ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් පත්වීමට නියමිතය.
වසර 232 ක ඉතිහාසයක් ඇති මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට පත්වූ පළමු වැනි බ්‍රිතාන්‍ය නොවන ජාතිකයා කුමාර් සංගක්කාරය.
සංගක්කාර මහතා ඔක්තෝබර් මස 1 වැනිදා සිය තනතුරේ වැඩ බාරගැනීමට නියමිතය.
මැයි මස 1 වැනිදා (ඊයේ) පැවැති මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයේ වාර්ෂික මහ සභා රැස්වීමේදී වත්මන් සභාපති ඇන්තනි රෙෆර්ඩ් මහතා විසින් කුමාර් සංගක්කාර මහතා කී‍්‍රඩා සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් නිවේදනය කරන ලදි.
කි‍්‍රකට් කී‍්‍රඩාවේ නීති රීති සම්පාදකයන් පමණක් නොව, කි‍්‍රකට් සම්ප‍්‍රදායේ නිර්මාතෘවරුන් සේ සැලකෙන මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජය (එම්.සී.සී) සමඟ කුමාර් සංගක්කාර මහතා දිගින් දිගටම සම්බන්ධව සිටියේය.
කි‍්‍රකට් කී‍්‍රඩාවේ නිරතව සිටියදී පවා (වසර 2011 දී) කොලින් කවුඩ්රි අනුස්මරණ දේශනයට කරමින් ශී‍්‍ර ලංකාවටත්, ලෝඩ්ස් කී‍්‍රඩාංගණයට මෙන්ම මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයටත් ලෝ පතළ කීර්තියක් අත්කර දුන් සංගක්කාර මහතා 2012 වසරේ සිට එම කී‍්‍රඩා සමාජයේ යාවජීව සාමාජිකයකු ලෙස පිළි ගැණිනි.
එම වසරේදීම මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජයේ ලෝක කි‍්‍රකට් කමිටුවට එක්වූ සංගක්කාර මහතා දැනටත් එහි ප‍්‍රබල සාමාජිකයෙකි.
මාර්ලිබෝන් කි‍්‍රකට් සමාජය සහ සංගක්කාර අතර ඇත්තේ දිගු සම්බන්ධතාවකි.
වසර 2002 දී එංගලන්තයේ සංචාරය කළ ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ සංගක්කාර එම්.සී.සී. පිලට එරෙහිව චෙස්ටර්ෆීල්ඩ් හිදී කී‍්‍රඩා කළේය. පසුව 2005 දී පැවැති සුනාමි ආධාර තරගයකදී අන්තර්ජාතික කණ්ඩායමට එරෙහිව සංගක්කාර එම්.සී.සී. පිල වෙනුවෙන් කී‍්‍රඩා කළේය.
මෙම තරගයේදී ලද ආධාර මුදල් ශී‍්‍ර ලංකාවේ විශිෂ්ටයන් සඳහා වන එම්.සී.සී. මධ්‍යස්ථානය ඉදිකිරීමට ගුණ-ජය-සතුට පදනමට පරිත්‍යාග කෙරිණි. මෙම මධ්‍යස්ථානය සීනිගමදී ඉදිකරන ලදි.
”එම්.සී.සී. කී‍්‍රඩා සමාජයේ මීළඟ සභාපතිවරයා වශයෙන් නම්කරනු ලැබීම අති විශාල ගෞරවයක්. මම ඒ අවස්ථාව ලැබෙනකම් බලාගෙන ඉන්නවා. මම හිතන විදිහට නම් එම්.සී.සී. කියන්නේ ලෝකයේ තියෙන විශිෂ්ටතම කී‍්‍රඩා සමාජයයි. ලෝකය පුරාම සිටින දෙනා ඒ දෙස බලා සිටිනවා වගේම කි‍්‍රකට් කී‍්‍රඩාවේදී සහ ඉන් පිටතදීත් එම්.සී.සී. කී‍්‍රඩා සමාජය අත්කරගෙන තිබෙන ප‍්‍රගතිය අති විශාලයි”
”කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් 2020 ඉතාමත් වැදගත් වසරක් වේවි. විශේෂයෙන්ම ලෝඩ්ස්හිදී. එම්.සී.සී. සභාපතිවරයා වශයෙන් ඒ සඳහා කිසියම් දායකත්වයක් දැක්වීමට ලැබීම පිළිබඳ මට ඇත්තේ අති විශාල සතුටක්” යයිද කුමාර් සංගක්කාර පැවසීය.
ලෝඩ්ස් කී‍්‍රඩාංගණයේ නම රැන්දූ කී‍්‍රඩකයන්ගේ නාමපුවරුවට සංගක්කාර දෙවතාවක්ම ඇතුළත් වූයේය. 2014 දී ලෝඩ්ස් පිටියේ පැවැති ටෙස්ට් තරගයේදී ලකුණු 147 ක් ලබාගත් සංගක්කාර පසුව පැවැති එක්දින තරගයකදී එංගලන්තයට එරෙහිව ලකුණු 112 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම ජයග‍්‍රහණය කරා කැඳවාගෙන ගියේය.
එම්.සී.සී. සභාපතිවරයා වශයෙන් මේ වසරේ ඔක්තෝබර් 1 වැනිදා වැඩ බාරගන්නා සංගක්කාර මහතාගේ ධූර කාලය 2020 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වේ. ලබන වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලි දෙකකදී පාකිස්තානයට සහ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් තරග දෙකක් ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතය.
”කී‍්‍රඩා සමාජයක් හැටියට අපගේ සීමා මායිම් වඩාත් පුළුල් කරන්නත්, අන්තර්ජාතික කීර්තිනාමය වගා කරන්නත් බලාපොරොත්තු වන අවස්ථාවක, කුමාර් මෙම ආරාධනාව බාරගත්ත එක ගැන මා ඉතාම සතුටට පත්වෙනවා. එම්.සී.සී මීළඟ සභාපතිවරයා වීමේ ආරාධනාව ඔහු බාරගත්තේ මේ වසරේ ජනවාරි මාසයේදී” යයි පැවසූ මාර්ලිබෝන් කී‍්‍රඩා සමාජයේ වත්මන් සභාපති ඇන්තනි රෙෆර්ඩ් මහතා....
”කි‍්‍රකට් පිටියේදී වගේම එයින් පිටතදීත් ඔහු අති විශිෂ්ට තැනැත්තෙක්. ඔහු මේ කී‍්‍රඩා සමාජය වෙනුවෙනුත් විශිෂ්ට දෙයක් කරාවි. ලෝක කුසලාන තරගාවලිය වගේම අළු බඳුන තරගාවලියත් පැවැත්වෙන වර්ෂයේදී මීළඟ සභාපති තනතුරට නම්කරන ලද තැනැත්තා වශයෙන් ඔහු ලොකු දෙයක් කරාවි” යයි ද පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු එංගලන්තයට ඉතා සුදුසු මනුෂ්‍යයෙකි
උණුසුම් සුභ පැතුම්. මහත්මා ගති ඇති ඔබට වරදින්නේ නැත. ලංකා ක්‍රිකට් වලට පාඩුවක් නමුත් ලංකාවට ආඩම්බරයක්.
උණුසුම් සුභ පැතුම්....!!!!
ඔබට මගෙන් හදවතින්ම උණුසුම් සුබ පැතුම්.
සුදුස්සාට සුදුසු තැන දෙන්න සුද්දෝ කොහොමත් කැමති මාගේ උණුසුම් සුබ පැතුම් සංගාට පුද කරමි
උණුසුම් සුභ පැතුම්!!! ක්‍රිකට් වලට ඉතා සුදුසු, මහත්මා ගති ඇති ඔබට වරදින්නේ නැත. ලංකාවට ආඩම්බරයක්.
එහෙ ඕන දෙයක්. හැබැයි මෙහේ බෑ. කලු සුද්දන්ට වැඩ බෑ කියල ඔප්පු කරල ඉවරයි.
ලොව ක්‍රිකට් ක්‍රීඩාවේ "මහගෙදර" සංගක්කාර මහතාට බාරවීම පිළිබඳව අහිංසක ආඩම්බරයක් හදවතට නොදැනෙන ශ්‍රී ලාංකිකයෙක් වේනම් එය ඉතාම දුර්ලභ දෙයක් විය යුතුය. පසුගිය කාලයේදී එතුමා ලංකාවේ ජරා ජීර්ණ දේශපාලනයට ඇද ගන්නට බොහෝදෙනා කැස කවනු අපි දුටුවෙමු. සංගක්කාර මහතා ඊට වඩා වැදගත්, තමන්ගේ තරම සහ වගකීම හොඳින් හඳුනාගත් පරිනත බුධි මතෙකු බව එවැනි උගුලකට අසුනොවිමෙන්ම පෙන්නා දී ඇති බවද කිවයුතුය. ලොව වටා ක්‍රිකට් ක්‍රීඩාව තවදුරටත් ප්රවර්ධනක කිරීමටත්, ජනප්‍රිය කිරීමටත්, අලුත් රටවලට හඳුන්වා දීමටත් එතුමා අතින් විශාල කාර්ය භාරයක් ඉටුවෙනු නොඅනුමානය.එතුමාට සුභ පතමු.