පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් චීන ජාතික විද්‍යාඥයන් සිවුදෙනකු මියගොස් ඇතැයි කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.
එලෙස මියගොස් ඇත්තේ පර්යේෂණ කටයුත්තක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන විද්‍යා ඇකඩමියේ විද්‍යාඥයන් සිවුදෙනකු යැයි ද චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.
ඥාතීන් එම චීන ජාතිකයන් සිවුදෙනාගේ මළ සිරුරු හඳුනාගත් බව ද තානාපති කාර්යාලය පවසයි.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවෙන් චීන විද්‍යා ඇකඩමියේ තවත් සාමාජිකයන් පස් දෙනකු තුවාල ලැබූ බවත් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් චීනයට යැවූ බවත් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.
ත්‍රස්තවාදී ක්‍රියා දැඩි ලෙස හෙළා දකින බවත් චීන ජාතිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දුන් සහයෝගයට කෘතඥ වන බවත් චීන තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.
ග්ලෝබල් ටයිම්ස් ඇසුරිනි
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලා මෙහෙ ඇවිත් කරන පර්යේෂණ ගැන නම් පොඩි කුකුසක් තියෙනවා . හීතල යුද්ධෙ කාලේ ඇමරිකාව , රුසියාව මේ වගේ පර්යේෂණ කණ්ඩායම් එවුවා ලෝකෙ පුරාම .