(නිමල කොඩිතුවක්කු)
විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ දෙවන වාරය සදහා සියලු පාසල් ලබන සදුදා (06) විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී පැවැසීය.
මේ වනවිට පාසල් සඳහා අවශ්‍ය ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් ආරක්ෂක අංශවල නිර්දේශ මත පාසල් පවත්වාගෙන යන ලෙසට විදුහල්පතිවරුන් ඇතුළු නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
කතෝලික පාසල් ආරම්භ කිරීමේ දිනය පිළිබඳ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද කොළඹ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවැසීය.
පාසල් ආරම්භ කිරීමෙන් පසුවත් ආරක්ෂක අංශ, පාසල් සංවර්ධන කමිටු, දෙමවුපියන් සම්බන්ධ කරමින් ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අකිල විරාජ් කාරියවසම් මහතා එහිදි පැවැසීය.
එමෙන්ම පාසැල්වලට ළමුන් ප්‍රවාහනය කිරීමේදී ද ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන සංගම් සමඟ සාකච්ඡා කර ඇති බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
අලූත් අවුරුදු නිවාඩුවෙන් පසුව පසුගිය 22 වනදා පැසැල් ආරම්භ කිරීමට නියමිතව තිබුනද පසුගිය 21 වනදා එල්ල වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් පාසල් ආරම්භ කිරීම ආරක්ෂක හේතූන් මත 06 වනදා දක්වා කල් දැමිනි.
එම දිනයන්හීදී අතපසුවූ විෂය නිර්දේශ ආවරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධ්‍යාපන බලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇති බවත් පැවැසූ අමාත්‍යවරයා අවශ්‍යනම් අගෝස්තු නිවාඩුව අඩු කරමින් හෝ සෙනසුරාදා දිනයන්හි පාසල් පැවැත්වීමෙන් එම කටයුතු ආවරණය කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.

(ඡායාරූපය - ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙමාපියන්ටද පාසල් යන්න වරම්.
මම වෛද්‍යවරියක්, රජයේ පාසලකට යන දරුවෝ දෙන්නෙක්ගේ මවක්. වගකීමකින් පවසන්නේ, දෙමවුපියන් සම්බන්ධ කරමින් ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාත්මක කරන බව අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවාට අද වෙනකම් කිසිම ආරක්ෂක වැඩ පිළිවලක් සම්බන්දව අපව සම්බන්ද කරගෙන හෝ දැනුවත් කර නැත. කතෝලික පාසල් වසා තබා, අනෙක් පාසල ආරම්භ කල විට ඒ පාසැල් යන දරුවන්ගේ ආරක්ෂාව අඩු වනවා මිස ආරක්ෂාව වැඩි නොවේ. දරුවන්ගේ අධ්‍යාපනයට වඩා ඔවුන්ගේ ජීවිතය අපිට වටිනා නිසා රජයේ සියලු පාසල් එකම දිනක අරම්භ කරන්න කටයුතු සලසන්න. අපේ අහිංසක දරුවෝ ඔයාලගේ දේශපාලනයේ ඉත්තෝ කරගන්න එපා
තාමත් රටේ ආරක්ෂාව 100% තහවුරු වී නොමැති බැවින්, පාසල් නිවාඩුව දීර්ඝ කරන්න.
එතකොට බෞද්ධ පාසල් ආරම්භ කරන්න භික්ෂූන් වහන්සේලා සමඟ සාකච්ඡා කරන් නැද්ද
වෙසක් වැඩසටහන් තහනම් කර තිබෙනවා. මැයි දින රැලි පැවැත්තුවේ නෑ. ඒ රට අනාරක්ෂිත නිසයි. තවම රට පුරා අවි ආයුධ හම්බවෙනවා.. තවත් ප්‍රහාර එල්ල වෙන්න පුලුවන් කියලා බුද්ධි අංශ කියනවා. ළමයින්ගේ ජීවිත විතරක් අනාරක්ශිත තත්ත්වයකට ඇදලා දාන්නෙ ඇයි. අතපහු වුන පාඩම් ආයෙත් කරන්න පුලුවන්. ඒත් එකම ළමයෙක්ගෙ හරි ජීවිතයට හානියක් උනොත් ඒක ආයෙත් හරවන්න පුලුවන්ද.. අනික දැන දැන.
අපිට රැකියාව කරන්න වෙන්නේ නෑ...... මුර කරන කෙනා දෙන්නේ රජයෙන්ද?
බොරු කියලා අමාරුවේ වැටෙන්න එපා.....
ඔයාල කියන කිසිදෙයක් අපි විශ්වාස කරන්නේ නැහැ ඇමතිතුමෝ!!!!!!
කෝ අප්පා අර 2015 දී "යුද්ධ කාලේ බෝම්බ පිපුරුමවත් අපි රස්සාවට ගියා, ඉස්කෝලේ ගියා , ඔක්කොම වැඩ කොරා " කිය කිය උඩ පැනපු පරපුර, ක්‍රියාකාරීන් එක්ක එන්ජීඕ නඩේ . අන්න ඒ අයව ගත්ත නං හරි ඉස්කෝල මුර කරන්න.
වගකීමක් බාරගන්නේ නැති දේශපාලකයෝ ඉන්න රටක . ඕනෙම දෙයක් කරලා , මම දන්නේ නැත , මට මතක නැත , මම නොවේ අරයා කියල දේශපාලුවන්ට වගකීමෙන් බේරෙන්න පුළුවන් රටක. මෙයාටත් මොනවා වුනත් ප්‍රශ්නයක් නැත , පාසල් ළමුන්ට මොනවා හරි සිදු වුවහොත් අමාත්‍ය අංශය ටික කලකට මාරු කරගෙන ආයෙමත් අධ්‍යාපන ඇමති වෙලා , "පාසැල් නැවත ඇරබීම ඇමතිගේ වගකීම වන අතර දරුවන්ව පාසැලට එවපු එක දෙමාපියන්ගේ සම්පුර්ණ වගකීම කියල" ඇග බේරගන්න විදිහ මට මැවිල වගේ පේනවා - මීට තාත්තා
විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය ට ආරක්ෂක කටයුතු ගැන තිබෙන දැනුම කුමක් ද? දරුවන් බිල්ලට දෙන්න එපා!
රාමසාන් නිසා මුස්ලිම් පාසල් නම් ජුනි දක්වා වසා ඇත........... අපි මොකද කරන්නේ ?
අර දෙනවායි කියපු ටැබ් හැම ළමයෙකුටම දුන්නානම් ටීචර්ලට ගෙදර ඉදලම ළමයින්ට උගන්නන්ඩ තිබුණානේ නේද?
දරුවන් යනු රටේ අනාගතයයි. මේ පාලකයින් ගැන සත පහක විශ්වාසයක් නෑ රටට. ආරක්ෂාව තදින්ම තහවුරු බව ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය තහවුරු කරන තුරු පාසල් ආරම්භ කිරීමෙන් වලකින්න. පුයර බබාලගෙ බල තණ්හාව වගේ නෙවෙයි දරුවන්ගේ ආරක්ෂාව.