස්ථාන පිළිබඳව ඔත්තු සපයන සාමය අගයන ලේබ්බේලාට සාමය අගයන ජනතාවගේ ප්‍රසාදය හිමිවෙනවාමයි.
මෙසේ පරික්ශා කිරිමට මාර්ග බාධක හා ආරක්ෂක අංශ ක්‍රියාත්මක වන ස්ථාන මාධ්‍යය තුලින් ප්‍රසිද්දියට පත්කිරීම හොද දෙයක් නොවේ. එවිට ත්‍රස්තවාදීන් විකල්ප මාර්ග හො වෙනත් මාර්ග තෝරා ගමන් කිරිමට ඉඩ ඇත. ආරක්ෂක අංශයෙ මෙවැනි කටයුතු ප්‍රසිද්ද නොකරන්න. මේ අවස්තාවෙ අප කලයුත්තේ උපරිම සහයෝගය ඔවුන්ට ලබාදිමයි..
ඒක නම් ඉතාම හොඳ දෙයක්.
දැන් ඉතින් යු-ටර්න් එකක් ගහලා දකුණටම ඒවි.