(සිතුම් චතුරංග)
මන්නාරම, පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේ නිවසක සඟවා තිබූ ලියාපදිංචි නොකළ ඩ්‍රෝන කැමරාවක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය පවසයි.
පොලිසිය ලද බුද්ධි තොරතුරකට අනුව මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදී සැකකරු හා ඩ්‍රෝන කැමරාව අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
මෙම ඩ්‍රෝන කැමරාවෙහි බැටරි තුනක් ද සොයාගෙන ඇත.
මෙම ඩ්‍රෝන කැමරාව කුමක් අරමුණින් රැගෙන ආවේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බව පොලිසිය පවසයි.
පසුගිය 28 වැනිදා පේසාලේ නාවික හමුදා කඳවුර ඩෝන කැමරාවකින් වීඩියෝගත කර ඇති අතර නාවික හමුදා නිලධාරීන් වෙඩිතැබීමේදී ඩ්‍රෝන කැමරාව අතුරුදහන්ව තිබුණි. මෙම ඩ්‍රෝන කැමරාව පේසාලේ නාවික හමුදා කඳවුර අවට වීඩියෝ කිරීමට යොදාගත්තේද යන්න පිළිබඳව සොයා වැඩිදුර විමර්ශන පවත්වන බව පොලිසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd