ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් වැඩි කෙරේ ශ්‍රී ලංකාව හා රුසියාව අතර ගුවන් ගමන් වැඩි කිරීමට තීරණය කර ඇතැයි මොස්කව් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ. 26 November 2018
කෘෂිකර්මාන්තයට ලබාදුන් බදු විරාමයෙන් කිසිම සෙතක් නෑ රජය කෘෂිකර්මාන්තයට ලබාදුන් බදු විරාමයෙන් එම කර්මාන්තයේ නියතු වැඩිපිරිසකට කිසිදු සෙතක් නොවන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 26 November 2018
‘‘ප්රජාතන්ත්රවාදයට පයින් ගසා යන ගමන නතර කළ යුතුයි‘‘ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයට පයින් ගසා යන ගමන වහා නතර කළ යුතු බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (26) පැවැසීය. 26 November 2018
පොලිස් ලොක්කන්ගේ රැස්වීමේදී දේශපාලන කතා මුකුත් නෑ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් අද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති රැස්වීමේදී දේශපාලන කාරණා කිසිවක් සාකච්ඡා නොවූ බවත් පොලිසියේ ගැටලු සම්බන්ධයෙන් පමණක් සාකච්ඡා වූ බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 26 November 2018
පිටකොටුව ඇපල් තට්ටුවේ තරුණයා ඝාතනය කළ 4ක් අත්අඩංගුවට පිටකොටුව මධ්‍යම බස් නැවතුම් පොළ ඉදිරිපිට ඇති ඇපල් වෙළෙඳ සැලක සේවකයකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (26) පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. 26 November 2018
එජාපෙ රැස්වීමට වසන්ත සේනානායකත් එයි එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට වසන්ත සේනානායක මහතාත් පැමිණ සිටී. 26 November 2018
ජනපතිට දෝෂාභියෝගයක් නිසැකයි පාර්ලිමේන්තුවේ බහුතර හඬට ඇහුම්කන් නොදෙන්නේ නම් එක්සත් ජාතික පෙරමුණ නිසැකවම ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන බව කොළඹ දිස්ත්‍රික් එ.ජා.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ලංකාදීපයට කීය. මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා හැටියට තරඟ කර ජනාධිපති පුටුවට පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් තිදෙනෙකු ජීවිත පරිත්‍යාග කළ බව කී හෙතෙම ඔහුට තවදුරටත් ජනවාරි 8 ජනවරම ගැන කතා කිරීමට අයිතියක් නැති බව අවධාරණය කළේය. 26 November 2018
ආධුනික නාවිකයෝ 376 දෙනෙකු විසිර යති ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 233 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 376 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකර විසිර යාමේ පෙළපාලිය පූනෑව, ශ්‍රී ලංකා නාවික හමුදා ශික්ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේදී පැවැත්විණි. 26 November 2018
මහින්දගේ බහුතරය 29 පෙන්වනවා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට මන්ත්‍රීවරු 113 කගේ බහුතර බලයක් තිබෙන බව මේ මස 29 වැනිදා පාර්ලිමේන්තුවේදී පෙන්වන බව හිටපු රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා කොළඹදී අද (26) පැවැසීය. 26 November 2018
වෛද්‍ය සභාවට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කර තිබේ. 26 November 2018
කැස්බෑවේ රේස් පැද්ද තරුණයින්ට දඩ පිළියන්දල ජාලියගොඩ කැස්බෑව විකල්ප මාර්ගයේ අනතුරුදායක හා අපරික්ෂාකාරී ලෙස යතුරු පැදි පැදවලින් රේස් පැදීම යන චෝදනා වලට කැස්බෑව අධිකරණයේ හමුවේ වරද පිළිගත් යතුරුපැදිකරුවන් 32 නෙක්ට කැස්බෑව අතිරේක මහේස්ත්‍රාත් රුවින්දිකා මාරසිංහ මහත්මිය අද (26) 7, 37,000 ක දඩයක් නියම කළාය. 26 November 2018
තහනම් නියෝගය නොතකා කොටි සැමරුම් රැසක් හෙට නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න වැඩසටහන් සංවිධානය වී ඇති බව තොරතුරු ලැබී ඇතැයි යාපනය පොලිසිය පවසයි. 26 November 2018
නවසිලන්ත වෙරළතීරයේ මියගිය තල්මසුන් 145ක් නවසීලන්ත දූපතේ ස්ටුවට් වෙරළ තීරයේදී මියගිය තල්මසුන් 145කගේ සිරුරු හමුවී ඇත. 26 November 2018
‘අස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යෑමේ කිසිදු ප්‍රයෝජනයක් නැහැ‘ අස්ථාවර පාර්ලිමේන්තුවක් තවදුරටත් පවත්වාගෙන යෑමේ කිසිඳු ප්‍රයෝජනයක් නැති බැවින් ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහිකර ගැනීම සඳහා වහාම මහා මැතිවරණයක් පැවැත්විය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (26) පැවසීය. 26 November 2018
පාසල් වාරය අවසන් වුවත් පෙළපොත් හා ඇඳුම් බෙදා දී නෑ පාසල්වල තෙවැනි වාරය අවසන් වීමට ආසන්නව ඇතත් තවමත් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි බෙදා දීමේ කටයුතු අවසන් වී නැතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ගය පවසයි. 26 November 2018
තලේබාන් ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 20 ක් මරුට බටහිර ඇෆ්ගනිස්ථානයේදී තලේබාන් සංවිධානය එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් 20ක් මියගොස් ඇති බව ඇෆ්ගනිස්ථාන බලධාරීහු පවසති. බටහිර ෆාරා ප්‍රදේශයේ පොලිස් ආරක්ෂක කණ්ඩායමක් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇත. 26 November 2018
ඇමැතිවරුන්ගේ වියදම් කප්පාදු කිරීමේ යෝජනාවක් 30 වැනි දා පාර්ලිමේන්තුවට සියලුම ඇමැතිවරුන්ගේ වියදම් කප්පාදු කිරීම සඳහා ලබන 30 වැනිදා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. 26 November 2018
‘හෙට පාර්ලිමේන්තු යනවාද නැද්ද තීරණය පක්ෂ නායක රැස්වීමෙන් පසු‘ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි වන්නේද නැද්ද යන්න හෙට (27) පෙරවරුවේ පැවැත්වෙන ආණ්ඩුපක්ෂ කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරන බව කලූතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. 26 November 2018
කලුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම හෙට අත්හිටුවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ කළුතර කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් පානීය නළ ජලය බෙදාහරින ප්‍රදේශ රැසකට හෙට (27) පෙරවරු 8.30 සිට රාත්‍රී 11.30 තෙක් ජල සැපයුම අත්හිටුවන බව කළුතර ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු එල්. ඩී සමරනායක මහතා අද (26) පැවසීය. 26 November 2018
ඉතිරිකිරීමේ බැංකුවේ හිටපු සභාපතිට වසර 5ක අත්හිටවු සිර දඬුවම් හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමිපුරුෂයා වු ප්‍රදීප් සුරාජ් කාරියවසම් මහතා විසින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස සිටිමින් නිතී විරෝධි අයුරින් කොටස් මිලදී ගත්තේ යැයි කියන අල්ලස් නඩුවට අදාලව චෝදනා 4 කට වරදකරු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (26) දඩුවම් නියම කළේය. 26 November 2018
සමෘද්ධි නිලධාරින් ස්ථිර කිරීමට රජය ගත් තීරණය වැරදියි ග්රාමනිලධාරින් වෙනුවෙන් සේවා ව්‍යවස්ථාවක් ගෙන එමින් ඔවුන්ගේ වැටුප් සංශෝධනය කිරීමට හා සමෘද්ධි නිලධාරින් ගේ තනතුරු ස්ථිර කිරීමට රජය ගෙන ඇති තීරණය මෙවැනි සංක්‍රාන්ති ආණ්ඩු සමයක කිසිසේත්ම සිදු නොකළ යුත්තකැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි. 26 November 2018
පාර්ලිමේන්තුව විසුරුවාලීමට එරෙහි පෙත්සම විභාගයට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ මූලික පෙත්සම් විභාගයට සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට අගවිනිසුරුවරයා තීරණය කර ඇත. 26 November 2018
පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කර නොගත්තැයි උද්ඝෝෂණයක් 2019 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා තම දරුවන් හුංගම විජයබා ජාතික පාසලට ඇතුළත් කර නොගන්නේ යැයි කියමින් දරුවන් දහසය දෙනෙකුගේ මාපියන් පිරිස අද (26) එම විද්‍යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුහ. 26 November 2018
ජාතික කම්කරු නීති සමුළුව ඇරඹේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් සංවිධානය කළ ජාතික කම්කරු නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) කොළඹ ජයික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණි. 26 November 2018
ලලිත්- අනූෂ නඩුවේ ලිඛිත දේශන ගොනු කරන්නැයි නියෝග සිල් රෙදි නඩුවෙන් වැරදිකරු වී සිරදඬුවම් ලබා සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනා වලට අදාළ ලිඛිත දේශන ගොනු කරන්නැයි අභියාචනාධිකරණය අද (26) පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශවයන්ට නියම කරන ලදී. 26 November 2018
මට වුණ වැරැද්ද නිවැරදි කරන්නේ කවුද’යි ඥානසාර හිමියෝ අසති “මාව ඉතාම වැරදි චෝදනා යටතේ නිරපරාදේ සිරගත කරලා තියෙනවා. ඒක නිවරැදි කරන්නේ කවුද? නිවරැදි කරන්නේ කොහේදී ද? දැන් ඒක ගැන කියන්න තියෙන්නේ දෙවියන්ට පමණයි. කරුණාකරලා ඒක නිවරැදි කරන්න කටයුතු 26 November 2018
මාතර පාසල් සිසුවා ඝාතන සිද්ධියේ සැකකාර සිසුවා රිමාන්ඩ් මාතර ඇලවේල්ල පාරේ දී පිහියකින් ඇණ උසස් පෙළ සිසුවකු ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන 16 හැවිරිදි පාසල් සිසුවා ලබන 03 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (26) නියෝග කළාය. 26 November 2018
ඊජීප්තුවේ ප්‍රධාන විනිසුරු ඝාතකයින් 9 දෙනෙක්ට මරණ දඩුවම් වසර තුනකට පෙර කාර් බෝම්බ ප්‍රහාරයකින් ඊජිප්තුවේ ප්‍රධාන විනිසුරු හිෂාම් බැරකට් මහතා ඝාතනය කිරීම සම්බන්ධ වැරදිකරුවන් 9 දෙනෙක්ට එරට අධිකරණ මරණ දඩුවම නියමකර ඇත. 26 November 2018
වෙනත් පක්ෂ සමඟ සබඳතා ඇති වුවාට ඡන්දෙට එන්නේ සීනුව ලකුණින් ඉදිරියේදි පැවැත්වෙන මහමැතිවරණයකදී තම පක්ෂය ඉදිරිපත් වන්නේ සීනුව ලකුණින් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (26) පැවසීය. 26 November 2018
මාතර පිහි ඇනුම් සිද්ධියේ සැකකරු උසාවියට බාරවෙයි මාතර ඇලවේල්ල පාරේ දී උසස් පෙළ සිසුවකුට පිහියකින් ඇණ ඝාතනය කළැයි කියන ප්‍රධාන සැකකාර සිසුවා මීට ටික වේලාවකට පෙර නීතිඥයකු මගින් මාතර උසාවියට බාරවිය. 26 November 2018
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026