(අංජුල මහීක වීරරත්න)
ආගමන විගමන දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව යන ආයතන දෙකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ පරිගණක මෘදුකාංග ඔස්සේ සම්බන්ධ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීන්දුව ක්‍රියාත්මක නොකිරීම ගැන කරුණු දක්වන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (2) උපදෙස් දුන්නේය.
ආරක්ෂක විධිවිධාන යටතේ දත්ත ගබඩා ඒකරාශී කිරීමේ ක්‍රමවේදය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී මේ වන විට මාස කිහිපයක් ගතව පවතියි.
අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අනුව ඉහත ආයතන දෙකෙහි දත්ත ගබඩා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා සම්බන්ධ කර තිබුණේ නම් අයිඑස්අයිඑස් ප්‍රහාරය එල්ල කළ ත්රස්තවාදීන්ගේ තොරතුරු ඉතාම නිරවුල්ව කලින්ම දැනගැනීමට තිබුණේ යැයි ද ආරක්ෂක අංශ අගමැතිවරයාට ඉදිරිපත් කළ වාර්තාවක දැක්වේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හා රේගුවේ ඇතැම් නිලධාරීන් අතර වූ කඹ ඇදිල්ලක් හේතුවෙන් දත්ත දෙපාර්තමේන්තු අතර සහසම්බන්ධ නොකිරීම නිසා අග්‍රාමාත්‍යවරයා ඉහත නියෝගය දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා හිතාගන ඉන්නේ මෘදුකාංග කියන්නේ නිකන් ප්ලග් එක ගහපු ගමන් කනෙක්ට් වෙන එකක් කියලා....
ලංකාවේ ආරක්ෂක අංශ "ආරක්ෂක දත්ත පද්ධතියක්" හුවමරුකරගැනීමට මැලිකමක් දක්වන්නේනම් සිංගප්පුරුව වැනි ආරක්ෂාව සහ නිතිය තදින්ම ක්‍රියාකරන රටක ඔවුන්ගේ ආරක්ෂක අංශ තොරතුරු හුවමාරු කරගන්නේ කෙසේද කියා සොයාබැලීම වටිනේය. ඒවගේම ලංකාවේ සිටින දක්ෂ අවංක පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ඉන්ටෙර්පොල් ආයතනයේ පුහුණුවකින් පසු එම ආයතනයට අනුයුක්ත කරවා ලංකාවේ සේවයේ යෙදවීමට හැකියාව තිබියදි සොයාබැලිය යුතුය. නමුත් ජාත්‍යන්තර ආරක්ෂක බුද්ධි සේවය සමග ඉදිරියේදී ලංකාවට කටයුතු කිරීමට සිදුවනු ඇත
ඔය පාස්පෝට් චෙක් කරන ආගමන විගමන දෙපාර්තමේන්තු සේවකයො ඩොලර් විස්සක් තිහක් පාස්පෝට් එක ඇතුලේ තියල දුන්නම ඕනෑම ත්‍රස්තවාදියෙක්ව රටට වැද්දගන්නවා. ලංකාවේ දූෂිතම ආයතනවලින් එකක්. ඔතන වැඩ හරියට වෙන්නනම් බන්ධනාගාරේ වගේම ඕකත් සුද්ද කරන්න වෙනවා.
යකෝ ...නම්ගම් සියල්ලු තොරතුරු සමග ලියුමක් ඇවිල්ලත් නතර කරගන්න බැරි වුණ එක .. මේ තුන එකට කලානම් ප්‍රහාරය එල්ල කළ ත්රස්තවාදීන්ගේ තොරතුරු ඉතාම නිරවුල්ව කලින්ම දැනගැනීමට තිබුණාලු