(තිළිණි ද සිල්වා)
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ලබන 21 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීන්දු කරන ලදී.
පෙත්සම අද (03) බුවනෙක අලුවිහාරේ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවුණි.
එහිදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත්තේ පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් තමන් තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.
එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 21 වනදා කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කරන ලදී.
බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරිදා දින කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීම තුළින් හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩ කර ඇති බවට චෝදනා කරමින් අදාල පෙත්සම ගොනුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පෙත්සම ගොනුකළ නාගනන්ද කොඩිතුවක්කු මහතා ගැන සඳහනක් නැත්තේ ඇයි?
පොලිස්පතිවරයා වගඋත්තරකරුවෙක් නම් ඒ වටයෙත් වගඋත්තරකරුවෙක් වෙනවා.