(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොල්ලුපිටිය මුහුදු මාවතේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිසැලකින් රුපියල් ලක්ෂ 50ක දියමන්තියක් සොරාගෙන මෙරටින් පලායාමට උත්සාහ කළ චීන ජාතිකයකු අද(02) කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය පවසයි.
ඉකුත් 30 වැනි දින මෙරටට පැමිණ තිබූ සැකකාර චීන ජාතිකයා දියමන්තිය මිලදී ගැනීමේ මුවාවෙන් මෙම අලෙවිසැලට ගොස් සූක්ෂ්මව ඔහු සතුව තිබූ දියමන්තිය හා සමාන හැඩැති වීදුරු කැබැල්ලක් සේවකයා අතට පත්කර දියමන්තිය සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.
එම සොරකම අලෙවිසැලෙහි තිබූ සීසීටීවී කැමරාවේ ද සටහන්ව තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් චීන ජාතික සැකකරු හෙට (03) මෙරටින් පිටවීමට නියමිතව තිබිණි.
සැකකරු අද(02) මෙරටින් පිටවී යාමට උත්සාහ දරා ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී ඇති බවද පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd