(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය පරන්තන් මන්සන්ධියේ අතුරු මාර්ගයක කසළ ගොඩක දමා ගොස් තිබූ කාලතුවක්කු උණ්ඩයක් යුද හමුදාව විසින් ආරක්ෂිතව පුපුරවා හැර ඇත.
යුද හමුදා සෝදිසි පරීක්ෂාවක් අතරතුරදී මෙම කාලතුවක්කු උණ්ඩය තිබී හමු වී තිබිණි.
එම උණ්ඩය පැරණි තත්වයේ පැවතීම හේතුවෙන් එය යුද හමුදා නිලධාරීන් විසින් ආරක්ෂිත ස්ථානයකදී පුපුරවා හැරීමට පියවර ගනු ලැබිණි.
පවතින වාතාවරණය අනුව කාලතුවක්කු උණ්ඩය කිසියම් පුද්ගලයෙකු විසින් එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට යුද හමුදාව සැක පළ කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇගිලි සලකුණු ලබා ගත්තේනම් පසුව හෝ මෙම බෝම්බය ගෙනාවේ කව්රුන්ද වග දැන ගැනීමට පහසු වේ .