(රොමේෂ් මධුෂංඛ)
මුදල් නෝට්ටු වලට ව්‍යාජ මුදල් නොට්ටු මාරු කිරීමේ ජාවාරමක් වටලා රුපියල් දෙලක්ෂ එක්දහසක ව්‍යාජ මුදල් නොට්ටු සමඟ සැකකරුවෙකු කිලිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේදී අද (03) අත්අඩංගුවට ගත් බවට කිලිනෝචිය දිසා දූෂණ මර්ධන අංශය පවසයි.
කිලිනොච්චිය දිසා දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව කනකපුරම් දුම්රිය මාර්ගය අසළදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුගේ කලිසම් සාක්කුවල තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 40 ක් සහ රුපියල් 500 ව්‍යාජ මුදල් නෝට්ටු 2 ක් හමු වී ඇත.
සැකකරු ඉන්දන පිරවුම්හල්, වෙළඳසැල් අසළ හා මත්පැන් අලෙවි ස්ථානවල සැරිසරා හොඳ මුදල් නොට්ටුවලට ව්‍යාජ මුදල් නොට්ටු මාරු කිරීම සිදු කැ ඇති බවට දිසා දූෂණ මර්ධන අංශය විසින් අනාවරණය කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය කෝනාවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අද දිනයේදී කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිස් දිසා දූෂණ මර්ධන අංශය විසින් පියවර ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි.., ඒ නෝට්ටු මාරුකරන මිනිහා ඇල්ලුවා කියමුකෝ... ප්ලෑන් කරපු මහ මොලකාරයා කෝ?